රෑ කෑම මේසයට තියන්න බේක් කරපු මාළු හදමුද?

සැහැල්ලු කෑමක් රෑට කන අයට බේක් කරපු මාළු කියන්නෙ රෑ කෑම මේසයට ගැලපෙනම කෑමක්. එහෙම කන්න ආස අයට රසට බේක්ඩ් ෆිෂ් හදාගන්න හැටි තමයි අපි අද අරගෙන ආවෙ.

 

බේක්ඩ් ෆිෂ්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ගල්මාළු වර්ගයක මාළුවෙක්
  2. ඉඟුරු, සුදුළූණු පේස්ට් එක
  3. මිරිස්කුඩු තේ හැඳි 1
  4. ගම්මිරිස්කුඩු තේ හැඳි 1
  5. ලුණු පින්ච් එකක්
  6. දෙහි ඉස්ම ටිකක්
  7. සෝයා සෝස් මේස හැන්දක්
  8. තුනපහ කුඩු තේ හැඳි 1
  9. තක්කාලි පේස්ට් ස්වල්පයක්
  10. ඔලිව් ඔයිල් ටිකක්

 

 

  • මාළුවා හොඳට සෝදල සුද්ද කරගෙන  දෙපැත්තෙම පිහියකින් වෙන් නොවෙන්න හම විතරක් ඉරි කපාගන්න.
  • අනිත් අමුද්‍රව්‍ය  ඔක්කොම කලවම් කරලා පේස්ට් එකක හදාගන්න.
  • හදාගත්තු පේස්ට් එක මාළුවගේ එළියෙ ඇතුලෙ හැමතැනම පින්සලකින් හෝ අතින් ගාගන්න. පැය දෙකක් ෆ්‍රිජ් එකේ දාල සීසන් කරන්න. 
  • 200°C ට විනාඩි 30ක් වගේ බේක් කරගන්න. මුල් විනාඩි 15න් පස්සෙ මාළුවා අනිත් පැත්ත හරවගන්න. බේක් කරන කාලය මාළුවා අනුව වෙනස් වෙන නිසා අවශ්‍ය ප්‍රමාණයට බේක් කරගන්න.