Search here...
TOP
එදිනෙදා ජීවිත​ය

නින්දට සූදානම් වෙන්න පෙර දරුවා සමග එක්ව කළ හැකි ක්‍රියාකාරකම්

දරුවන්ගේ වර්ධනයට මෙන්ම යහපත් ශාරීරික සහ මානසික සෞඛ්යය තත්ත්වයක් ගොඩනැගීම සදහා නින්ද මගින් වැදගත් කාර්යයක් ඉටුකරනු ලබනවා. ඊට අමතරව දෙමවුපියන් ලෙස ඔබටත් වෙහෙසකර දිනක අවසානයේ දරුවන් සමග සම්බන්ධ වීමට සුදුසුම කාලය වන්නේ නින්දට යන වේලාවයි. නින්දදරුවන් ප්‍රීතිමත් මනසකින් යුතුව යොමුකළ යුතුයි. දරුවන් සමග කතාබස් කරමින් ඔවුන් සතුටු කළ හැකි ක්රියාකාරකම් වල නිරත වීම දරුවාගෙ සිතෙහි ප්රීතිමත් මතකයන් ගොඩනගනු ලබනවා. විනෝදය සමගම දරුවාට යහපත් ගුණධර්ම සහ ජීවිතයේ වටිනාකම් ගැන දැනුම ලබාදීමටත් ඔබට මෙම වේලාව යොදාගත හැකියි

 

1. කතා පොත් කියවීම

 

නින්දට යන තෙක් කතන්දර කීම. ඔබට දරුවා කැමති සුරංගනා කතා, වීර කතා සහ දරුවාට සාරධර්ම, යහපත් පුරුදු වැනි දේ කියා දිය හැකි විවිධ පොත් තෝරාගත හැකිය

 

2. දත් මැදීම

යහපත් දන්ත සෞඛ්යයක් පවත්වා ගැනීමට දිනකට දෙවරක් දත් මැදීම අත්යවශ්යයි. ඒ නිසා නින්දට යාමට පෙර සියලු දෙනා එක්ව දත් මැදීමට වෙන් කරගත හැකියි

 

3. පිරිසිදු වන්න

නින්දට යාමට පෙර හොඳින් අත්, පාද, මුහුණ සෝදා, සැහැල්ලු නිදන ඇඳුමකට මාරු වන්න. දරුවාටද එසේ කරන ලෙස දිරිගන්වන්න. දරුවා ප්රිය කරන ආකාරයේ නිදන ඇඳුම් රැගෙන දෙන්න. මෙම ක්රියාකාරකම මගින් දරුවාට පිරිසිදු වීමේ වැදගත්කම ඉගෙනීමට උපකාරී වන අතර එය ජීවිත කාලය පුරාවටම වැදගත් වන්නක්

 

4. ප්රශ්න අසන්න

 

දරුවා නින්දට යොමුවන තෙක් දරුවාගෙන් ප්රශ්ණ ඇසීමට ඔබට පුළුවන්. “අද දවස ඔයා කොහොමද ගත කළේ?” ” මිතුරන් සමග මොන වගේ සෙල්ලම්ද කළේ?”, ” ඉගෙන ගත්තේ මොනවාද? සහ ඔවුන් මුහුණදුන් විනෝදාත්මක සිදුවීම් මොනවාද ආදි ලෙස ප්රශ්න ඇසිය හැකියි

වෙහෙසකර දවස අවසානයේ ඔබගේ මනසට සැහැල්ලුවක් එක්කර ගැනීමටත් දරුවා සතුටු කිරීමටත් හැකි විනෝදජනක සරල ගෘහස්ථ ක්රීඩාවක නිරත වීමට 

 

5. ක්රීඩාවක නිරත වන්න

 

උදහරණ ලෙස ඔබට කැරම්, ප්රහේලිකා, ලූඩෝ හෝ ඔබට කැමති ඕනෑම බෝඩ් ක්රීඩාවක් තෝරාගත හැකියි

 

6. විහිලු කරන්න

 

ප්රීතිමත් මනෝභාවයකින් නින්දට යාම උදෑසන ප්රබෝධයෙන් යුතුව අවදි වීමට හේතු වනවා. ඒ නිසා දරුවන් සතුටට පත් කළ හැකි විහිලු කළ හැකියි

 

7. දරුවා අගය කරන්න

 

දරුවාගේ හොඳ ගතිගුණ අගය කරන්න. එමගින් දරුවන්ගේ ආත්ම අභිමානය සහ විශ්වාසය ඉහළ නැංවිය හැකියි

 

8. ඇවිදීම

 

රාත්රී ආහාරයෙන් පසුව නිවස ආසන්නයේ ඇති උද්යාන හෝ ආරක්ෂිතව හා නිදහස් මනසකින් වේගයෙන් ඇවිද යා හැකි ස්ථානයක් වෙත ඇවිදින්න. ඇවිදීම මගින් රුධිර සංසරණය වැඩි දියුණු රන අතර දරුවන්ට වඩා හොඳ සහ සැහැල්ලු නින්දක් ලබාගත හැකියි

 

9. මනස සහ සිරුර සංසුන් වන ක්රියාකාරකමක නිරත වන්න

 

ඇවිදීමපිටතට යාමට නොහැකි නම් සරළ භාවනා ක්රමයක් හෝ යෝග අභ්යාසයක් දරුවා සමග එක්ව සිදුකරන්න. එවැනි ක්රියාකාරකම් මගින් දරුවන්ට එදිනෙදා කටයුතු වලට වඩා හොඳින් අවධානය යොමුකළ හැකි වනවා. එමගින් දරුවන් සමග ගතකරන කාලයේ ගුණාත්මකභාවයද වැඩිවනවා

 

10. ආගම අදහන්න

 

නින්දට පෙර දරුවන් සමග තමන් අදහන ආගම සිහිකිරීමත් කළ හැකියි. එමගින් ගතවූ දවසට ස්තූතිවන්ත වීමත් උදාවන දවස යහපත්ව ගත කිරීමට ආශිර්වාදය ලබාගැනීමටත් හැකියි.

 

 

«

»