පුංචි දඟයන්ට සුදුසු හොඳම ප්‍රහසන (Comedy) චිත්‍රපටි 10ක්

කොරෝනා වසංගතයත් සමග නිවසට කොටුවූ කුඩා දරුවන්ගේ මානසික මට්ටම ගැන මෙම කාලසීමාවේදී දෙමවුපියන් ලෙස අප විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වනවා. පංති කාමරයෙන්, යහළු යෙහෙළියන්ගෙන් සහ කෙළිසෙල්ලමින් ඈත්වූ දරුවන් නිවස තුළ ඇතැම් විට ප්රකෝපකාරි ගති පැවතුම් පෙන්වනවා. ඔබේ දරුවා ආතතියට පත්ව ඇතිබව පෙන්නුම් කරනු ලබන එක් ලක්ෂණයක් විය හැකියි

 

අප කුමක්ද කළ යුත්තේ?

මෙම වසංගත කාලය තුළ දරුවන්ගේ මානසික තත්ත්වය යථා පරිදි පවත්වා ගැනීමට අපට ගත හැකි පියවරයන් ගැන අප මින් පෙර ලිපියකින් ඔබව දැනුවත් කරනු ලැබුවා. මෙම ලිපිය මගින් දරුවන්ගේ මනෝභාවයන් වෙනස් කිරීමට ක්ෂ්ණිකව උපකාරී වන හොඳම ප්රහසන චිත්රපටි 10ක් අපි ඔබට ඉදිරිපත් කරනවා. ඒවා නිපැදවූ කාලසීමාව කෙසේ වුවත් එයින් දරුවාට උසස් වින්දනයක් ලබාදෙනවා. එමෙන්ම ඔබටත් දරුවාටත් පවුලේ වේලාවේදී රසවිඳීමට හැකියාව ලැබෙනවා

සුරංගනා කතා, වීර කතා සහ කාටූන් චරිත අඩංගු චිත්රපටි මෙන්ම පවුලේ සැමට නැරඹිය හැකි ප්රහසන චිත්රපටි අතිශයින් විනෝදාත්මක වන අතර විනෝදාස්වාදයට අමතරව එමගින් ධනාත්මක පණිවිඩයන් සමාජගත කරනවා

නිවසට කොටුව ගතකරන මෙම කාලසීමාවේ පවුලේ සියල්ලන්ට සුපිරි සිනමා ආස්වාදයක් ලබාගැනිමට හැකි හොඳම ප්රහසන චිත්රපට 10ක් අපෙන්

 

1. Wonder Park 

ඇදහිය නොහැකි තරම් සුන්දර නිර්මාණශීලි අත්දැකීමක් ලබාදෙන Wonder Park චිත්රපටය 2019 වසරේ නිපදවීමක්. මිත්රශීලි සතුන් සහ කුඩා ජූනි සහ නොයෙකුත් සවාරි ඇති මෙම චිත්රපටය ඔබ දරුවාට නැරඹීමට ඉඩදිය යුතුම චිත්රපටයක්

 

2. Boss Baby

2017 වසරේදි නිපදවන ලද මෙම චිත්රපටය පවුලේ ආදරය ගැන කතාවක් වනවා. විශේෂයෙන් කුඩා සහෝදරයාගේ පැමිණීමෙන් වෙනස්වන කුඩා ටිමී නමැති දරුවකු වටා ගෙතී ඇති මෙම කතාන්දරය ඔබටත් ඔබේ දරුවන් අතර අන්‍යෝන්‍ය ආදරය ගැන හැඟීම වර්ධනයට උපකාරී කරගන්න පුළුවන්

 

3. Minions

2015 දී නිපදවන Minions මේ වනවිට තරමක් පැරණි නමුත් අදටත් දරුවන්ගේ ප්රියතම කාටුන් චරිතයක්. තම වර්ගයා සඳහා විශිෂ්ඨ නායකයකු සොයා යන ජීවින් තිදෙනෙකු වටා මෙය ගෙතී තිබෙනවා. ඔවුන්ගේ ප්රිය උපදවන පෙනුම සහ මානුෂීය හැඟීම නිසා මෙම කාටූන් චරිත තවමත් කුඩා දරුවන් අතර ඉතාමත් ජනප්රිය වී තිබෙනවා

 

4. Baby’s Day Out

1994 දී නිකුත් වූ මෙම චිත්රපටිය තුළ මදක් සංවේදී මෙන්ම ඉතා හාස්යජනක කතාවක් අඩංගු වනවා. කෝටිපති යුවළකගෙ කුඩා දරුවකු පැහැරගත් පුද්ගලයින් තිදෙනෙකු සහ එම කුඩා දරුවා වටා කතාව ගෙතී තිබෙනවා. කෙතරම් පැරණි උනත් තවමත් ලොකු කුඩා සියළු දෙනා අතර මෙය එකසේ ජනප්රියයි. ඔබ අනිවාර්යෙන් ඔබගේ පවුලේ සිනමා රාත්රියට එක්කර ගත යුතුමයි.

 

5. Kung Fu Panda 3

විශිෂ්ඨ මකර සටන් පුහුණුකරුවකු වන මාස්ටර් පෝ වටා ගෙතී ගැති හාස්යයෙන් පිරුණු කතාමාලාවක් ලෙස Kung Fu Panda 3 සැලකෙනවා. ලොව පුරා කුඩා දරුවන්ගේ සිත්තුළ නොමැකෙන සටහන් තැබූ චිත්රපටියක් ලෙස 2016 දී නිකුත් වූ මෙම චිත්රපටිය සැලකෙනවා

 

6. Madagascar

Original Cinema Quad Poster – Movie Film Posters

2005 වසරේදී නිකුත් වු මෙම චිත්රපටිය නිව් යෝර්ක් නගරයේ සෙන්ට්රල් පාර්ක් උද්යානයේ සිටින ඇලෙක්ස් නමැති සිංහයකු සහ මිතුරු සතුන් වටා ගෙතී ඇති කතාවක්. සැපපහසු ජීවිතයක් ගතකරන ඔවුන්ගේ මිතුරකු වන සීබ්රාට උද්යානයෙන් පිටත ගවේෂණයට ඇතිවන ආසාවත් සමග උද්යානයෙන් පිටවන ඔවුන් මැඩගස්ගරය වෙත පැමිණෙනකාරය සහ ඔවුන්ගේ අත්දැකීම් කුඩා දරුවන්ට හාස්යජනක අත්දැකීමක් ගෙන දෙනවා

 

7. Zootopia

පොලිස් නිලධාරිනියකු වීමට දැඩි වුවමනාවක් ඇති ජූඩි හෝප්ස් නමැති හාවෙකුගේ කතාවක් වන මෙම චිත්රපටිය 2016 වසරේදි තිරගත වුවක්. ජූඩි හොප්ස් සහ නික් වයිල්ඩ් නමැති නරියකු හා එක්ව අපරාධ වළක්වා ගැනීමට කටයුතු කරන ආකාරය චිත්රපටිය පුරා හාස්යයෙන් යුක්තව ගලායනවා. ඔවුන් දෙදෙනා එක්ව ඔබගේ නිවස සිනා සාගරයක ගිල්වා දමාවි

 

8. Cloudy With A Chance of Meatballs

අසාර්ථක නව නිර්මාණ බිහිකරන්නකු වන ෆ්ලින්ට් ලොක්වුඩ් වටා ගෙතී ඇති මෙම කතාව ඉතා ජනප්රිය වූවක්. ඔහු නිර්මාණය කරන යන්ත්රයක් මගින් තමා ජීවත්වන නගරය බේරා ගැනීමට ඔහු උත්සාහ කරන අතර කතා කරන වඳුරු මිතුරා හා එක්ව ඔහුට එය කිරීමට හැකිවේද? හාස්යයෙන් පිරුණු මෙය ඉතා රසවත් චිත්රපටියක්

 

9. Wreck-It Ralph

යහපත් වීමට කැමති වීඩියෝ ගේම් දුෂ්ඨයකු වටා ගෙතී ඇති මෙම චිත්රපටිය 2012 වසරේදි තිරගත වුවත් වර්තමානය වනවිටත් කුඩා දරුවන අතර ඉතා ජනප්රියයි. රැල්ෆ් විසින් වැරදීමකින් මුදා හරින වෛරසයෙන් වන අනතුර වළක්වාගැනීමට ඔහුට හැකිවනවාද? ත්රාසය සහ ප්රහසනය එකට එක්වූ මෙය දරුවාට අලුත් අත්දැකීමක් ගෙන ඒවි

 

10. The Grinch

2018 වසරේදී නිකුත් වී ඇති මෙම චිත්රපටියේ ග්රින්ච් නමැති පක්ෂියා සහ සුරතල් මිතුරා වන මැක්ස් ප්රධාන චරිත වනවා. ග්රින්ච් විසින් අසල්වැසියන් උත්කර්ශවත්ව සැමරීමට සූදානම් වන නත්තල සොරා ගැනීමට දරණ උත්සාහය ඔබගේ කුඩා දරුවන් සිනා සාගරයක ගිල්වාවි

 

ප්රහසන චිත්රපටි මගින් ආතතිය දුරලන අතර සිනහව සෑම විටම ඔබේ දරුවාව ප්රබෝධමත් කරනවා. එමෙන්ම චිත්රපට නැරඹීම අඩු වියදමකින් පවුලේ සියලු දෙනා හට එක්ව සිටීමට හැකි හොඳ ක්රියාකාරකමක්. එමගින් හාස්යට අමතරව දරුවාට පවුලේ අය සමග ගැවසීමට, සහෝදර සහෝදරියන් අතර මතභේද දුරැලීමට මෙන්ම පවුලේ එකිනෙකා අතර සමගිය වර්ධනයට උපකාරි වන්නක්. එබැවින් සතියකට වරක්වත් නිවසේ සියලු දෙනා එක්වී ප්රහසන චිත්රපටියක් නැරඹීමට යොමුවන්න. එය නිවසට කොටු වී සිටින මෙම දුෂ්කර කාලසීමාව තුළ ඔබටත් ඔබගේ දරුවන්ටත් මානසික සහනයක් ගෙන ඒමට උපකාරි වනවා නොඅනුමානයි