ඔබේ පියයුරු එල්ලා වැටීමට ප්‍රධාන හේතු 7ක් මෙන්න

සෑම කාන්තාවක්ම ලස්සනයි. නමුත් පියයුරු වල ස්ථාවර බව බිඳ වැටී ඔබේ පියයුරු එල්ලා වැටීමට හේතුව මොකක්ද කියලා කල්පනා කරන අවස්ථා ඔබටත් උදා වෙලා ඇති. එහෙම වෙලාවට එම තත්ත්වය ස්වාභාවික දෙයක් ද නැත්නම් සෞඛ්‍ය ගැටලුවක් නිසා ඇති වුණ තත්ත්වයක් ද කියලා ගොඩක් අයට ගැටලුවක් ඇති වෙනවා. ඔබේ ශරීරය ගැන වැඩි දැනුමක් තබා ගැනීමෙන් ‍යහපතක් වෙන්නේ ඔබටමයි. ඒ නිසාම පියයුරු එල්ලා වැටීම පිටුපස ඇති හේතු ගැන දැනගන්න කැමති ඔබටයි අපි මේ ලිපිය අරන් ආවෙ.

මේක ඕනේම කාන්තාවකට තරමක් පොදු කාරණයක් වන අතර වාසනාවකට වගේ, ඔබට සමහර අවස්ථාවල එම තත්ත්වය වෙනස් කරන්න පුළුවන්. 

විද්‍යාත්මකව, පියයුරු එල්ලා වැටීම breast ptosis ලෙසයි හැඳින්වෙන්නේ. අපගේ පියයුරු සෑදී ඇත්තේ මේද හා පටක වලිනුයි. ඔබේ පියයුරු ඔසවා තැබීමට ඔබේ ශරීරයේ Cooper’s ligament නමින් හඳුන්වන තද, තන්තුමය, නම්‍යශීලී පටක එකතුවේ පිහිටීම ද බලපානවා. එය ඇදීමට ලක් වෙලා එහි ප්‍රත්‍යාස්ථතාව නැති වීමට පටන් ගත්විට ඔබේ පියයුරු එල්ලා වැටෙන්න පටන් ගන්නවා.

ඔබේ පියයුරු වල ප්‍රමාණයට ද බලපාන හේතු කිහිපයක් තිබෙනවා. ඒවායින් සමහරක් ඔබගේ ජීවන රටාවට සම්බන්ධ වන අතර තවත් සමහරක් ඔබට ආරයෙන් උරුම වුණු හේතුයි.

 

පියයුරු එල්ලා වැටීමට හේතු වන ප්‍රධාන හේතු හත මොකක්ද කියලා දැන් අපි සොයා බලමු:

 

1. වැරදි ඉරියව්ව

මේක බොරුවක් කියලා ඔබ මෙච්චරකල් හිතුවා නම්, ඔබට වැරදීමක් වෙලා. ඔබ නිතරම හිස සහ උරහිස් එල්ලා වැටෙන සේ ඉඳගෙන ඉන්නවා නම්, ඒ හරහා සිද්ධ වෙන ගුරුත්වාකර්ෂණ ඇදීමෙන් පියයුරු එල්ලා වැටීමේ ගැටළුව වේගවත් කෙරෙනවා. ඔබට එය සැබවින්ම දැනෙන්නේ නෑ. නමුත් එම ඇදීම ඔබේ Cooper’s ligament පිහිටීම වෙත බලපාමින් එය ඇදීමට ලක් කරනවා. ඇත්ත වශයෙන්ම, මෙය කාලය ගත වීමත් සමගයි සිදු වෙන්නේ. නමුත් ඔබ සහ ඔබේ බ්‍රා එක හොඳම මිතුරන් නොවේ නම්, මෙම ගැටළුව ඉබට ඉක්මණින් බලපාන්න පුළුවන්.

“වැරදි ඉරියව් නිසා කාන්තාවන්ගේ මාංශ පේශි සහ පටක ලිහිල් වන අතර, පියයුරු එල්ලා වැටෙන්න පටන් ගන්නවා. විශේෂයෙන් වාඩි වී සිටිද්දී නිවැරදි ඉරියව්වක් පවත්වා ගැනීම ඉතා වැදගත් ” කියලා නාරිවේද විශේෂඥ වෛද්‍යවරු කියනවා. 

 

2. දුම් පානය

කොලජන් කියන්නේ අපගේ ශරීරයේ වැදගත්ම ප්‍රෝටීන වලින් එකක් වන අතර සමේ ප්‍රත්‍යාස්ථතාව පවත්වා ගැනීම සඳහා  එය බලපානවා. ඔබ වයසට යනකොට එහි සංචිතය ක්ෂය වෙනවා. නමුත් ඔබ දුම් පානය කරනවා නම් කොලජන් නිෂ්පාදනයට ඒ හරහා වඩාත් වේගයෙන් බාධා වන අතර එය අවසන් වන්නේ පියයුරු වගේම සම එල්ලා වැටීමෙන්.

 

3. ව්‍යායාම නොමැතිකම

බොහෝ කාන්තාවන් ශරීරයේ උඩ කොටස් වලට ව්‍යායාම කරන්නේ නෑ. නමුත් මෙම ඉණෙන් උඩ ශරීර ව්‍යායාම නොමැතිකම නිසා ඔබේ පියයුරු එල්ලා වැටීමට හේතු වෙන්න පුළුවන්.

“පියයුරු වල මාංශ පේශි තද කිරීම අවශ්‍යයි. ඒ සඳහා ඔබ අවම වශයෙන් සතියකට දෙවරක්වත් chest press, plank සහ push-ups වගේ ව්‍යායාම කළ යුතුයි. ”

 

4. වේගවත් බර අඩු වීම

“පියයුරු පටක වල මේදය විශාල ප්‍රමාණයක් ඇති අතර ඔබේ බර වේගයෙන් පහත වැටෙනකොට පියයුරු වල හැඩය වෙනස් වෙනවා. ඒ හරහා අතිරික්ත සම එල්ලා වැටෙනවා සහ ඔබේ පියයුරු වල ස්ථිරභාවය නැති වී යනවා” කියලා වෛද්‍යවරු කියනවා.

 

5. වයසට යාම

මෙම අවස්ථාවේ දී ඔබේ ශරීරයේ කොලජන් නැතිවීම නිසා හෝ ඔබ ඔසප් නැවතීම නිසා පියයුරු එල්ලා වැටෙන්න පුළුවන්. මේ සියල්ලම වෙන්නේ හෝමෝන වෙනස් වීම නිසායි. එය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයක්. ඉතින්, කිසිසේත් කලබල වන්න එපා.

 

6. ජානමය බලපෑම

මේ ගැන ඔබ දැන ගැනීමෙන් පුදුමයට පත් වෙයි. නමුත් ඔබේ Cooper’s ligament වල ශක්තිය තීරණය කිරීමේදී ඔබේ ජාන වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. එමනිසා ඔබේ දෙමව්පියන්ගෙන් හෝ ආච්චිලා සීයලාගෙ තිබ්බේ අඩු අස්ථි ශක්තියක් නම්, ඔබට ද ඒ තත්ත්වය ආරයෙන් පැමිණීම නිසා එමඟින් පියයුරු එල්ලා වැටෙන්න පුළුවන්.

 

7. මව්කිරි දීම

මවි කිරි දීමෙන් පස්සේ මේද සෛල හැකිලීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඕනේම ආකාරයක එල්ලා වැටීමක් වළක්වා ගැනීමට මව්කිරි දීමට පෙර සහ පසු කාලය තුළ දිගටම ව්‍යායාම කරන්න. 

සමහර කාන්තාවන් මව්කිරි දීමේ කාලය තුළ බ්‍රා ඇඳීමෙන් වළකිනවා. මොකද ඒකෙන් අපහසුවක් දැනෙන නිසා. නමුත් ඒක කරන්න එපා. මොකද ඔබේ පියයුරු සඳහා අවම වශයෙන් යම් සහයක් තිබෙන්න ඕනේ. විශේෂයෙන්ම ඔබ බ්‍රා අඳිද්දී ඒවා ඉතා තදට තියෙන්න ඕනේ නෑ. ඔබට සැපපහසු ආකාරයෙන් තිබ්බාම ඇති.

වයස අවුරුදු 30 ඉක්මවන විට කාන්තාවන්ගේ පියයුරු එල්ලා වැටීම් බහුලව දකින්නට ලැබෙනවා.

 

ඉතින්, අවසාන කාණ්ඩ තුනට අයත් ඔබේ පියයුරු එල්ලා වැටීම සඳහා කරන්න පුළුවන් බොහෝ දේවල් නෑ. අනෙක් අයට නම් ස්ථීර බවක් සහිත පියයුරු ලබා ගැනීම සඳහා නිරෝගී ජීවිතයක් ගත කිරීමට කාලය එළඹිලයි තියෙන්නෙ.