අවුරුදු 27 කට පෙර ශීත කළ කළලයකින් උපත ලැබූ ළදැරිය නව වාර්තාවක් තබයි

නවීන විද්‍යාවේ තවත් ප්‍රාතිහාර්යයක් සනිටුහන් කරමින්, මීට වසර 27 කට පෙර ශීත කළ කළලයකින් ගැහැණු ළමයෙක් උපත ලබලා තියනවා. ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතට අනුව, ටෙනසි වල යුවළක් වන ටීනා සහ බෙන්ජමින් ගිබ්සන් 1992 ඔක්තෝබර් 14 වන දින ඇගේ කළලරූපය ශීත කරලා දශක තුනකට ආසන්න කාලයකට පස්සේ මොලි එවරෙට් බිළිඳියගේ උපත දකිනවා. මොලීගේ උපත මේ වෙද්දී ලෝකයේ දීර්ඝතම කාලයක් ශීත කළ කළලය බවට වාර්තාවක් තබා තිබෙනවා.

 

ජානමය සහෝදරියන්

මෙම ක්‍රියාවලිය ආරම්භ වූයේ මේ වසරේ පෙබරවාරි 12 වන දින, ශීත කළ කළලය ටීනාගේ ගර්භාෂය තුළට මාරු කිරීමෙනුයි. මෙම ක්‍රියාපටිපාටිය NEDC ආයතනය විසින් සිදු කරන ලද අතර, එම ආයතනය පවුල්වලට IVF මගින් දරුවන් බිහි කිරීමට උපකාර කරනවා. 2017 දී ටීනා සිය වැඩිමහල් දියණිය වන එමාට උපත ලබා දී ඇති අතර ඇය ද මොලී සමඟ 1992 දී ශීත කළ කළලයක්. ඉන්ඩිපෙන්ඩන්ට් හි වාර්තාවකින් හෙළි වන්නේ සහෝදරියන් දෙදෙනාම පරිත්‍යාගශීලීන් විශාල පරාසයකින් තෝරාගත්ත ඩිම්බ දෙකක් වූ අතර ඔවුන් ජානමය සහෝදරියන් බවයි.

 

ඩිම්බ ශීත කිරීම ගැන ප්‍රසිද්ධ පුද්ගලයින් විවෘතව කතා කරනවා

සන්ඩේ ටයිම්ස් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැරිස් හිල්ටන් හෙළි කළේ ඇගේ හිටපු මෝස්තර ශිල්පී කිම් කාර්ඩාෂියන් සමඟ මීට පෙර කළ සංවාදයක් හරහා ඇයට මහත් ආශ්වාදජනක පණිවුඩයක් ලබා දුන් බවයි. ඒ වෙද්දී විවාහ වීමේ පීඩනය ලිහිල් කිරීම සඳහා ඇගේ සාරවත් බව පාලනය කිරීමට ඇය තීරණය කරලායි ඉඳලා තියෙන්නේ. ඒ නිසා මීට වසර කිහිපයකට පෙර ඇයගේ ඩිම්බ ශීත කිරීමේ ක්‍රියාවලියට ලක් කරන්න තීරණය කරලා තියනවා. 

සිව් හැවිරිදි මවක් වන කිම් කාර්ඩෂියන් තමන්ගේ වෛද්‍යවරයාට ඇයව හඳුන්වා දුන් ආකාරය පැරිස් හිල්ටන් හෙළි කරලා තියනවා. තමන්ට අනුව සෑම කාන්තාවක්ම මවක් වීමට අවශ්‍ය කාලය තීරණය කළ හැකි වන පරිදි මෙම පියවර ගන්න ඕනේ බව ද ඇය සඳහන් කරනවා. 

 

බොහෝ ජනප්‍රිය මුහුණු

IVF ක්‍රමය ජනප්‍රිය දරු උපත් විකල්පයක් බවට පත්වීමත් සමඟ බොහෝ ජනප්‍රිය මුහුණු ද දැන් එම අත්දැකීම තෝරා ගැනීම ගැන විවෘතව කතා කරනවා. 

 

සම්මුඛ සාකච්ඡාවකදී හොලිවුඩ් නිළි එමා රොබට්ස් හෙළි කළේ තමන්ගේ යෞවන වියේ ඉඳන්ම තමන් හඳුනා නොගත් එන්ඩොමෙට්‍රියෝසිස් රෝගයකින් පෙළෙන බව දැනගත්තාට පස්සේ දරුවන් ලැබීම සවිඥාණිකවම ප්‍රමුඛතාවයක් බවට පත් වුණු බවයි. 

 

ඇය එහිදී ඇය සඳහන් කළේ ඇයට පොඩි කාලයේ ඉඳන් කැක්කුම් සහ වේදනාකාරී ඔසප් කාල පරිච්ඡේද ඇති වූ බවයි. සමහර දිනවල එය පාසල් වැඩ කටයුතුත් මඟ හැරෙන තරමට නරක අතට හැරුණු බවත් පසු කාලීනව ඇයට ඇගේ රැස්වීම් ද අවලංගු කිරීමට සිදු වූ බවත් ඇය කියනවා. 

 

එමා පැවසුවේ ඇය ඒ ගැන වෛද්‍යවරියකට කිව්වාත් ඇය ඒ ගැන සොයා නොබැලූ අතර එමා අනවශ්‍ය ලෙස කලබල කරනවා කියලා ඇයව ආපසු ගෙදර එවීමට පුරුදු වෙලා සිටි බවයි. මේ වෙද්දී ඇයත් IVF විකල්පය තෝරාගෙන තිබෙනවා.