Search here...
TOP
එදිනෙදා ජීවිත​ය ළමා මන​ස

දරුවන් නරක් කරන මවක් හෝ පියෙක් වීමට බලපාන කරුණු?

ඔබත් ඔබේ දරුවා නරක් කරන දෙමවුපියෙක්ද? දරුවන් සමාජයට මුදා හරින කොට තමන්ගෙ දරුවා වඩාත් හොඳ පුද්ගලයෙක් බවට පත් කිරීම දෙමවුපියන්ගෙ වගකීමක්. ඉතින් හොඳ නැත්නම් සමාජ පිළිගැනීම ඇති දරුවකු බිහිකරන්න නම් ඔබ මෙන්න මේ දේවල් නොකර ඉන්න උත්සහ ගන්න ඕන.

 

දරුවා අඬන සෑම අවස්ථාවකම දරුවා වඩා ගැනීම

දරුවන්ට ආදරය හා ඔවුන් ඔබ වෙත රඳවා ගැනීම අත්යවශ් වන අතර දරුවා අඬන විට ඔහු හෝ ඇයව වඩා ගැනීමෙන් දරුවා නරක් වෙන්නෙ නෑ. නමුත් ඔබගේ අවධානය දිනා ගැනීම සහ ඔබ විසින් ඔහු හෝ ඇය වඩාගන්නා බව දන්නා නිසා නිතර ඇඬීමට ඉඩ තිබෙනවා. ඔබත් දරුවාත් අතර සබඳතාවයට බාධා නොවන පරිදි දරුවා ඔබවෙත රඳවා ගැනීම ඔබට කළ හැකියි. නමුත් වයස අවුරුදු දෙක පසු වූ පසු නිතර වඩාගැනීමෙන් වැළකිය හැකිනම් වඩාත් සුදුසුයි

 

දරුවාටඑපායැයි පවසනවාට අකමැතියි

 

බොහෝ දෙමවුපියන් තම දරුවාටඑපායැයි පැවසීමට අකමැත්තක් දක්වන අතර එසේ එපා යැයි පැවසීමෙන් දරුවා තමාට ආදරය නොවේ යැයි ඔවුන් තුළ මතයක් පවතිනවා. ඒ නිසා බොහෝ විට දෙමවුපියන් තම දරුවන්ගේ සෑම ඉල්ලීමක්ම ඉෂ්ඨ කිරීමටත්, සෑම ඉල්ලීමකටම එකඟ වීමටත් උත්සාහ කරනවා. නමුත් ඔබ නොදැනුවත්වම ඔබගේ දරුවා නරක් කිරීම එමගින් සිදුකරනවා. වෙනුවට ඔබ දරුවාගේ සෑම ඉල්ලීමකටම එකඟ වීම වෙනුවට මධ්යස්ථ පිළිවෙතක් අනුගමනය කළ යුතුයි

 

උදාහරණයක් ලෙස දරුවා ඔබගෙන් යමක් ඉල්ලනවා දරුවා සමග කතා කර එසේ ඉල්ලන්නේ ඇයිද සහ එම ඉල්ලීම සාධාරණ නම් එය ලබාගත හැකි බවට දරුවාට ඒත්තු ගන්වන්න. දරුවාගේ සියලු ඉල්ලීම් ප්රතික්ෂේප කිරීම නුවණැති දෙයක් නොවන අතර එමගින් දරුවාගේ ආත්ම විශ්වාසයට හානිවන බැවින් එසේ කිරීමෙන් වැළකී සුදුසු අවස්ථාවලදී දරුවාගේ ඉල්ලීම් වලට කන් දිය යුතුයි

 

මම විඳ නොමැති සුවපහසු ජීවිතය මගේ දරුවා ගතකරනවාට කැමතියි

 

මෙය බොහෝ දෙමවුපියන් සිතනා දෙයක් වන අතර ඔවුන් හැකි සෑම විටම තමා අත් නොවිඳි සැප සම්පත් තම දරුවාට ලබාදීමට උත්සාහ කරනවා. නමුත් එමගින් දරුවාට යම් හෙයකින් ඔබ ලබාදෙන සැප සම්පත් අහිමි වුවහොත් එය දරා ගැනීමට නොහැකි වෙන්න පුළුවන්. ඒ නිසා සෑමවිටම ඔබ උපයන්නේ අපහසුවෙන් බවත් මහන්සි වී වැඩ කිරීමෙන් එය ලැබෙන බවත් කුඩාකල සිටම වටහා දීම වැදගත් වෙනවා

 

 දරුවා සමග ආර්ථික කරුණු කතා කිරීමෙන් වැළකීම

ඔබගේ ආර්ථීක තත්ත්වය ගැන අතිශෝක්තියෙන් තොරව සත් තොරතුරු ඔබගේ දරුවාට පැවසිය යුතුයි. දෙමාපියන් තමා කොපමණ මුදලක් උපයනවාද යන්න දරුවන් සමග සාකච්ඡා කිරීමට අකමැතියි. නමුත් එය ඇත්ත වශයෙන්ම හොඳ අදහසක් නොවේ. ඔබ සහ ඔබේ ස්වාමියා කොපමණ මුදලක් මසකට උපයනවාද යන්න කුඩා කල සිටම දරුවාට දැන ගැනීමට සැලැස්වීම මගින් තම පවුලේ ආර්ථික තත්ත්වය ගැන වඩා හොඳ ප්රතිරූපයක් දරුවාට ලැබෙන අතර කුඩා කල සිටම මුදලේ අගයත් එයට ලබාදිය යුතු වටිනාකම ගැනත් එමගින් ඉගෙන ගනු ලබනවා

හැකිනම් ඉදිරිමස තුළ නිවසේ කටයුතු වලට අවශ්යවන අයවැය ගැන සාකච්ඡාව නැතිනම් පවුලේ අවුරුදු සැමරීම හෝ නත්තල් උත්සවය සැමරීමට මුදල් වෙන් කරන අවස්ථාව හෝ ඊළඟ පවුලේ නිවාඩුව සැලසුම් කිරීම වැනි සාකච්ඡා වලට දරුවා එක්කර ගන්න. එවිට දරුවාට මුදල් භාවිතය ගැන අදහසක් ලබා ගැනීමට හැකි වෙනවා

 

«

»