Search here...
TOP
එදිනෙදා ජීවිත​ය

කුඩා දරුවන් නින්දට යනවිට හඬන්නේ ඇයි? එයට බලපාන හේතූන් මොනවාද?

දරුවන් කුඩා කල හැඬීම බොහෝවිට සාමාන් හේතුවක් ලෙස සැලකිය හැකි වුවත් දරුවා ඔබ අතින් බිම තැබූ විගස හඬනවා නම් හෝ නිදි කරන විට හඬනවා නම් එය ඇත්තටම ගැටළුකාරී තත්ත්වයක්. එය ඔබේ සහ දරුවාගේ නින්ද අහිමි විමට හේතුවක් වනවා. මෙයට කුමක් කළ යුතු දැයි සිතීමට පෙර දරුවන් එසේ හඬන්නේ ඇයිදැයි යන්න ගැන සොයා බැලිය යුතුයි. 

 

දරුවන් ඔබගෙන් ඈත් වූ විගස හඬන්නේ ඇයි?

 

1. ඈත්වීමේ සාංකාව – Separation anxiety

 

දරුවා ඔබේ කුස තුල මාස 9ක් පමණ කාලය ගත කෙරූ අතර දරුවාට වඩාත් හුරු පුරුදු වන්නේ ඔබගේ උණුසුමයි. උපතෙන් පසුවද බිළිඳුන් වඩාත් මවගෙ සිරුරට ළංව සිටීමටත් අතට වී සිටීමත් ප්රිය කරනවා. ඒ නිසා දරුවන් මවගේ උණුසුමින් මිදුණු පසු හඬනු ලබනවා. වයස මාස 18ත් අවුරුදු 3ත් අතර දරුවන් තුල මෙම සාංකා තත්ත්වය බොහෝවිට දැකිය හැකියි. දරුවා ඔබගේ අතේ හෝ උණුසුමට ගුලිව සිට වෙනත් කෙනෙකු වඩාගත් විට නැතිනම් තොටිල්ලෙ තැබූවිට හඬනවා නම් බොහෝවිට සාංකාව නිසා වීමට ඉඩ තිබෙනවා

 

2. නව තොටිල්ල හෝ කාමරය – New crib or room

 

දරුවන් වෙනස්කම් වලට හුරුවන්නේ ඉතාම සෙමින් බැවින් දරුවන් තනිව තොටිල්ලක හෝ අලුත් ළදරු කාමර වලට හුරුවනතෙක් මුල් කාලයේදි හඬනු ලබනවා. විශේෂයෙන් උපතින් පසු මද කාලයක් දරුවා ඔබගේ උණුසුමේ ඔබගේ ඇඳේ සිටියා නම් තොටිල්ලට හෝ තනිව ඇඳට හුරු වන තෙක් හැඬීමට ඉඩ තිබෙනවා

 

3. මවුකිරි ලබාදීම – Nursing

 

ඔබ මවුකිරි ලබාදෙන විට හොඳින් ඔබේ උණුසුමට ළංව නිදා සිටින දරුවා පියයුරෙන් මිදුණු විගස ඇහැරී හඬන බව ඔබත් අත්විඳ ඇති. එසේ වන්නෙ ඔවුන් මවුකිරි බොමින් කුස පුරවාගනිමින් නින්දට ගියත් හදිසියේ උණුසුමින් මිදීමේ බලපෑමෙන් හැඬීම අරඹනවා

 

4. අධික ලෙස හැඬීම – Increased crying

 

දරුවා දිනය පුරාම යම් අපහසුවකින් මෙන් හඬනවා නම් බොහෝ විට දරුවාගේ උදරයේ යම් අපහසුවකින් වීමට ඉඩ තිබෙනවා. නැතිනම් කුඩා බිළිඳුන් මුහුණ දෙන කොලික් තත්ත්වය නිසාද විය හැකියි. එසේ නොමැතිනම් මාස 2ත් 5ත් අතර කාලසීමාව පසු කරන කුඩා දරුවන් තුල දැකිය හැකි Purple crying තත්ත්වය නිසාද කුඩා දරුවන් හඬනු ලබන බැවින් ගැනද දැනුවත් වීම වැදගත්

 

5. කුසගිනි වීම – Hunger

 

බොහෝ දරුවන් හැඬීමට මූලිකම හේතුවක් වන්නේ කුසගිනි දැනීමයි. අලුත උපන් දරුවන්ට තම අවශ්යතා දැනවීමට ඇති එකම ක්රමය හැඬීමයි. ඒ නිසා නිසි කාලසටහනකට අනුව දරුවා පෝෂණය කරන්න

 

6. නිසි රටාවක් නොමැති වීම – Absence of a routine

 

දරුවන් දිනය ගතකරන විට එක් රටාවකට හුරුවූ විට එකම වේලාවක් තුල අවදි වීම, නින්දට යාම, ආහාර ගැනීම වැනි දේ සිදුකරනවා. ඒ නිසා ඔබත් එවැනි රටාවකට දරුවා හුරුකරගන්න

 

7. අවධානය අවශ් වූ විට – Need for attention

 

තරමක් වැඩුණු දරුවන් තමාවෙත මවගේ හෝ වැඩිහිටියන්ගේ අවධානය ගැනීමට අවශ් වූ විටත් හඬනු ලබනවා. විශේෂයෙන් දරුවා ඔබට පමණක් හුරුව සිටීනම් ඔබ ඈත්වූ විගස හෝ ඔබගේ අවධානය ගිලිහී ඇතැයි සිතා හැඬීම සාමාන් තත්ත්වයක් ලෙස සැලකිය හැකියි

නමුත් දරුවා බෝහෝ වේලාවක් හඬනවා නම් හෝ ඔබට එය පාලනය කරගත නොහැකි නම් ළමා රෝග වෛද්යවරයාගෙන් උපදෙස් ලබාගත යුතුයි. 

 

දරුවා හැඬීමෙන් තොරව නින්දට යැවීමට හුරු කරගන්නේ කෙසේද?

දරුවන් හඬන විට විශේෂයෙන් රාත්රි කාලයේදී ඔබ අපහසුතාවයට පත්වීම අපට තේරුම් ගත හැකියි. එය ඇතැම් විට ඉතා අසීරු තත්ත්වයක්. නමුත් යම් යම් සුලු වෙනස්කම් කිහිපයක් සහ වඩාත් ඉවසිලිවන්ත දින කිහිපයක් මගින් දරුවාට හඬන්න එපා යැයි පැවසූ විට නැළවෙන තත්ත්වයට පත්කර ගැනීමට ඔබට හැකියි. සන්සුන් නින්දක් කරා යොමුවන ආකාරය දරුවාට හුරුකළ යුතුයි

නින්දට පුරුදු කරවන්න. කුඩා දරුවන්ට නිදි පුහුණුව ලබාදෙන විවිධ ආකාර තිබෙන අතර අන්තර්ජාලය භාවිතයෙන් ඔබට වඩාත් පහසුවෙන් එම ක්රම අත් හදා බැලිය හැකියි. දරුවාට නැලවිලි ගීයක් ගැයීම, කතාව කීම හෝ සංගීත ඛණ්ඩයක් වාදනය සහ වෙනත් ක්රම රාශියක් අතරින් එකක් හෝ දෙකක් ඔබත් උත්සාහ කර බලන්න. දරුවාවඩාත් සුදුසු ක්රමය එමගින් ඔබට සොයා ගැනීමට හැකියි

දරුවා අඩ නින්දේ සිටින විට තොටිල්ලේ හෝ ඇඳෙන් තබන්න. එවිට දරුවා එසේම ගැඹුරු නින්දක් කරා යොමු වේවි

දරුවා සන්සුන් කළ හැකි ආකාර හඳුනා ගන්න. ඒවා භාවිතා කරන්න. උදාහරණ ලෙස දරුවා හඬන විටම ගොස් වඩා ගැනීමෙන් වැළකී දරුවාට හඬන්න එපා යැයි පවසා දරුවා ප්රියකරන සෙල්ලම් බඩුවක් දීම, එසේ නොමැති නම් මෘදුව තට්ටු කිරීමෙන් දරුවා සන්සුන් කිරීමට උත්සාහ ගන්න

නව කාමරයට හෝ තොටිල්ලට සෙමින් සෙමින් හුරුවීමට කාලය ලබාදෙන්න

නින්දට පෙර හොඳින් පෝෂණය කරන්න. කුස පිරුණු පසු දරුවන් රැය පුරා හැඬීමකින් තොරව නිදාගනු ලබනවා

දරුවාට යම් දෛනික රටාවක් හඳුන්වාදී සෑම විටම ඔබ එය අනුගමනය කරන්න. නිසි වේලාවට ආහාර දීම, සේදීම, නින්දට යොමු කිරීම වැනිදේ සිදුකිරීමෙන් දරුවා එයට අනුගත වෙනවා

නින්දට පෙර දරුවා හොඳින් මද උණුසුම් වතුරින් සෝදන්න. මෘදුව සිරුර සම්බාහන​ය කරන්න. එමගින් දරුවා තුල වඩාත් උණුසුම්, රැකවරණය සහ ආරක්ෂාව ගැන හැඟීම් වර්ධනය වෙනවා

දරුවා සමග කාලය ගත කරන්න. නමුත් සෑමවිට දරුවා වඩාගෙන හෝ ඔබගේ උණුසුමේ තබා නොගෙන දරුවාට පහසුවෙන් ආරක්ෂිතව සිටිය හැකි පරිදි පරිසරය සකසන්න. සෙල්ලම් කරන්න

 

දරුවා ඔබගේන් මිදුණු සැණින් හැඬීම නවත්වාගැනීමවඩාත් අවශ් වන්නේ මවක් ලෙස ඉවසීමෙන් කටයුතු කිරීමයි. දරුවන් තනිව සන්සුන් වීමට නොදැනීමයි බොහෝ විට හැඬීමට හේතුව වන්නේ. ඒ නිසා ආතතියට පත්වීමෙන්, දරුවාට කෑගැසීම, දඩුවම් දීම සහ සෙලවීමෙන් වළකින්න. දරුවන්අලුතින් දේවල් හඳුන්වා දෙන විට පියවරෙන් පියවර එය කිරීමටත් මතක තබාගන්න. එමගින් දරුවාට පරිසරයට හුරුවීමේ ඉඩකඩ ලැබෙන අතර දරුවට එයට ප්රමාණවත් කාල සීමාවක් ලබාදී ඔබත් දරුවා සමග සිටින්න. එවිට ඔබට පහසුවෙන් මෙම අභියෝගය ජයගත හැකියි

 

«

»