දරුවන්ට සංගීතය ඉගැන්වීමෙන් අත්වන මේ විශ්මිත ප්‍රතිඵල ගැන දන්නවද?

වසර ගණනාවක් තිස්සේ සංගීතය හදාරන්නන් ඔවුන්ගේ සංගීත භක්තිය, පුහුණුව, ආශාව සහ චිත්ත ශක්තිය නිසා ඉතාම හොඳ මානසික ජීවිතයක් ගත කරනවා. ඒ වගේම ඔවුන් සම්පූර්ණ හා 

ඵලදායී ජීවිත ගත කරනවා. ඒ වෙනුවෙන් සංගීතයට ඔවුන් සදහටම ආදරය කරනවා. ඒ නිසා අද අපි ඔබට කියන්නේ ඔබේ දරුවාවත් පුංචි කාලයේ ඉඳන්ම සංගීතයට යොමු කිරීමෙන් දරුවාගේ ජීවිත කාලයට ම ලැබෙන ප්‍රතිලාභ ගැනයි…

 

1. විශ්වාසය ගොඩනඟා ගැනීම

 

 දරුවාගේ සාර්ථකත්වය සඳහා ඉවහල් වන ජීවිතයේ එක් ප්‍රධාන යතුරක් වෙන්නේ විශ්වාසයයි. යම් දෙයක් ලබා ගැනීමට සමත් වුණාම සහ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වුණාම ඔබේ දරුවා ආත්මයන් විශ්වාසයෙන් යුතුව ප්‍රබෝධමත් වෙනවා. අධ්‍යයන වලින් පෙනී ගොස් තිබෙන්නේ සංගීතයට හා කලාවන්ට සහභාගී වන දරුවන් ඔවුන්ගේ ජීවිතය තුළ ආත්ම අභිමානය හා විශ්වාසය වැඩි කර ගන්නවා කියලයි.

 

2. මොළයේ බලය

ඇල්බට් අයින්ස්ටයින් කියන්නේ විප්ලවීය භෞතික විද්‍යාඥයෙක් පමණක් නෙමෙයි ඔහුට අවුරුදු 6දී ඉඳන් අති දක්ෂ වයලීන් වාදකයෙක්. උසස් පාසැල් යාමට පෙර “මොසාර්ට්ගේ සොනාටා” සංගීතය වාදනය කළ දක්ෂ වයලීන වාදකයෙක්. ඔහුට වයස අවුරුදු 30 වීමටත් කලින් මානව වර්ගයාගේ අවකාශය හා කාලය දිහා බලන ආකාරයෙහි විප්ලවීය වෙනසක් සිදු කළා. සංගීතය වාදනය කිරීමට ඔහු දැක්වූ භක්තිය නිසා ඔහුගේ මොළයේ අර්ධගෝල දෙක අතර සම්බන්ධතාවයක් ගොඩ නංවමින් අයින්ස්ටයින්ගේ නිර්මාණශීලීත්වයේ සහ තර්කනයේ මූලාශ්‍ර බිහි වෙන්නටත්, දීප්තිය වර්ධනය වෙන්නටත් ඉඩ සලසා දුන්නා කියලා විද්‍යාඥයෝ කියනවා.

දරුවෙකුගේ මොළයේ වර්ධනයට සංගීත පාඩම් වලින් ලැබෙන ප්‍රතිලාභ :

  • මතකය සහ සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම
  • රුධිර සංසරණය දියුණු වීම
  • මොළයේ විවිධ කොටස් අතර සම්බන්ධතාවය දියුණු වීම
  • ජීවිත කාලය පුරාම අඛණ්ඩ මොළයේ ක්‍රියාකාරී බවේ දියුණුව

 

3. සමාජ කුසලතා ඉහළ නැංවීම

දරුවන්ට සංගීත පාඩම් හඳුන්වා දීමෙන් ඔවුන්ගේ සමාජ සංවර්ධනයට ප්‍රබල බලපෑමක් ඇති කරන්න පුළුවන්. පර්යේෂණ විසින් අනාවරණය කරගෙන තියෙන්නේ දරුවන් අතර සමාජ සහජීවනය මෙන්ම ඔවුන්ව පහසුවෙන් හැඩගැස්වීම සහ ධනාත්මක ආකල්ප වර්ධනය කරන්න සංගීතයට පුළුවන් කියලයි. වඩාත් සමාජ කුසලතා නොමැති දරුවන් තුළ මෙම බලපෑම වඩාත් කැපී පෙනෙනවා. කණ්ඩායම් වශයෙන් සංගීතය ඉගෙනීම දරුවන් තුළ වැඩි විශ්වාසයක් හා සහයෝගයක් ඇති කරනවා. තනි තනිව ඉගෙන ගන්න සංගීත පාඩම් වලින් දරුවන්ව ගැටළුවලින් ඈත් කරමින් කම්මැලිකම, තනිකම සහ ආතතිය සමනය කරවනවා. සංගීතය වාදනය කිරීම මනෝභාව නියාමකයෙක් විදිහට ක්‍රියා කරන අතරම සමාජය සහ අයිතිවාසිකම් පිළිබඳව දියුණු හැඟීම් දරුවන් තුළ ඇති කරනවා.

 

4. ඉවසීම සහ විනය වගා කරන්න

ස්මාර්ට් ෆෝන්, සමාජ මාධ්‍ය වැනි දේ නිසා ඉතිහාසයේ වෙන කවරදාකටත් වඩා මිනිස්සුන්ගේ ඉවසීම හා විනය ඒ හරහා නැති වෙලා. බොහෝ දරුවන් දැනටමත් ස්වභාවිකවම මේවායින් ක්ෂණික තෘප්තියක් ලබා ගැනීම සඳහා ආශාවෙන් පීඩා විඳිනවා. ඒ නිසාම අද වෙද්දී මුළු ලෝකයම දරුවන්ගේ ඇඟිලි තුඩෙන් ගත්තම, එම ආශාව කරදරයකින් ඔබ්බට ගිහින් සමාජ ප්‍රශ්නයක් දක්වාම වර්ධනය වෙලා තියනවා.

 

වාසනාවකට වගේ සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට කෙටිමඟක් නෑ. සංගීතයේ දක්ෂයෙක් වෙන්න බොහෝ කාලයක් හා වෑයමක් අවශ්‍ය වෙනවා. “කරාටේ කිඩ්” චිත්‍රපටියේ මියාගි මහතා ඩැනියෙල්ට කරාටේ ඉගැන්නුවේත් ඒ ක්‍රමයටයි. එම ක්‍රියාවලියෙන් දරුවා තේරුම් ගෙන හෝ නොගෙන ඉවසීම සහ විනය ඉගෙන ගන්නවා.

 

5. හැකියාවන් විවර කර ගැනීමට උපකාර කිරීම 

 සංගීතය වාදනය කිරීමට ඉගෙනීම කියන්නේ සංවර්ධන ආබාධ සහ මානසික සෞඛ්‍ය ගැටලු ඇති දරුවන්ට ඔවුන්ගේ හැකියාවන් විවර කර ගැනීමට උපකාර කිරීම සඳහා ඉතා වැදගත් මෙවලමක්. සංගීත චිකිත්සාව, ඔටිසම්-වර්ණාවලී ආබාධ, ඉගෙනීමේ දුර්වලතා,  මස්තිෂ්ක ආඝාතය, මානසික අවපීඩනය, Rett Syndrome සහ  Williams Syndrome සහිත දරුවන්ගේ සැලකිය යුතු වෙනසක් ඇති කරන බව අනාවරණය වෙලා තිබෙනවා.

 

මෙම අක්‍රමිකතාවලින් පීඩා විඳින බොහෝ දරුවන්ට අර්ථවත් ලෙස අදහස් ප්‍රකාශ කිරීමට විශාල අපහසුතාවයක් තිබෙන්න පුළුවන්. පැහැදිලිවම මේ වගේ දරුවන්ට සංගීතය හරහා ඉගෙනීමට අමතරව අන් අය එක්ක සබඳතා වර්ධනය කරගැනීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙනවා.

 

6. මතකය වැඩි දියුණු කරන්න

සංගීතය ඉගෙනීම සඳහා සිසුන්ට සිත් ඇදගන්නා සුළු තොරතුරු ප්‍රමාණයක් මතක තබා ගන්න අවශ්‍ය වෙනවා. ඔවුන්ගේ සංගීත උපකරණයේ යම් යම් සටහන් පිහිටා තිබෙනවා ද, යතුරු පුවරුව සාදන ආකාරය හෝ ඔවුන්ගේ ප්‍රියතම සංගීතය වාදනය කිරීමට ගතවන කාලය ආදී දේවල් ඒකට ඇතුළත්. සංගීතයට මොළයේ සියළුම වර්ගවල මතකයන් ගබඩා කර ගැනීම සඳහා එහි ධාරිතාව පුළුල් කරගන්න අවශ්‍ය වෙනවා.

 

වෙනත් වචන වලින් කිව්වොත් සංගීතයට හුරු වීම සඳහා දරුවෙකුගේ මතකය වර්ධනය වෙනකොට ඔවුන් ඉගෙනීමේ හැකියාව වර්ධනය වෙනවා. ඒ වගේම සංගීතය ඉගෙනීමට ඇති හැකියාව දරුවන්ට අලුත් භාෂා ඉගෙනීමට සහ ගණිතය ඉගෙන ගැනීමට පවා ඉමහත් උපකාරයක්.