අලුත උපන් බබාගෙ කොණ්ඩය රැකගන්න ටිප්ස් – 2 කොට​ස

ඇත්ත වශයෙන්ම ඔබේ දරුවාගේ හිසකෙස් රැකබලා ගන්නවා කියන්නේ රොකට් සයන්ස් වගේ සංකීර්ණ විෂයක් නෙමෙයි. ඒක ඔබේ වැඩිහිටි හිසකෙස් රැකබලා ගැනීමට වඩා පහසුවක් වෙන්නේ හිසකෙස් නැතිවීම සහ හිසකෙස් වලට හානි වීම දරුවාගේ කුඩා අවධියේදී ඒ තරම් ගැටළුවක් නොවන නිසයි. ඔබ සොයා බලන්න අවශ්‍ය එකම ප්‍රධාන ගැටළුව වෙන්නේ හිස් කබල සම්බන්ධ රෝග තත්ත්වයන් වැළඳෙන්න කලින් දරුවාගේ හිස් කබල හා හිස කෙස් රැක ගෙන තියාගන්නේ කොහොමද කියලයි. මේ ගැන මෙම ලිපි මාලාවේ පළමු ලිපියෙනුත් අපි ඔබට තොරතුරු අරන් ආවා. මේ එහි දෙවන ලිපියයි.

අලුත උපන් බබාගෙ කොණ්ඩය රැකගන්න ටිප්ස් – 1 කොට​ස

 

1. හිසකෙස් කපන්න

දරුවා තුළ නිරෝගී හිසකෙස් පවත්වා ගැනීම සඳහා හොඳම ක්‍රමයක් වන්නේ හිසකෙස් වැවුණාම කෙස් අගින් ටිකක් කැපීමයි. මේ ක්‍රමය හිස කෙස් පැලීම් සහ වියලි බව සම්බන්ධ ගැටළු ඇති වීම වළක්වයි. හිසකෙස් කොටට පවත්වාගෙන යා​ම දරුවාටද පහසුවක් සලසාවි.

 

2. හිස බූ ගෑම

දරුවාගේ හිසකෙස් රැකබලා ගැනීම සඳහා තවත් පහසු​ම ක්‍රමයක් වන්නේ සම්පූර්ණයෙන්ම හිස කෙස් බූ ගෑම නැත්නම් ඉවත් කිරීමයි . ඔබ කාර්‍යබහුල මවක් නම් මේ වැඩේ ඔබේ කාලය ඉතිරි කරන ක්‍රමයකුත් වෙයි.

 

3. නිවැරදි නිෂ්පාදන තෝරන්න

 

ඔබේ දරුවාගේ සමට අහිතකර වෙන්න පුළුවන් නිසා වැඩිහිටියන් වෙනුවෙන් නිපදවූ කිසිම නිෂ්පාදනයක් දරුවන්ට භාවිතා කරන්න එපා. මොකද ළදරු නිෂ්පාදන දරුවන් වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කරලා තියෙන්නේ දරුවන්ගේ සමේ සංවේදීතාව ප්‍රධානත්වයේ තබාගෙනයි. ඒ නිසා බේබි ෂැම්පූ පමණක් මිල දී ගන්න.

 

4. දිගු කෙස් සඳහා අමතර සත්කාර

 

ඔබේ දරුවාගේ හිසකෙස් දිගටම වැඩීමට ඉඩ දෙන්න ඔබ තීරණය කරලා නම් ඉන්නේ, ඔබ ඒ ගැන සුපරීක්ෂාකාරී වෙන්නත් ඕනේ. දරුවාගේ හිසකෙස් කැපීම, තෙල් දැමීම සහ පිරිසිදුව තබා ගැනීම සති පතා කිරීම අත්‍යාවශයි. හැබැයි දූවිලි ආකර්ෂණය වන නිසා ළදරුවාගේ හිස් කබලේ තෙල් ගාලා දීර්ඝ කාලයක් තබන්න එපා. තවද, ළදරුවා අත්විඳින කිසිම අපහසුතාවයක් ඔබට සන්නිවේදනය කරන්න ඔවුන්ට තේරෙන්නේ නැති නිසා කෙස් තදට බැඳීම හෝ කොණ්ඩයට තදින් ක්ලිප්ස් ගැසීම කරන්නත් එපා.

 

5. ගැටගැසුණු හිසකෙස්

 

මේක දිග කෙස් ඇති ළදරුවන් අත්විඳින පොදු ගැටළුවක්. ඒ වගේ දරුවන්ගේ කොණ්ඩය නොකැඩී තබා ගැනීමට හොඳම ක්‍රමයක් වන්නේ ළදරුවන්ට හිතක​ර කන්ඩිෂනර් නිෂ්පාදනයක් භාවිතා කිරීමයි. එසේම, තද බලයක් යොදන්නේ නැතුව දිනපතා දරුවාගේ හිසකෙස් මෘදු විදිහට පීරන්නත් වග බලාගන්​න.