ඔයාගේ දරුවන් සමඟ නැරඹිය හැකි ජීවිතයට ආදර්ශයක් ඇති චිත්‍රපටි 5 ක්

විශේෂයෙන් අවුරුදු 4-9 ත් අතර ළමයින් ඔවුන් වටා ඇති සෑම දෙයක්ම අත්විඳීමට අවශ්‍යයි. එළිමහන් / ගෘහස්ථ ක්‍රීඩා කිරීමට අමතරව රූපවාහිනී වැඩසටහන්, කාටූන් සහ චිත්‍රපට ගවේෂණය කිරීමට ද ඔවුන්ට නිදහස තියෙන්න ඕන.

ඒත් දෙමාපියන් විදියට අපි තිර කාලය සීමා කළ යුතුයි. කොහොම වුනත්, ඔයාගේ දරුවා රූපවාහිනිය නැරඹීමට උනන්දුවක් දක්වනවා නම්, ජීවිතයේ ප්‍රායෝගික කරුණු අවබෝධ කර ගැනීමේදී ප්‍රයෝජනවත් විය හැකි ළමා චිත්‍රපට නැරඹීමට ඔහුට / ඇයට ඉඩ නොදෙන්නෙ ඇයි? දරුවෙකුට නැරඹීමට වඩා සුදුසු චිත්‍රපට ලැයිස්තුවක් අද babyandme අපි ඔබ වෙතට රැගෙන ආවා.

මුලින්ම, ඔයා සම්පූර්ණ චිත්‍රපටය බලන්න ඕන, ඊටපස්සෙ ඒ චිත්‍රපටිය දරුවා එක්ක නැවත බලන්න ඕන, එතකොට චිත්‍රපටය නරඹන අතරතුර දරුවා අසන හැම ප්‍රශ්නෙකටම පිළිතුරු දෙන්න ඔයාට පුළුවන්.

 

1. Sniff

මෙය ගඳ සුවඳ නොදැනෙන දරුවෙකු නිරූපණය කරන සරල ළමා චිත්‍රපටයකි. පාසල් විද්‍යාගාරයේ හදිසි අනතුරක් සහ ඊළඟට සිදුවන දෙය අවධානය දිනා ගන්නවා විතරක් නෙවෙයි, මේ චිත්‍රපටයට පුදුම සහගත හා සිත්ගන්නා සුළු සිදුවීම් රාශියක් ඇතුළත්. මෙම චිත්‍රපටිය මගින් දරුවා අන් අය කෙරෙහි සංවේදනය වීමට ඉගෙන ගන්නවා. 

 

2. I Am Kalam

මෙය ආචාර්ය APJ Kalam ගෙන් පෙළඹවීමට ලක්වන දිළිඳු ළමා කම්කරුවෙකු වන Chhotu පිළිබඳ රසවත් ළමා චිත්‍රපටයකි. ඔහුට පාසැල් ගොස් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවශ්‍ය නමුත් ඔහුගේ දුප්පත්කම ඔහුට ඉඩ දෙන්නේ නැහැ. කොහොම වුණත්, ඔහුගේ ඉරණමට එරෙහිව සටන් කිරීමට ඔහු සතුව කිසිවක් නෑ. මෙම චිත්‍රපටිය මගින් දරුවා සිහින අනුගමනය කිරීමට ඉගෙන ගනී.

 

3. Taare Zameen Par

දවල් සිහින දකින්නෙකු සහ ප්‍රශ්ණ ඇති කරන්නෙකු ලෙස සැලකෙන 8 හැවිරිදි පිරිමි ළමයෙක් කතාවක් මේ. සාම්ප්‍රදායික නොවන කලා ගුරුවරයෙක් ඔහුට ඇත්තේ dyslexia බව තේරුම් ගැනීමට දෙමාපියන්ට උපකාර කරන සහ එවන් දරුවන් ගැන කතාවක්. දරුවාගේ සැබෑ හැකියාවන් තේරුම් නොගෙන හොඳ ලකුණු ලබා ගැනීම ගැන පමණක් හිතන දෙමාපියන්ට මෙම චිත්‍රපටයෙන් බොහෝ දේ ඉගෙන ගත හැක.

 

4. Dumbo

විශාල ප්‍රමාණයේ කන් ඇති පියාසර කිරීමට හැකියාව ඇති අලි පැටවෙකු පිළිබඳ අපූරු ෆැන්ටසි චිත්‍රපටයක්. මෙම මුළු කතාවම පුරාම බොහෝ චිත්තවේගීය අවධීන් නිරූපණය කරන අතර දරුවා සතුන්ට අනුකම්පාව සහ ආදරය පිළිබඳ හැඟීමක් වර්ධනය කරයි.

 

5. Malli

කේරලයේ ජීවත් වන, ශ්‍රවණ හා කථන ආබාධිත මිතුරිය සමඟ කාලය ගත කරමින් දර එකතු කිරීමෙන් තම පවුලට උපකාර කරන කුඩා ගැහැණු දරුවෙක් ගැන කතාවක්. ඇගේ මිතුරියට උපකාර කළ හැකි ඉන්ද්‍රජාලික නිල් ගලක් ගැන ඇය දැනගත් විට කතාව වෙනස්ම මාර්ගයක් ගන්නව. මෙම චිත්‍රපටිය මගින්  හෘදයාංගම අවස්ථා ස්පර්ශ කරන අතර මිත්‍රත්වය සියල්ලටම වඩා ඉහළින් ඇති බව පැහැදිලි කරයි. එසේම, සතුන්ට ආදරයෙන් සැලකීමට එය ඔබේ දරුවාට උගන්වයි.

 

දරුවා සමඟ ඔබට නැරඹීමට හැකි තවත් චිත්‍රපට කිහිපයක්  

  • Cinderella
  • Barbie
  • Beauty and the Beast
  • The Little Mermaid
  • Bhootnath

සෑම දරුවෙකුම වෙනස් වගේම දෙමාපියන් වෙන අපිත් වෙනස්. දරුවන්ගේ තේරීම් අපට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඔයාගේ දරුවන් සමඟ මෙම චිත්‍රපට නැරඹීමට යම් කාලයක් ගත කරන්න. ඔවුන් ඇත්තටම ඒවාට ආදරය කරයි.