රැකියාවක නිරතවීම මවකගේ භූමිකාවට තර්ජනයක්ද?

මීට දශක ගණනාවකට පෙර කාන්තාවන් ගෘහණිය ලෙස පූර්ණ කාලීනව නිවසේ කටයුතු කළ අතර පිරිමින් නිවසේ ඉපයීම් සිදුකරනු ලැබුවා. මවගේ කාර්ය වූයේ දරුවන් ඇතිදැඩි කිරීමයි. බොහෝ දරුවන් තම ජීවිතයේ පළමු පාඩම, මානව, සංස්කෘතික හා සම්ප්රදායික වටිනාකම් ගැන මවගෙන් ඉගෙන ගනු ලැබුවා

නමුත් වර්තමානයේ බොහෝ කාන්තාවන් උසස් අධ්යාපනයක් ලබන අතරම ඔවුන් පිරිමින් හා උරෙනුර ගැටෙමින් ඉතා වගකීම් සහගත උසස් රැකියාවන් හි නිරතවනවා. එම හේතුව නිසා පවුල සහ දරුවන් සමග ඔවුන් ගත කරන කාල සීමාව අඩුව තිබෙන අතර බොහෝ විට දරුවන් මෙහෙකාරියන් සමග හෝ දිවා සුරැකුම් මධ්යස්ථානවල කාලය ගත කරනවා. එවිට ඔබ දරුවාට ඉගැන්විය යුතු මානව, සංස්කෘතික හා සම්ප්රදායික වටිනාකම් ගැන ඉගැන්වීමට ඔබගේ මෙහෙකාරියට හැකිද?

දරුවාට චොකලට් හෝ ත්යාග ලබාදීමෙන් බොහෝ කාන්තාවන් මෙම වරදකාරී හැඟීමෙන් මිදීමට උත්සාහ දරනවා. ඇතැම් විට ඔවුන්ට රාජකාරි කටයුතුත් නිවසේ කටයුතුත් සමබර කරගැනීමට නොහැකිව ලතවන අතර බොහෝ ආයතන විවාහක කාන්තාවන් සේවයට ගැනීම ගැන දෙපාරක් සිතනු ලබනවා

 

ඇත්තටම වර්තමාන කාන්තාව සිය යුතුකම් පැහැර හරිනවාද?

කාන්තාවක් ලෙස මූල් ස්වාධීනත්වය රැකගෙන සාර්ථක මවකගේ භූමිකාව නිරූපණය කිරීමට ඇයට නොහැකිද? කාන්තාවක් ලෙස තම උරුමය රැකගෙන ඉදිරියට යාමට හැකිද? සඳහා කුමක් කළ යුතුද? මෙයට විසඳුම වන්නේ කාන්තාව දශක කිහිපයක් ආපස්සට ගොස් නැවත සාම්ප්රදායික ගෘහණිය වීම නොවේ

ඉතා බුද්ධිමත් සහ වගකීම් දැරීම ගැන සහජ දක්ෂතා වලින් යුතු කාන්තාවන් නිවසට කොටුවිය යුතු නැහැ. ඔවුන්ටද පිරිමින් හා සමානවම අවස්ථා හිමිවිය යුතුයි. නමුත් රැකියාව සහ ගෘහ ජීවිතයේ වගකීම් සමබරව පවත්වා ගන්නේ කෙසේදැයියන්න ගැන අවබෝධයෙන් යුතුව ක්රියා කළ යුතුයි. එමෙන්ම කාන්තාවන් හටත් පහසුවෙන් රැකියාවල නිරත වීමට හැකි පරිදි නව් විසඳුම් සොයාබැලීමට සේව්යයා (employers) විසින්ද කටයුතු කළ යුතුයි

 

රැකියාව සහ ගෘහ ජීවිතය සමබර කරගැනීමට යොදාගත හැකි සාධනීය ක්රමයන් කිහිපයක්

ඔබගේ වෘත්තීයමය සුදුසුකම් වලට සරිලන ස්වයං රැකියාවක් තෝරා ගැනීම. මෙහිදී ඔබට පහසු වේලාවක සේවයේ නිරත වීමේ වාසියත් අන් අය යටතේ වැඩ කිරීමේ ආතතියෙන් මිදීමටත් හැකිවනවා

ඉතා කුඩා දරුවන් සිටින මවුවරුන්රැකියා ස්ථානයේම දිවා සුරැකුම් මධ්යස්ථානයක් පවත්වා ගැනීම. මෙතුලින් දරුවාට මවුකිරි අඛණ්ඩව ලබාදීමටද මවට හැකි වෙනවා

ලාබාල වයසේ පසුවන දරුවන් හෝ නව යොවුන් දරුවන් සිටින මවුවරුන්පහසු වේලාවන් වල (Flexi timings) රාජකාරියේ නිරත වීමට අවස්ථාව සැලසීම

නිවසේ සිට සේවය කළ හැකි රැකියා අවස්ථා වලට උත්සාහ කිරීම

 

නිවස සහ රැකියාව සමබරව පවත්වා ගැනීම ඔබට ඉක්මණින් කිරීමට ඇතැම් විට නොහැකි වන්න පුළුවන්. නමුත් ඔබ ඊට උත්සාහ දැරිය යුතුයි. මන්ද අප බොහෝවිට රැකියාවක් කරමින් බොහෝ වෙහෙස වන්නේ දරුවන්ගේ අනාගතය සුභවාදි කිරීමටයි. නමුත් රැකියාව සමග අතිශය කාර්යබහුල වීම මවක ලෙස ඔබෙන් දරුවාට හිමිවිය යුතු ආදරය සෙනෙහස නොලැබීමටත් නිසි පරිදි මානව, සංස්කෘතික හා සම්ප්රදායික වටිනාකම් කියා නොදී මගහැරීමටත් හේතු වනවා නම් යහපත් දරුවකු සමාජ ගත කිරීමේ ඔබේ සිහිනය බොඳවීමට එයම හේතුවක් වෙන්න ඉඩ තිබෙනවා. එබැවින් බුද්ධිමත් මවුවරුනි හොඳින් සිතා බලන්න