ඇදුම රෝගය ගැබිණියන්ට බලපාන්නෙ කොහොමද?

ඔබට ඇදුම තිබෙනවා නම් ගැබ් ගැනීමේදී හෝ මව්කිරි දීමේදී කිසිදු ගැටළුවක් ඇති නොවිය යුතුයි. එමඟින් ඔබේ ඇදුම තත්ත්වය ඵලදායී ලෙස පාලනය කරගන්න ඔබට පුළුවන් වෙනවා. ඒ වගේම ඔබ ගර්භණීව සිටියදී ඇදුම සඳහා ඖෂධ දිගටම ලබා ගන්නත් ඕනේ.

 

කෙසේ වෙතත් ඔබේ ඇදුම රෝගයට මුඛ ස්ටෙරොයිඩ් ඖෂධ (ටැබ්ලට් හෝ සිරප්, පෆර් නෙමෙයි) ප්‍රතිකාර ගන්නවා නම් ගර්භණී අවධියේදී මෙම ප්‍රතිකාරයේ ආරක්ෂාව පිළිබඳව ඔබේ වෛද්‍යවරයා හමු වෙලා සාකච්ඡා කරන්න.

 

බොහෝ ඇදුම ඖෂධ ඔබට සහ ඔබේ වර්ධනය වන දරුවාට අතිශයින්ම ආරක්ෂිත බව පෙන්වා දී ඇති අතර ඔබේ ගර්භණී කාලයේදී ප්‍රතිකාර නොකළ රෝග ලක්ෂණ ගැන ද අවධානය දෙන්න වගබලා ගන්න. ප්‍රතිකාර නොකළ රෝග ලක්ෂණ දරුවාට හානිකර වෙන්න පුළුවන්. ඔබේ ඇදුම කළමනාකරණ සැලැස්ම ගර්භණී කාලය පුරාම දිනපතා සමාලෝචනය කරන්න ඕනේ. පාලනය නොකළ ඇදුම තත්ත්වයන් සාමාන්‍යයෙන් ඔබට නියම කරන ලද ඇදුම ඖෂධ වලට වඩා ගර්භණීභාවයට වඩා බෙහෙවින් අනතුරක් වෙන්න පුළුවන්.

 

පළමුවෙන්ම ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා නොගෙන ඇදුම ඖෂධ ගැනීම නතර නොකරන්න.

 

ඇදුම රෝගයෙන් පෙළෙන සමහර ගර්භනී කාන්තාවන්ට ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ ගර්භණී කාලයේදී ඇදුම රෝග ලක්ෂණ වැඩි වෙන්න පුළුවන්. ගර්භණී සමයේදී ශරීරයේ කෝටිසෝන් මට්ටම ඉහළ යාම නිසා එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා ගර්භණී සමයේදී ඕනෑම ඖෂධයක් ගැනීම ආරම්භ කිරීමට හෝ නැවැත්වීමට පෙර සෑම විටම ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

 

ගර්භණීභාවය කෙරෙහි බලපෑම

 

බොහෝ කාන්තාවන් ගර්භණී සමයේදී හුස්ම ගැනීමේ අපහසුතාවයට පත්වන අතර එය ඇදුම නෙමෙයි හෝමෝන වෙනස්කම් නිසා සිද්ධ වෙන දෙයක්. ගර්භාෂයේ ප්‍රසාරණය වීම නිසා, ගර්භාෂය විශාල වීම නිසා ගර්භණී සමයේ අවසාන ත්‍රෛමාසික කාලය තුළ බොහෝ කාන්තාවන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා. බොහෝ ඇදුම නොමැති අය තුළ පවා මෙම තත්ත්වය ඇති වෙන එක සාමාන්‍ය දෙයක්.

 

ඔබ මීට පෙර එය තිබ්බේ නැත්නම් ඇදුම රෝගයට ගොදුරු වෙන්නේන් නෑ. නමුත් ඇදුම ඇති කාන්තාවන්ට ගර්භණී කාලයේ අනපේක්ෂිත බලපෑම් එල්ල වෙන්න පුළුවන්. ගර්භණී කාන්තාවන්ගෙන් තුනෙන් එකකට පමණ යම් කිසි වර්ධනයක් වෙන්න පුළුවන්, තව තුනෙන් එකක් කිසිදු වෙනසක් නොපෙන්වන අතර අනෙක් තුනෙන් එකකට ඔවුන්ගේ රෝග ලක්ෂණ නරක අතට හැරෙන්නත් පුළුවන්. පාලනය කර ගැනීමයි. ඔබ ගැබ්ගෙන ඇති බව දැනගත් වහාම ඔබේ ඇදුම පාලනය කරන්නේ කොහොමද යන්න පිළිබඳ උපදෙස් සඳහා ඔබේ වෛද්‍යවරයා හමු වෙන්න ඕනේ. දරුණු ඇදුම තත්ත්වයක් ඇති සමහර කාන්තාවන්ට ගර්භණී සමයේදී අධි රුධිර පීඩනය හෝ pre-eclampsia ඇති වෙන්න පුළුවන්. පාලනයකින් තොරව ඇදුම රෝගයෙන් පෙළෙන කාන්තාවන්ට අඩු උපත් බර දරුවෙක් ලැබීම හෝ අඩු මාසෙන් දරුවා බිහි වීමේ වැඩි අවදානමක් තිබෙනවා.

 

ගර්භණී සමයේදී ඔබේ ඇදුම පාලනය කිරීම

ඔබට ඇදුම රෝගය තිබේ නම් ඔබට ස්වයං කළමනාකරණ සැලැස්මක් තියෙන්න ඕනේ. නිදසුනක් විදිහට ඔබට කැස්සක් හෝ සෙම්ප්‍රතිශ්‍යාවක් ඇත්නම් ඇදුම රෝගය තවත් උග්‍ර වෙන්න පුළුවන්. එම අවස්ථාවේදී ඔබට ඔබේ ‘preventer’ (inhaled steroids) වෛද්‍ය උපදෙස් මත වැඩිකරගන්න පුළුවන්. නැත්නම් ඔබ ඒවා දිනපතා ගන්නේ නැත්නම් වෛද්‍ය උපදෙස් මත ඒක දිනපතා ගැනීම ආරම්භ කරන්න. 

 

ඔබට දිගටම ව්‍යායාම කිරීමට හා සාමාන්‍යයෙන් වැඩ කිරීමට පුළුවන් වගේම ගර්භණී සමයේදී ඔබේ ඇදුම රෝගය නරක අතට හැරීම වැළැක්වීමට ඔබට ගන්න පුළුවන් පියවර කිහිපයක් තිබෙනවා:

 

  • දුම් පානයෙන් වළකින්න, දුම් පානය කරන අය අසල ගැවසීමෙනුත් වළකින්න.
  • සුරතල් සතුන්ගේ ලොම් වලින් ඇති වෙන අසාත්මිකතා වළක්වා ගන්න.
  • antihistamines සමඟ  hay fever පාලනය කරගන්න – ගර්භණී සමයේදී antihistamines ඖෂධ ගැනීම ආරක්ෂිත ද කියලා ඔබේ වෛද්‍යවරයාගෙන් හෝ ඖෂධවේදියෙකු සමඟ කතා කරන්න.

 

ඔබේ ඇදුම රෝගය නරක අතට හැරෙන බව කියන සංඥා වලට ඇතුළත් වන්නේ:

 

  • රාත්‍රියේ හෝ උදේ පාන්දර හෝ ඔබ ව්‍යායාම කරන විට දරුණු කැස්සක් ඇති වීම.
  • හුස්ම හිරවීම.
  • හුස්ම ගැනීමේ අපහසුතාව.
  • ඔබේ පපුවේ තද ගතිය.

 

ඔබ ගර්භණීව සිටියදී උදර ආම්ලිකතාවයෙන් පීඩා විඳීමට ද ඉඩ තියනවා. ආමාශයේ ඇති වෙන එම ආම්ලිකතාවය ඔබේ අන්නසෝත්‍රයට (gullet) නැවත කාන්දු වෙනකොට මෙම තත්ත්වය ඇති වන අතර ඒකෙන් ඇදුම රෝගය නරක අතට හැරෙන්න පුළුවන්. ඔබට මෙම රෝග ලක්ෂණ ඇත්නම් ඔබේ වෛද්‍යවරයාට හෝ ඇදුම රෝග විශේෂඥ වෛද්‍යවරයාට කතා කරන්න. ඔහු ඔබට හොඳම ප්‍රතිකාරය ගැන උපදෙස් දෙයි.

 

උපත ලබා දීම

ගර්භණී සමයේදී ඇදුම ඖෂධ ගැනීම ඔබේ ප්‍රසූති කාලය ප්‍රමාද කිරීමට හෝ දීර්ඝ කිරීමට හේතු වෙන්නේ නෑ. ඒත් ඔබේ ඇදුම තත්ත්වය දරු උපතට බලපාන්නේ කොහොමද යන්න පිළිබඳව ඔබේ දරු ප්‍රසූතියට පෙර ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න. ඔබේ විශේෂ අවශ්‍යතා සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලයට උපදෙස් දෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න පුළුවන්.

 

දරු ප්‍රසූතියේදී ඇදුම රෝගයෙන් පෙළෙන කාන්තාවන් සඳහා වේදනා නාශක ඖෂධ ලබා ගන්න පුළුවන් අතර වේදනා කළමනාකරණය සඳහා වන ඔබේ විකල්පයන් ගැන ද ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න.

 

මව්කිරි දීම

ඇදුම ඖෂධ අතිශය කුඩා සාන්ද්‍රණයකින් මව්කිරි වලට ඇතුළු වන නමුත් දරුවාට කිසිදු ආකාරයකින් හානියක් කරන්නේ නෑ. ඔබේ දරුවාට මව්කිරි දීම පිළිබඳව ඔබට යම් ගැටළුවක් ඇත්නම් ඔබේ වෛද්‍යවරයා හෝ සෞඛ්‍ය සේවා වෘත්තිකයා හමුවන්න.

 

මගේ දරුවාටත් ඇදුම ඇති වෙයිද?

දෙමව්පියන්ට හෝ සහෝදරයෙකුට හෝ සහෝදරියකට ඇදුම රෝගය වැළඳී ඇත්නම් ඔබට ඇදුම රෝගය වැළඳීමේ අවදානම වැඩි වුනත් ඇදුම රෝගයට හට ගැනීමේ හරි හේතුව තවමත් අනාවරණය කරගෙන නෑ. ගර්භණී සමයේදී සහ ඉන් පසුව ද සිගරට් දුමෙන් ඔබේ දරුවා ආරක්ෂා කර ගැනීම ඇදුම රෝගය වැළඳීමේ අවදානම අවම කර ගැනීමට රෙකමදාරු කරන උපදෙසක්. ඔබේ දරුවාට ඇදුම හා ආසාත්මිකතා ඇතිවීමේ සම්භාවිතාව අඩු කිරීමේ ක්‍රමයක් විදිහට පළමු මාස 6 සඳහා සම්පූර්ණයෙන්ම මව්කිරි දීම ද වෛද්‍යවරු නිර්දේශ කරනවා.