ඔබ හොඳ මවක්ද පියෙක්ද? මේ ටිප්ස් 5 දන්නව නම් එහෙම වෙන්න පුළුවන්

සෑම දෙමව්පියෙකුගේම තම ජීවිතයේ වැදගත්ම රැකියාව මොකද්ද? මව් පිය පදවියේ වගකීම් භාර ගැනීමට පෙර දැනගත යුතු ප්‍රධාන කරුණු මොනවාද? දරුවන්ගේ මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා දෙමාපියන් පුහුණු වෙන්න ඕනේ. අද baby and me අපි ඔයාට හොඳ මවක්ද පියෙක් වෙන්න පුළුවන් ටිප්ස් කිහිපයක් ගැනයි කියන්න හිතුවේ.

 

සම්බන්ධතාවය සුසර කරන්න

 

ආරම්භයේ සිටම හොඳ බැඳීමක් ඇති කර ගැනීමෙන් දරුවන්ට ආරක්ෂිත බවක් දැනෙන්න පටන් ගන්නවා. දරුවන් සමඟ සම්බන්ධ වී සිටීම නිසා දරුවන් නොමගට යන්නේ නැතිව යහපත් ලෙස වැඩෙනවා. ඒවගේම දරුවන් සමග ගැඹුරු සම්බන්දයක් ඇති කර ගැනීමෙන් දරුවට අවශ්‍ය දේ දැන ගන්න පුළුවන්. පවුලේ සම්බන්ධතාවය සුහදශීලී නම්, එවිට දරුවාට ආරක්ෂිත බවක් දැනෙන අතර ඔහුටම /ඇයටම බාහිර ලෝකයේ දුෂ්කරතා කළමනාකරණය කර ගන්න පුළුවන්. ප්‍රීතිමත් පවුලක් ගොඩනගා ගැනීමෙන් දරුවන් දෙමව්පියන් ගැන හොඳ හැඟීමක් ඇති කර ගන්නවා. තමන්ගේ දරුවා සමඟ කතා බහා කිරීමෙන් සම්බන්ධතාවයට වැඩි දියුණු කර ගන්න පුළුවන්.

 

ඔයාගේම මානසික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න

ඔයාගේ ආතතියට, කනස්සල්ලට හෝ මානසික අවපීඩනයට හේතු විය හැකි දේ ගැන සැලකිලිමත් වන්න. පවුලේ අය හෝ මිතුරන් සමග ඔයාගේ ප්‍රශ්න කියන්න. එවිට ඔයාට සැහැල්ලුවක් සහ ඔයාගේ සහයට අනෙක් අය ඉන්නවා. එමඟින් ඔයාගෙ මානසික සෞඛ්‍යය සුවපත් වෙනවා. කාර්යබහුල දෙමව්පියන්ට දරුවන් ඇති දැඩි කිරීම සහ වැඩ සමබරව කිරීම ඇත්තෙන්ම ආතතියට පත්විය හැකි කරුණු. ඔයාට හොඳ හැඟීමක් හා සන්සුන් බවක් දැනේ නම්, ඔයාට මානසිකව සුවයක් දැනෙන්න පටන් ගන්නවා. එවිට ඔයාට දරුවන්ට වඩා හොඳින් ක්‍රියා කරන්න පුළුවන් වේවි.

 

දරුවන් වෙනුවෙන් කාලය හා ඉඩකඩ ලබා දෙන්න

 

ඔයාට කාලය හා ඔයාගේ මනස තුළ ඉඩක් ඇත්නම්, දරුවන් පවසන දේට සවන් දෙන්න පුළුවන්. එවිට දරුවන්ගේ හැඟීම් ගැන කතා කිරීමට වැඩි ඉඩක් තියෙනවා. එයට පැය ගණනක් අවශ්‍ය වෙන්නේ නැහැ. දරුවාගේ ලෝකයට එක්වීමට විනාඩි 10 ක්ද ඇති. එදිනෙදා තත්ත්වයන් තුළ හැඟීම් සාකච්ඡා කරන්න. දරුවන්ගේ හැඟීම් සහ සිතුවිලි කෙරෙහි උනන්දුවක් දක්වන්න. ඕනෑවට වඩා දරුවන්ට පීඩනයක් ඇති කරන්න එපා. එමඟින් දරුවන්ට ඔයා සමඟ සිටීමට සහ ස්වයං දැනුවත්භාවයට පත්වීමට ඉඩක් ලැබෙනවා.

 

ඔරොත්තු දීමේ හැකියාව උගන්වන්න

කුඩා කල සිටම ළමයින්ට වඩාත් ඔරොත්තු දීමේ හැකියාව උගන්වන්න. දරුවන්ට කලකිරීම දරාගෙන ඉදිරියට යන හැටි කියා දී ඔහුන්ට උදව් කරන්න. ඔරොත්තු දීමේ හැකියාව හා එය සමඟ ගනුදෙනු කිරීමට ඉගෙන ගැනීම හොඳ කුසලතාවකි. අපේක්ෂා භංගත්වය ඉවසීමට තම දරුවාට කොතරම් දුරට උපකාර කළ හැකිද යන්න විනිශ්චය කළ හැකි සංවේදී දෙමාපියෙකු වන්න. ඔවුන් යමක් හොඳින් කළමනාකරණය කර ඇත්නම්, ඔවුන්ව අගය කරන්න. 

 

පස් ගුණයන් 

 

ඔයාගේ පැවැත්ම සඳහා කළයුතු දෑ ඔයා සතුව ඇති බවට වග බලා ගන්න. ඒ සඳහා මේ පස් ගුණයන් පුහුණු කරගන්න. සිහියෙන් සිටින්න, එකිනෙකා සමග සුහදව කතා කරන්න, ව්‍යායාම කරන්න, අලුත් දෙයක් ඉගෙන ගන්න, අනිත් අය සමග බෙදා ගන්න. දෙමව්පියන් ද දරුවන්ගේ සහජ බුද්ධිය කෙරෙහි විශ්වාසය තැබිය යුතු අතර, ඔවුන් තම දරුවාගේ මානසික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න ඕනේ.