දරුවාගේ දෙවන මස තුළ වැඩීම සහ සංවර්ධනය

මීට පෙර සතියේ අපි දරුවාගේ පළමු මස සංවර්ධනය ගැන කතා කළා ඔබට මතක ඇති. මාස 2ක් වයසැති ඔබේ කුඩා බිළිඳා දැන් වේගයෙන් වර්ධනය වන ආකාරයක් ඔබට පෙනෙනවා නේද? ඔව් ඔවුන් දැන් අවට පරිසරය සහ විශේෂයෙන් වර්ණ සහ ශබ්ද කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. මුඛයෙන් .. ලා.. .. ලා.. වැනි ශබ්ද පිට කිරීමත්, ශරීරය චලනය කිරීමත් දෙමස් වියේදී ඔවුන් සිදුකරනවා. වගේම මුල් සති කිහිපයට වඩා හැඬීමත් ඔවුන්ගේ ලක්ෂණයක්

 

දරුවාගේ පළමු මස තුළ වැඩීම සහ සංවර්ධනය

විශේෂයෙන් පළමු මාස දෙක තුලදී දරුවාගේ වර්ධනය පහත පරිදි දැකිය හැකියි

  • වේගයෙන් වර්ධනය වන අතර සෑම මාසයකම ග්රෑම් 900ක් සහ සෙන්ටිමීටර 2. 5 සිට 3. 8 දක්වා වර්ධනය වනවා
  • වැඩි වශයෙන් මවුකිරි බීමට පෙළඹෙනවා
  • මෙම කාල සීමාවේදි දරුවාට නියමිත එන්නත් ලබාදිය යුතුයි. පංච සංයුජ එන්නත සහ මුඛ පෝලියෝ එන්නත් දෙකෙහි පළමු මාත්රාව මාස 2 හිදි ලබාදෙන අතර ඔබට අවශ් නම් පුද්ගලික අංශයෙන් ලබාදෙන රොටා වෛරසයෙන් ආරක්ෂා වන එන්නත ලබාදිය හැකියි
  • දරුවාගේ මාංශ පේශීන් වර්ධනය වන විට ඔවුන් අත් පා නිදහසේ චලනය කරනු ලබනවා

 

පළමු මාස 2 තුල දරුවාගේ හැසිරීම

 

  • මෙම වයසේදි ඔබේ දරුවාට අත් පා හඳුනා ගත හැකි අතර කුඩා ඇඟිලි මගින් යම් වස්තූන් අල්ලා ගැනීමට ඔවුන් උත්සාහ දරනවා. එමෙන්ම දෙඅත් පටලා ගනිමින් සෙල්ලම් කිරීමට ඔවුන් ප්රිය කරනු ලබනවා
  • ඔවුන් ඉතා සුරතල් සහ කෙළිලොල්ව හැසිරෙන අතර පාද වේගයෙන් චලනය කිරීමටත් පහර එල්ල කිරීමටත් පෙළෙඹෙනවා
  • දරුවාගේ ගෙළ වඩාත් ශක්තිමත් වනවා. ඔවුන්ට කුසගිනි දැනුන විට හිස හැරවීම වැනිදෑ සිදුකරනු ලබනවා
  • ඇතැම් දරුවන් මාස 2 පමණ වනවිට අතර මැද අවදිවීමකින් තොරව රාත්රිය මුළුල්ලේම නින්දට යොමුවනවා. එසේ නොමැතිනම් අඛණ්ඩව පැය 2 සිට 4 දක්වා කාලයක් නිදාගනු ලබනවා
  • දිවා කාලයේ වැඩි වශයෙන් අවදියෙන් සහ අවධානයෙන් සිටින අතර නිදා ගැනීමේ රටාව වෙනස් වනවා
  • මාස 2ක් වූ ඔබේ කුඩා බිළිඳා දැන් ඔබව හොඳින් හඳුනන අතර ඔබ දැකීමට ඔවුන් වඩාත් ප්රිය කරන අතර ඔබ දුටුවිට ඔවුන්ගේ මොළකැටි සිනහව ඔබට තිළිණ කරාවි.  
  • ඔබ බිළිඳා හා කතා කරනා විට ඔබට ඇහුන්කම් දීමටත් පෙරළා ඔබ හා ආ.. .. .. ..  ආදි ශබ්දයෙන් කතා කිරීමටත් ඔවුන් උත්සාහ දරනවා

 

දෙමස් වියැති බිළිඳාගේ සංවර්ධනයට ඔබට කළ හැකි දේ

  • මෙම කාලයේදි ඔවුන් දවසේ වැඩි වේලාවක් අවදිව සිටින අතර දරුවා සමග කතා කිරීමටත් දරුවාට ඇසෙන සේ ගීත ගායනා කිරීමත් සිදුකරන්න. එමගින් ඔවුන් ශබ්දයන්ට ඇහුන් කම් දීමටත් ඔවුන් තුළ කථන හැකියාවන් වර්ධනය වීමටත් එය උපකාරි වනවා
  • විවිධ හැඩයන්, වර්ණයන් සහ විවිධ දරුවන්ට සුදුසු අමුද්රව් වලින් සකසන ලද ක්රීඩා භාණ්ඩයන් දරුවාට ඇල්ලීමට සහ සෙල්ලම් කිරීමට ඉඩ දෙන්න
  • මෙම වයස් සීමාවේ පසුවන දරුවන් බොහෝ විට තම මව දෙස බලා සිටීමත් ඉතාමත් ප්රිය කරන කාරණයක්. එමනිසා ප්රීතිමත්ව දරුවා සමග සිනහවෙන්න. එමෙන්ම දරුවාට ඔබගේ උණුසුම ලබාදෙන්න. එවිට වැඩි ආරක්ෂාකාරි බව ඔහුට හෝ ඇයට දැනේවි
  • දරුවාගේ බෙල්ල සහ උඩු කය එසවීමට සහය වන්න. බඩගෑමට ඉඩ ලබාදෙන්න
  • සෑම විටම දරුවාඋඩු අතට නිදිකරන්න

 

දරුවාගේ වර්ධනය සම්බන්ධ ගැටළු

 

ඉපදී සති 8ක් ගතවන තුරු සිනහ නොවීම

ඔබ කොතරම් උත්සාහ දැරුවත් දරුවා සන්සුන් වන්නේ නැතිනම්

හදිසි ශබ්දයන්ට ප්රතිචාර නොදක්වයි නම්

නිසි පරිදි මවුකිරි ලබානොගනී නම්

දරුවාගේ සිරැරේ එක් පසක් අනිත් පසට වඩා ශක්තිමත් බවින් වැඩියි නම්

 

ඉහත ලක්ෂණ හෝ වෙනත් අසනීප ස්වභාවයක් දරුවා තුළ දැකිය හැකිනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම දරුවාගේ ආරක්ෂාව සඳහා ඔබ ගත යුතු වඩාත් කාර්යක්ෂම තීරණයයි.