ඇදුම සහ ඔබේ ගැබ් ගැනීම ගැන ඔබ දැනගත යුතුම දේවල්

ඔබට ඇදුම තිබෙනවා නම්, ගැබ් ගැනීම හෝ මව්කිරි දීමේදී කිසිම ගැටළුවක් ඇති වෙන්නේ නෑ. එමඟින් ඔබේ ඇදුම තත්ත්වය ඵලදායී ලෙස පාලනය කරගන්නට ඔබට හැකි වෙනවා. නමුත් ඔබ ගර්භණීව සිටියදී ඇදුම සඳහා අරගන්න ඖෂධ දිගටම ලබා ගන්න ඕනේ.

කෙසේ වෙතත් ඔබේ ඇදුම රෝගයට මුඛ ස්ටෙරොයිඩ් ඖෂධ-oral steroid medication (ටැබ්ලට් හෝ සිරප්, පෆර් නෙමෙයි) ප්‍රතිකාර කරනවා නම්, ගර්භණී අවධියේදී මෙම ප්‍රතිකාරය ලබා ගැනීම ආරක්ෂිත ද කියලා පිළිබඳව ඔබේ වෛද්‍යවරයා හමු වෙලා විමසන්න.

බොහෝ ඇදුම ඖෂධ ඔබට සහ ඔබේ වර්ධනය වන දරුවාට අතිශයින්ම ආරක්ෂිත වන අතර, ඔබේ ගර්භණී කාලය තුළ ඔබේ ඇදුම රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර නොකිරීමට ද වෛද්‍යවරු වගබලා ගනියි. ඒත් ප්‍රතිකාර නොකළ රෝග ලක්ෂණ දරුවාට හානිකර වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ ඇදුම රෝගයේ කළමනාකරණ සැලැස්ම ගර්භණී කාලය පුරාම දිනපතා සමාලෝචනය කරන්න ඕනේ. පාලනය නොකළ ඇදුම නිසා සාමාන්‍යයෙන් ඔබ විසින් ගන්න ඇදුම ඖෂධ වලට වඩා ඔබේ ගර්භණීභාවයට බෙහෙවින් අනතුරක් වෙන්න පුළුවන්.

 

වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන් ලබාගන්න

මුලින්ම ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා නොගෙන වැළැක්වීමේ ඖෂධ හෝ ඇදුම ඖෂධ ගැනීම නතර කරන්න එපා.

ඇදුම රෝගයෙන් පෙළෙන සමහර ගර්භණී කාන්තාවන් තුළ ඇත්ත වශයෙන්ම ඇදුම රෝග ලක්ෂණ වැඩි දියුණු වෙන්න පුළුවන්. ඒ, ගර්භණී සමයේදී ශරීරයේ කෝටිසෝන් මට්ටම ඉහළ යාම නිසා වෙන්න පුළුවන්. ඒ නිසා ගර්භණී සමයේදී ඕනෑම වර්ගයක ඖෂධ ගැනීම ආරම්භ කිරීමට හෝ නැවැත්වීමට පෙර ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

 

ගර්භණීභාවය කෙරෙහි බලපෑම

බොහෝ කාන්තාවන් ගර්භණී සමයේදී හුස්ම හිරවීම අත්විඳින්නේ ඇදුම නිසා නෙමෙයි, හෝමෝන වෙනස්කම් නිසායි. ගර්භාෂයේ ප්‍රසාරණය වීමත් එක්ක ගර්භාෂය විශාල වීම නිසා ගර්භණී සමයේ අවසාන ත්‍රෛමාසික කාලය තුළ බොහෝ කාන්තාවන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා. බොහෝ ගර්භණී කාන්තාවන් තුළ, ඇදුම නොමැති අය තුළ පවා එහෙම වෙන එක සාමාන්‍ය දෙයක්.

ඔබට මීට පෙර එහෙම තත්ත්වයක් තිබුනේ නැත්නම් ඔබේ ගැබ් ගැනීම ඇදුම රෝගයට ගොදුරු වෙන්නේ නෑ. නමුත් ඇදුම ඇති කාන්තාවන්ට ගර්භණීභාවයේදී අනපේක්ෂිත බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ අතරින් ගර්භණී කාන්තාවන්ගෙන් තුනෙන් එකක පමණ ඇදුම රෝගයෙන් සහනයක් ලබන අතර, තුනෙන් එකක් තුළ කිසිම වෙනසක් නොපෙනෙන අතර තුනෙන් එකකට ඔවුන්ගේ රෝග ලක්ෂණ නරක අතට හැරෙන්න පුළුවන්.

 

නිරෝගී ගැබ් ගැනීමක් සහතික කිරීම

නිරෝගී ගැබ් ගැනීමක් සහතික කිරීම සඳහා හොඳම ක්‍රමය වන්නේ ඔබේ ඇදුම තත්ත්වය හොඳින් පාලනය කර ගැනීමයි. ඔබ ගැබ්ගෙන ඇති බව දැනගත් විගස ඔබේ ඇදුම පාලනය කරන්නේ කොහොමද යන්න පිළිබඳව උපදෙස් ලබා ගැනීම සඳහා ඔබේ වෛද්‍යවරයා හමු වෙන්න ඕනේ. දරුණු ඇදුම තත්ත්වයක් තියන සමහර කාන්තාවන්ට ගර්භණී සමයේදී අධි රුධිර පීඩනය හෝ pre-eclampsia ඇති වෙන්න පුළුවන්. පාලනයකින් තොරව ඇදුම රෝගයෙන් පෙළෙන කාන්තාවන්ට අඩු උපත් බරක් සහිත දරුවෙක් ලැබීම හෝ නොමේරූ දරු ප්‍රසූතියක් කරන්න සිදු වීමේ වැඩි අවදානමක් තියනවා.

 

ගර්භණී සමයේදී ඔබේ ඇදුම පාලනය කිරීම

ඔබට ඇදුම තිබෙනවා නම් ඒ සඳහා ඔබට ස්වයං කළමනාකරණ සැලැස්මක් තිබෙන්න ඕනේ. එයින් අදහස් කරන්නේ ඔබේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඔබටම හදිසි ප්‍රතිකාර සකස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ එකයි. උදාහරණයක් විදිහට ඔබට කැස්සක් හෝ සෙම්ප්‍රතිශ්‍යාවක් ඇත්නම් ඇදුම රෝගය තවත් උග්‍ර වෙන්න පුළුවන්. එතකොට තත්ත්වය දරුණු වීම වැළැක්වීමට ආශ්වාස කරන ස්ටෙරොයිඩ් (inhaled steroids) වැඩි කරන්න පුළුවන්. නැත්නම් ඔබ ඒවා නිතිපතා ගන්නේ නැත්නම් ඒවා ගැනීම ආරම්භ කරන්න. ගර්භණී සමයේදී මෙය සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි.

ඔබට දිගටම ව්‍යායාම කිරීමට හා සාමාන්‍ය විදිහට වැඩ කිරීමට පුළුවන් අතර, ගර්භණී සමයේදී ඔබේ ඇදුම රෝගය නරක අතට හැරීම වැළැක්වීමට ඔබට ගන්න පුළුවන් පියවර කිහිපයක් තිබෙනවා :

  • වක්‍ර දුම් පානයෙන් වැළකීමට ප්‍රවේසම් වෙන්න 
  • සුරතල් සතුන්ගේ ලොම් වලින් අසාත්මිකතා ඇති වෙන නිසා ඒවායින් වළකින්න
  • ඔබ ගර්භණී සමයේදී antihistamine ගැනීම ආරක්ෂිත ද කියලා වෛද්‍යවරයාගෙන් හෝ ඖෂධවේදියෙකුගෙන් අහන්න.

ඔබේ ඇදුම රෝගය නරක අතට හැරෙන බව කියන සංඥා වලට ඇතුළත් වන්නේ:

  • රාත්‍රියේ හෝ උදේ පාන්දර හෝ ඔබ ව්‍යායාම කරන විට කැස්ස දරුණු වීම
  • හුස්ම හිරවීම
  • හුස්ම ගැනීමේ අපහසුතාව
  • ඔබේ පපුවේ තද ගතිය

ඔබ ගර්භණීව සිටියදී acid reflux තත්ත්වයෙන් පීඩා විඳීමටද ඉඩ තියනවා. ආමාශ ආම්ලිකතාවය ඔබේ අන්නස්‍රෝතයට නැවත කාන්දු වෙනකොට මෙම තත්ත්වය ඇති වන අතර ඒකෙන් ඇදුම රෝගය නරක අතට හැරෙනවා. ඔබට මෙම රෝග ලක්ෂණ ඇත්නම් ඔබේ වෛද්‍යවරයාට හෝ ඇදුම රෝග විශේෂඥ වෛද්‍යවරයාට කතා කරන්න.

 

දරුවා ප්‍රසූත කිරීම

ගර්භණී සමයේදී ඇදුම ඖෂධ ගැනීම ප්‍රසූති කාලය ප්‍රමාද කිරීම හෝ දීර්ඝ වීමක් කරන්නේ නෑ. ඔබේ ඇදුම දරු උපතට බලපාන්නේ කොහොමද කියලා දැනගන්නට ඔබේ දරු ප්‍රසූතියට පෙර ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න. ඔබේ විශේෂ අවශ්‍යතා සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලයට උපදෙස් දෙන ලෙසද ඔවුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්න.

දරු ප්‍රසූතියේදී ඇදුම රෝගයෙන් පෙළෙන කාන්තාවන් සඳහා වේදනා නාශක ඖෂධ ලබා ගන්න පුළුවන් අතර වේදනා කළමනාකරණය සඳහා ඔබ කැමති විකල්පයන් ගැනද ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න.

 

මව්කිරි දීම

ඇදුම ඖෂධ මව්කිරි වලට ඇතුළු වන නමුත් එම අතිශය කුඩා සාන්ද්‍රණයන් වලින් දරුවාට කිසිදු ආකාරයකින් හානියක් වෙන්නේ නෑ. ඔබේ දරුවාට මව්කිරි දීම පිළිබඳව ඔබට යම් ගැටළුවක් ඇත්නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

 

දරුවාටත් ඇදුම වැළඳෙයි ද?

දෙමව්පියන්ට, සහෝදරයෙකුට හෝ සහෝදරියකට ඇදුම රෝගය වැළඳී ඇත්නම් අලුත් දරුවාට ද ඇදුම රෝගය වැළඳීමේ අවදානම වැඩියි. ඇදුම රෝගයට හේතුව තවමත් අනාවරණය වෙලා නෑ. ගර්භණී සමයේදී සහ පසුව සිගරට් දුමෙන් ඔබේ දරුවා ආරක්ෂා කර ගැනීම ද ඇදුම රෝගය වැළඳීමේ අවදානම අවම කිරීම සඳහා රෙකමදාරු කෙරෙනවා. ඔබේ දරුවාට ඇදුම හා ආසාත්මිකතා ඇතිවීමේ සම්භාවිතාව අඩු කිරීමේ මාධ්‍යයක් ලෙස පළමු මාස 6ම මව්කිරි දීම ද වෛද්‍යවරු නිර්දේශ කරනවා.