අවශ්‍ය ද්‍රව්‍ය :-
ඩාක් ස්වීට් චොක්ලට් ග්‍රෑම් 225
සාමාන්‍ය තරමේ මාෂ්මෙලෝස් 20
හෙවි ක්‍රීම් (විපින් ක්‍රීම්) කෝප්ප 2
- මයික්‍රෝවෙව් එකට දාන්න පුලුවන් ලොකු බෝල් එකක චොක්ලට්, මාෂ්මෙලෝස් සහ හෙවි ක්‍රීම් එකෙන් කෝප්ප 1/2ක් එකතු කර පොඩ්ඩක් කලවම් කරන්න.
- දැන් එය වින්නඩි 2ක් මයික්‍රෝවේව් කරගන්න.
- එය මික්ස් කලාම මෙල්ට් වෙච්ච ස්මූත් මිශ්‍රනයක් වෙන්න ඕනේ. ඔක්කොම හොඳට මෙල්ට් වෙලා නැත්තම් තව තප්පර 15 බැගින් ස්මූත් වෙනකම් රත් කරමින් මිශ්රකරමින් බලන්න.
- මිශ්‍රණය හොඳටම නිවෙන්න හරින්න. විනාඩි 45ක් පමණ.
- මිශ්‍රණය කූල් උනාට පස්සෙ, ඉතිරි හෙවි ක්‍රීම් ටික වෙනම බෝල් එකක විප් කරගන්න.
- එයින් කෝප්ප 1/2ක් පමණ ටොපින් එකට අයින් කරලා ඉතිරි විප් ක්‍රීම් ටික පොඩ්ඩ පොඩ්ඩ චොක්ලට් මිශ්‍රනයට එක් කරමින්, ස්පැචුලා එකකින් ෆෝල්ඩ් කරගන්න.
- මේ සියල්ලම කූල් වෙන්න ශීතකරණයේ තබා ටොපින් එකත් එක්ක පිළිගන්වන්න.