මේගන් සහ හැරී කුමරු දෙවන දරුවා අපේක්ෂා කරයි

සසෙක්ස් හි ආදිපාදවරිය සහ ආදිපාදවරියා ඔවුන්ගේ දෙවන දරුවා අපේක්ෂා කරන බව මෙම යුවළගේ ප්‍රකාශකයෙක් පසුගියදා මාධ්‍යයට පවසා තිබෙනවා.

ඒ අනුව හැරී සහ මේගන් පසුගිය මැයි මාසයේදී වයස අවුරුද්දක් සම්පූර්ණ වුණු තමන්ගේ පුත් ආචී මවුන්ට්බැටන්-වින්ඩ්සර් වෙනුවෙන් සහෝදරයෙක් හෝ සහෝදරියක් පිළිගැනීමට සූදානම් වෙනවා.

ඔවුන් ඒ ගැන “අතිශයින් සතුටට පත්වෙනවා”

බකිංහැම් මාලිගයේ ප්‍රකාශකයෙකු පැවසුවේ රැජින, එඩින්බරෝ ආදිපාදවරයා, වේල්ස් කුමරු සහ රාජකීය පවුලේ සෙසු අය ද “සතුටට පත්වන අතර ඔවුන්ට සුබ පතනවා” යනුවෙනුයි.

ඒ බව සනාථ කරමින් හැරී සහ මේගන් ගසක් යට තමන් දෙදෙනා ආදරයෙන් ඉන්නා කළු හා සුදු පින්තූරයක් පසුගියදා මාධ්‍යට මුදා හරිමින් සතුට බෙදා ගත් අතර එහිදී හැරී මේගන්ගේ හිස තමන්ගේ ඔඩොක්කුවේ තියාගෙන ඉන්න ගමන් මේගන් තමන්ගේ අත් කුස මත තබාගෙන ඉන්නවා දැකගන්න පුළුවන්. 

 

ඔවුන්ගේ දරුවා සිංහාසනයට අටවන ස්ථානයේ‍ 

මේඝන්ගේ ප්‍රසූතියට නියමිත දිනය අනාවරණය වී නැනත් ඇගේ බේබි බම්ප් එක ඡායාරූපය තුළ කැපී පෙනෙනවා.

පසුගිය ජූලි මාසයේදී ආදිපාදවරිය ගබ්සාවකට ලක් වුණා. ඒ බව පවසමින් ආදිපාදවරිය “දරාගත නොහැකි තරම් ශෝකයක්” යනුවෙන් ඒ ගැන මිනිසුන්ට දැනෙන ලිපියක් ලියා පළ කළා.

සසෙක්ස් හි ආදිපාදවරිය සහ ආදිපාදවරයාගේ ප්‍රකාශකයෙක් පැවසුවේ “ආචී ලොකු සහෝදරයෙක් වනු ඇති බව අපට තහවුරු කරන්න පුළුවන්” බවයි.

සසෙක්ස් හි ආදිපාදවරියගේ හා ආදිපාදවරයාගේ මිතුරෙක් සහ ඔවුන්ගේ ගර්භණී නිවේදනය ඡායාරූපයට ගත් ඡායාරූප ශිල්පී මිසාන් හැරිමන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “මෙග්, මෙම ආදර කතාව ආරම්භ වන ආකාරය දැකබලා ගැනීමට මම ඔබේ විවාහ මංගල්‍යයට පැමිණ සිටියා. මගේ මිතුරිය, එය වර්ධනය වෙන ආකාරය ඡායාරූපගත කරන්න පුළුවන් වුණ එක ද මට ගෞරවයක්.”

හැරී සහ මේඝන්ගේ දෙවන දරුවා එඩින්බරෝ හි 10 වන හෝ 11 වන මුනුබුරා වන රැජින සහ ආදිපාදවරයා වෙනවා. ඔහු හෝ ඇය පැමිණෙන්නේ සාරා ටින්ඩාල්ගේ දරුවාට පෙර හෝ පසුවද යන්න මත පදනම් වෙමින්. මේ තොරතුරු 2021 දී ලැබීමට නියමිතයි.

ඔහු/ඇය වේල්ස් කුමරු, කේම්බ්‍රිජ් ආදිපාදවරයා, ජෝර්ජ් කුමරු, චාලට් කුමරිය, ලුවී කුමරු, හැරී සහ ආචී මවුන්ට්බැටන්-වින්ඩ්සර් ගේ අනුප්‍රාප්තිකයෙක් වනු ඇත.

 

හැරී මේගන් හමුවීම

හැරී සහ මේගන් blind date එකකදී හමු වූ අතර, එය ඔවුන් දෙදෙනාගේම මිතුරෙක් විසින් සංවිධානය කරන ලද්දක්. ඊට පස්සේ මාස 16 කට පසුව ඔවුන් විවාහ ගිවිස ගත්තා.

ආදිපාදවරිය ප්‍රථම වරට නිළියක් ලෙස ඒ වෙද්දී කීර්තියක් අත්කරගෙන සිටි නමුත් ඇය විවාහ වූ විට සිය වෘත්තිය අත්හැරියා.

ඔවුන් දෙදෙනා සසෙක්සස් වලදී 2018 මැයි මාසයේදී වින්ඩ්සර් කාසල් හි පැවති උත්සවයකදී විවාහ වූ අතර ඉන් වසරකට පසුව ඔවුන්ගේ පළමු දරුවා වන ආචීව 2019 මැයි 6 වන දින උපත ලැබුවා.

මේගන් සහ හැරී 2020 මාර්තු මාසයේදී ජ්‍යෙෂ්ඨ රාජකීයයන් ලෙස සිය භූමිකාවෙන් ඉවත් වූ අතර දැන් ජීවත් වන්නේ කැලිෆෝනියාවේ යි.