දරුවාගේ පළමු මස තුළ වැඩීම සහ සංවර්ධනය

ළදරුවකුගේ සංවර්ධනය උපතේ සිට ආරම්භ වෙනවා. විශේෂයෙන් දරුවා ඉපදී පළමු මස තුළ සැලකිය යුතු මට්ටමේ වර්ධනයක් දරුවා තුළින් දැකිය හැකි වෙනවා. දරුවා සුරතල් කිරීම, නින්ද සහ මනා පෝෂණය දරුවාට ඉතා වැදගත් වෙනවා. ඔබ දරුවා සමග ගතකරන විට දරුවාගේ මොළයේ වැඩීම සහ දියුණුව සිදුවනවා

සාමාන්යෙන් ළදරුවන් මෙම කාල සීමාවේදී හේතුවක් නොමැතිව හඬනවා ඔබ දැක ඇති. එය බොහෝ විට කුසගිනි වීම හෝ මුත්රා හෝ මළ පහ පිටවීම නිසා විය හැකි කියා ඔබ සිතුවත් මෙම වයසේදි දරුවන් හේතුවක් නොමැතිවම අඬනවා. ඔබ එවිට දරුවා සමග කතා කරන්න. ඔබගේ ඇඟිල්ලක් දරුවාට අල්ලා ගැනීමට දෙන්න. හැඬීම ක්රමයෙන් පහව යන බව ඔබට පෙනේවි. සාමාන්යයෙන් සති 6 සිට 8 දක්වා දරුවන්ට වෛද්‍යවරයාගේ අධීක්ෂණය හෝ පවුල් සෞඛ් සේවිකාව අධීක්ෂණය ලබාදීම වැදගත් වෙනවා. 

 

ඔබගේ දරුවා වයස මාස 1 පමණ වනවිට

සාමාන්යයෙන් දරුවන් වයස මාස 1 දී කිලෝ ග්රෑම් 0.7 සිට කිලෝ ග්රෑම් 0.9 දක්වා බරින් වැඩෙන අතර සෙන්ටිමීටර් 2.5 සිට සෙන්ටිමීටර් 4 දක්වා වර්ධනය වෙනවා

හිස වට ප්රමාණය සෙන්ටිමීටර 1.25 කින් පමණ වර්ධනය වෙනවා. 

දරු උපතකින් පළමු සතිය තුළ දරුවාගේ සිරුරින් තරලය පිටවී උපත් බර යම් ප්රමාණයකින් අඩුවන අතර එය නැවතත් සතු 3 පමණ වන විට වර්ධනය වෙනවා. 

දරුවාගේ උපතින් පසු වෛද්යවරයා විසින් දරුවාගේ බර සටහන් තබන අතර එය සෑම මසකට වරක්ම අධීක්ෂණය කළ යුතුයි

උපතේදි ළදරුවන්ගේ විවිධ හැඩයන්ගෙන් සහ ප්රමාණයන්ගෙන් යුතුව මෙලොව එළිය දුටුවත් වඩා වැදගත් වන්නේ කාලයත් සමග වන නිසි වර්ධනයයි

ඔබේ දරුවාගේ බර වැඩිවීම අන් දරුවන් සමග සංසන්ධනය නොකරන්න

 

මාස1 ක් වයසැති ඔබේ දරුවාට කුමක් කළ හැකිද?

මාස 1 දී දරුවා ඇස් දෙකම භාවිතයෙන් දේවල් නිරීක්ෂණය ආරම්භ කරනවා. දෙපසට චලනය වන වස්තුවක් දෙස ඒකාකාරයෙන් බලා සිටිය හැකියි. මෙම වයස වනවිට බොහෝ දරුවන් තම මව හෝ පියා හඳුනා ගන්නවා

ඔබේ කටහඬේ ශබ්දය ඔවුන් ප්රිය කරන අතර ක්ෂණිකව ඇතිවන විශාල ශබ්දයන් සඳහා ගැස්සීමෙන් බියවී ප්රතිචාර දක්වනවා

කුසගිනි වූ විට හඬන අතර බඩ පිරුණු පසු සතුටින් සිටිනවා

හිස එක්පසකට එසවීමට උත්සාහ දරන අතර මාස 1 සම්පූර්ණ වනවිට ඔවුන්ගේ බෙල්ලේ මාංශ පේශීන් ශක්තිමත් වෙනවා. 

වයස මාස 1 වන විට ඇතැම් දරුවන් ඇඟිලි උරාබීමට උත්සාහ දරනවා. දරුවන් සන්සුන් කරවීමට ඔබට මෙය භාවිතා කළ හැකියි

 

වයස මාස 1 දී දරුවාගේ වර්ධනයට උපකාරි වන්නේ කෙසේද?

හැකිතාක් දරුවා සමග කාලය ගත කරන්න. ඔවුන්ගේ ඇස් දෙස බලමින් කතා කිරීම තුළින් සහ සිනහවීමෙන් දරුවාට වඩා ආරක්ෂාකාරි බවක් දැනෙනු ඇති

දරුවාට ඇසෙන පරිදි කතා කිරීම හෝ ළදරු ගීත ගායනා කරන්න. සංගීතය තුළින් ඔවුන් තුළ සංවේදනයන් උත්තේජනය වීම සිදුවනවා

ඔවුන් සමග සෙල්ලම් කිරීමෙන් ඔබ දෙදෙනාගේ බැඳීම ශක්තිමත් වෙනවා. 

දරුවා මුණින් අතට තබා බෙල්ල එසවීමට උත්සාහ කිරීමට අවකාශය ලබාදෙන්න. මෙම කාල සීමාව tummy time ලෙස හඳුන්වනවා. නමුත් දරුවා නින්දට යොමු කරන විටදී උඩු කුරුව තබන්න

 

දරුවාගේ වර්ධනය සම්බන්ධව ඇතිවිය හැකි ගැටළු

එක් එක් ළදරුවාගේ වර්ධනය වෙනස් වන අතර වයසට අදාල වර්ධන තත්ත්වයන් පිළිබඳව වෛද්යවරයාගෙන් හෝ පවුල් සෞඛ් සේවිකාවගෙන් අසා දැනගන්න. පහත දැක්වෙන ගැටළු තිබේ නම් වෛද් උපදෙස් ලබාගත යුතුයි

 

දරුවා කිරි උරා නොබොන විට

දිනකට පැය 16කට වඩා නිදා ගන්නේ නම්

දෑත්, දෙපා චලනය නොකරන්නේ නම්

ඔබ දරුවා සමග ඇස් වලින් සබඳතාවයක් ගොඩනගා ගැනීමට උත්සාහ දරන විට ඊට ප්රතිචාර නොදක්වයි නම් හෝ ඔබ දකින විට ප්රතිචාර නොදක්වයි නම්

ඔවුන්ට ශබ්දය ශ්රවණය වන සංඥා දැකිය නොහැකි නම්

දරුවාගේ හැඬීම සහ නින්ද අසාමාන් වන විටදී

 

ඔබ උදවු ලබාගත යුත්තේ කුමන අවස්ථාවේදීද?

ඉහත කුමක් හෝ ලක්ෂණයක් දරුවා තුළින් දැකිය හැකි නම් හෝ උණ හෝ වෙනත් රෝග ලක්ෂණයක් තිබේ නම් දරුවාගේ වෛද්යවරයාගේ උපදෙස් හැකි ඉක්මණින් ලබාගත යුතු වෙනවා. කුඩා බිළිඳකු සිටින ඔබ සෑම විටම දැනුවත්ව සහ අවධානයෙන් පසු වීම දරුවාගේ ආරක්ෂාව සඳහා ඉතාමත් වැදගත් වෙනවා.