Search here...
TOP
එදිනෙදා ජීවිත​ය දරුවන්ගේ සෞඛ්‍යය

ඔබේ දරුවාට ප්‍රමාණවත් තරම් මවුකිරි ඔබට තිබෙනවාද?

ඔබත් අලුත් උපන් බිළිඳකුගේ මවක් නම් මවුකිරි සම්බන්ධයෙන් නොයෙකුත් ගැටළු, සැක සංකාවන් ඔබගේ සිත තුළත් ඇති. විශේෂයෙන් ඔබ ලබාදෙන මවුකිරි ඔබගේ දරුවාගේ කුසගින්න නිවීමට සහ පෝෂණය ලබාදීමට ප්රමාණවත්? නැතිනම් ඔබගේ සිරුරේ දරුවාට ප්රමාණවත් තරම් මවුකිරි නිපදවෙනවාද? වැනි බොහෝ ගැටළු ඇතිවනවා

 

දරුවා ප්රමාණවත් පරිදි මවුකිරි බොනවාදැයි දැනගන්නේ කෙසේද?

 

මවුකිරි පමණක් ලබාගන්නා බිළිඳකු පැය 24ක් තුල වාර 6කට වඩා මුත්රා පිටකරයි නම් එය දරුවා ප්රමාණවත් පරිදි මවුකිරි ලබාගන්නා බවට සළකුණක්. එසේ නොමැතිනම් දරුවා ලා පැහැයෙන් යුතු මුත්රා පිටකරයි නම් එයද දරුවාට ප්රමාණවත් රිදි පෝෂණය ලැබෙන බවට වන ලකුණක්. වරක් හෝ දෙවරක් තද පැහැයෙන් මුත්රා පිටවීම එතරම් ගණන් ගත යුතු නොවේ. විශේෂයෙන් ඔබ නිතර දරුවා රෙදිවලින් ඔතා තබන විට දරුවාගේ සිරුරෙන් දහදිය ලෙස ජලය පිටවන අතර එවිට මුත්රා තද පැහැ විය හැකියි

නමුත් දරු ප්රසූතියෙන් පළමු දින කිහිපය මවගෙන් මව්කිරි නොව කොලෙස්ට්රම් පිටවන අතර එහි ජලය ප්රමාණය අඩු බැවින් මුත් පිටවන වාර ගණන අඩු විය හැකියි. එබැවින් දරුවාට නිසි පෝෂණයක් ලැබේදැයි දැනගැනීමඋපතින් පළමු සතිය තුළ මළපහ පිටවන වාර ගණන ගණන් කළ යුතුයි. සාමාන්යෙන් වාර 3ක් හෝ ඊට වැඩියෙන් මළපහ පිටකිරීම ප්රමාණවත්

එමෙන්ම දරුවාගේ බර මැනීමද නිසි පෝෂණය ලැබෙනවාදැයි යන්න දැන ගැනීමට ඇති තවත් එක් ක්රමයක්. දරුවා ඉපදී පළමු මාස 6 තුළ අවම වශයෙන් ග්රෑම් 500ක් පමණ බර වැඩි විය යුතුයි. නමුත් දරුවකු ඉපදී පළමු සතිය තුළ බර අඩුවන අතර නැවත සති දෙක පමණ වන විට එම අහිමි වූ බර නැවත ලබාගනු ලබනවා. නමුත් දරුවාගේ බර පරීක්ෂා කිරීමේදි සෑමවිටම නිවැරදි කිරුම් යන්ත්රයක් භාවිතයෙන් ඇඳුම් සියල්ල ඉවත් කර හෝ එක් ඇඳුමක් සෑමවිටම භාවිතා කර බර කිරිය යුතුයි

දරුවාට සති 6ක් පමණ වන විට ඔබගේ පියයුරු මෘදු ස්වභාවයක් ගැනීමත් සිදුවන අතර එමගින් පැවසෙන්නේ දරුවාගේ ඉල්ලුමට සරිලන ආකාරයේ කිරි සැපයුමක් සැපයීම සිදුවන බවයි

 

පියයුරු කුඩා වූ විට මවුකිරි සැපයුම අඩුවනවාද?

පියයුරු වල ප්රමාණය හෝ හැඩය මවුකිරි නිපදවීමබාධාවක් නොවේ. මවගේ සිරුරේ කිරි නිපදවන ග්රන්ථි පිහිටා ඇත්තේ පියයුරු පිටුපස කොටසේ, ඇරෝලාවට පිටුපසින්. පියයුරේ හැඩයපියයුරුවල පටක සහ අන්තර්ගත මේදය පමණක් බලපානු ලබනවා

 

පැතලි තනපුඬු හෝ ඇතුලට වී ඇති තනපුඬු වලින් මවුකිරි ලබාදිය නොහැකිද?

සාර්ථකව මවුකිරි ලබාදීමතන පුඬුවේ ප්රමාණය හෝ පියයුරේ ප්රමාණය බල පාන්නෙ නෑ. ඔබේ ඇඟිලිවලින් ඔබේ තන පුඬුව මෘදු ලෙස ස්පර්ශ කරන්න එවිට එය ඉදිරියට නෙරා එයි. සාමාන්යෙන් පැතලි හෝ කුඩා පියයුරු තුඩක් ස්පර්ෂ කළ පසු නෙරා ඒම ස්වභාවිකයි. නමුත් කළාතුරකින් ඇතැම් අවස්ථාවල තන පුඬුව ඉදිරියට නෙරා ඒම සිදු නොවන අතර ඔබ එය පිටතට ගැනීමට උත්සාහ කිරීමේදි එය ඇතුළට යාම සිදුවේ. එය අපවර්තිත (inverted) තනපුඬුවක් ලෙස හැඳින්විය හැකිය. මෙවැනි තන පුඬුවකින් කිරි උරාබීම දරුවාට දුශ්කරයි. මෙවැනි අවස්ථාවල මවට තන පුඬුව මෘදුවන තුරු අතින් තදකර කිරි පිටකිරීමට සිදුවනවා

 

නිවුන් දරුවන්ට සහ නොමේරු දරුවන්ට මවුකිරි පමණක් ලබාදීම ප්රමාණවත්ද?

හොඳින් කිරි උරා බොන නිවුන් දරුවන්ට හොඳින් මවුකිරි ලබාදිය හැකි අතර එක් පියයුරකින් එක් දරුවකුප්රමාණවත් කිරි ලබාදිය හැකියි. කිරි ඉරීමට නොහැකි නමුත් ගිලීමට හැකි නොමේරු දරුවන්කෝප්පයක් හෝ බොන්ඩ්ලා හෝ හැන්දක් මගින් මවගේ පියයුරෙන් දොවාගත් කිරි ලබාදිය හැකියි. නමුත් හැන්දකින් පෙවීමට වඩා කුඩා වීදුරුවකින් හෝ බොන්ඩ්ලාවක් මගින් පෙවීම සාර්ථක බවයි ප්රවීණයින් පවසන්නේ. එමගින් ශ්වසන මාර්ගයට අවහිරයක් නොවන බැවින් දරුවාට හුස්ම හිරවීමේ අවධානමක් නැහැ. මව විසින් දරුවා උකුලේ තබාගෙන හිස මදක් ඔසවා වීදුරුවෙන් කිරි බීමට දරුවාට ඉඩ ලබාදීම කළ යුතුයි

ඇතැම් අවස්තාවල දරුවාට කිරි උරා බීමට නොහැකි අවස්ථාවල නලයක් මගින් මවගේ කිරි දොවා දරුවාට ලබාදීම සිදුකරනු ලබනවා. නමුත් දරුවාට කිරි උරා බීමට හැකි වූ වහාම මවගේ තන පුඬුවෙන් කිරි උරා බීමට දරුවා හුරු කළ යුතුයි

විශේෂයෙන් නොමේරු දරුවන්ගේ වර්ධනයවැඩිපුර ප්රෝටීන් අත්යවශ් වන අතර ස්වභාව ධර්මයේ පුදුමයක් ලෙස සාමාන් දරු ප්රසූතියක් සිදුකරන මවකගේ මවුකිරි වලට වඩා නොමේරු ප්රසූතියක් සිදුකරන මවකගේ මවුකිරි වල වැඩි ප්රෝටීන් ප්රමාණයක් අඩංගුයි. 

 

මවුකිරි සැපයුම වේගවත් කළහැකි ඖෂධ තිබේද?

මවු කිරි දොවා බෝතලයක් මගින් දීමට වඩා දරුවාට උරා බීමට ඉඩ දීම මගින් මවු කිරි නිෂ්පාදනය වැඩි වෙනවා. කිරි සැපයුම වැඩි කිරීමට උපකාරී වන Metoclopramide වැනි ඖෂධ තිබුණත් ඒවා වෛද් නිර්දේශය නොමැතිව භාවිතය සුදුසු නොවේ. ඒ නිසා ඔබට යම් ගැටළුවක් තිබේනම් වෛද් උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසු වෙනවා

 

«

»