ඔබේ දරුවාගෙන් කුඩා කාලේදීම ඈත් කළ යුතු නරක පුරුදු

සමහර නරක පුරුදු දරුවන්ගේ වර්ධනයට හා සංවර්ධනයට අයහපත් බලපෑමක් ඇති කරනවා. එනිසා හැකි ඉක්මණින් පොඩ්ඩා තුළ ඇති නරක පුරුදු අත්හැරීමට ළමයින් දිරිමත් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. අද baby and me අපි ඔයාට දරුවන් තුළ ඇති නරක පුරුදු ගැන සහ එවැනි නරක පුරුදු බිඳ දැමීමට ළමයින් දිරිමත් කිරීම සඳහා උපදෙස්  කිහිපයක් මේ ලිපියෙන් කියලා දෙනවා. 

 

ළමයින් ඉතා කුඩාම වයසේදී නරක පුරුදු ඇති කර ගන්නවා. සමහර නරක පුරුදු කාලයත් සමඟ තේරුම් ගැනීමෙන් මැකී යන අතර තවත් සමහරක් නරක පුරුදු ඉදිරියට ගෙන යනවා. මෙම නරක පුරුදු ඔබේ දරුවාගේ සාමාන්‍ය මානසික හා ශාරීරික වර්ධනයට බාධා ඇති කරනවා. දෙමව්පියෙකු ලෙස ඔබේ දරුවාට මෙම නරක පුරුදු හැකි ඉක්මණින් ඉවත් කර ගැනීමට උදව් කරන්න.

 

නියපොතු කෑම 

බොහෝ දරුවන් අනාරක්ෂිත බවක්, කණස්සල්ලක් හෝ කේන්තියක් දැනුන විට නියපොතු හපන්න පුරුදු වෙලා ඉන්නවා. ක්‍රමක්  ක්‍රමයෙන් පොඩ්ඩට මෙය පුරුද්දක් බවට පත් වෙනවා. පොඩ්ඩන්ගේ නියපොතු ඉතාමත් ඉක්මණින් වැඩෙන නිසා සතියකට සැරයක්වත් නියපොතු කපන්න. හපන්න නියපොතු නැතිවෙනකොට ඉබේම පුරුද්ද මග ඇරේවි.

 

හිසකෙස් වලින් ඇදීම 

මෙම පුරුද්ද ගැහැණු ළමයින් තුළ බහුලව දක්නට ලැබෙනවා. මෙම නරක පුරුද්ද නිසා හිසකෙස් ගැලවීයාමට හේතු විය හැක. විශේෂයෙන් පොඩ්ඩට කම්මැලිකමක් දැනුණු විට මෙහෙම කරනව. සාමාන්‍යයෙන් ළමයි ඉක්මණින් මේ පුරුද්දෙන් මග ඇරෙනව. ඔබේ දරුවාට කම්මැලි නොවීමට සිත්ගන්නාසුළු හා අර්ථවත් ක්‍රියාකාරකම් වල නිරත කරවන්න. 

 

රහසිගත ස්ථාන ස්පර්ශ කිරීම

දරුවන් තමන්ගේම ශරීරයේ රහසිගත ස්ථාන ස්පර්ශ කිරීමට සහ දැක ගැනීමට කැමතියි. ඒවගේම පොඩ්ඩාගේ පෞද්ගලික කොටස් ස්පර්ශ කරන විට ඔවුන්ට සතුටක් දැනේ. නමුත් ඔවුන් එය ප්‍රසිද්ධියේ කරන විට පොඩ්ඩා මෙන්ම ඔබත් තරමක් අපහසුතාවයට පත්වෙනව. නමුත් ඔබේ දරුවාට ඒ ගැන වරදකාරි හැඟීමක් ඇති කරන්න එපා. පොඩ්ඩා එය ප්‍රසිද්ධියේ කරන විට අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ කරන්න.

 

ඇඟිලි ඉරීම 

සමහර ළමයින්ට නිදිමත හෝ වෙහෙස දැනෙන විට ඇඟිලි උරා බොනවා. එමගින් පොඩ්ඩට විශාල සැනසීමක් ගෙන දෙනවා. මෙම නරක පුරුද්ද නිසා මාපටැඟිල්ල ඉදිමෙන්න හා තුවාල වෙන්න පුළුවන් වගේම දන්ත ආබාධ ඇති විය හැක. දරුවාට ආරක්ෂිත බවක් ඇති කරන්න. ඔහුව කාර්යබහුල කරන්න. ඔහුට ගොඩක් සෙල්ලම් කරන්න ඉඩ දෙන්න. ඔහු මාපටැඟිල්ල උරන්නේ නැති විට ඔහුට කුඩා තෑගි ලබා දෙන්න. ඇඟිල්ල උරන එක නරක පුරුද්දක් බවත් නරක පුරුද්දෙන් මිදුනාම ඔහුගේ උත්සහයට ප්‍රතිචාර ලැබෙන බවත් අඟවන්න. මාපටැඟිල්ලේ කොහොඹ යුශ වගේ ස්වභාවික තිත්ත යුෂ ස්වල්පයක් ගලවන්න. ඔවුන් රසයට අකමැති වන අතර මාපට ඇඟිල්ල ඉරීම නතර කරයි.

 

නාසය හැරීම

සමහර විට ඔබේ දරුවා ප්‍රසිද්ධියේ නාසය හරා එළියට ගෙන බිත්තියේ හෝ බිම මත පිසදමනවා දුටුවහොත් ඔබ බැන වදින්න එපා. ඔබේ දරුවාට නාසය තනිව පිරිසිදු කර ගැනීමට සහ ඉවත් කිරීමේ ක්‍රියාවලිය ගැන ඔබේ දරුවාට කියා දෙන්න.

ඔබේ දරුවන්ගේ නරක පුරුදු වලින් මිදීමට ඔබට අවශ්‍ය නම්, ඔබ ආදර්ශවත් චරිතයක් ලෙස ක්‍රියා කිරීමට වග බලා ගන්න. ඔබේ ක්‍රියාවන් ඔබේ වචනවලට වඩා වැදගත් වෙනව. එබැවින් ඔබේ දරුවන් අනුගමනය කිරීමට කැමති ඔබම බව ඔප්පු කරන්න.