කෙසෙල් වලින් රසවත් අතුරුපසක් හදමුද? මේ බනානා හල්වා

කෙසෙල් කියන්නෙ ගෙදරක ඕනම වෙලාවක තියෙන පළතුරක්නෙ. ඔන්න අද අපි ගෙනාවෙ කෙසෙල් වලින් රසම රස අතුරුපසක් හදාගන්න හැටි. බලන්නකො හදල.

 

බනානා හල්වා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඉදුණු කෙසෙල් ගෙඩි 4ක්
  2. හකුරු ග්‍රෑම්250
  3. බටර් මේස හැඳි 1
  4. කජු ග්‍රෑම් 50
  5. ගී මේස හැඳි 2
  6. චොප්කරගත් කරදමුංගු ඇට 3

 

 

  • කෙසෙල් ටික පොඩි  කරගෙන පැත්තකින් තියාගන්න. හකුරු වලට වතුර මිලිලීටර් 100ක් දාලා රත් කරගන්න.
  • හකුරු ටික දියවෙලා උතුරනකොට ලිපෙන් බාගන්න. වෙනම පෑන් එකකට බටර් ටික දාලා රත්වෙන්න තියල බටර් දියවෙනකොට කපාගත් කජු ටික එකතු කරගන්න.
  • කජු ටික ලාවට ෆ්‍රයි උනාම අයින් කරගෙන ඒ පෑන් එකටම පොඩි කරගත් කෙසෙල් ටික එකතු කරගන්න.
  • මද ගින්නෙ විනාඩියක් විතර හැඳි ගාන්න. ටිකකින් දියකරගත් හකුරු ටික එකතු කරගන්න.
  • හොඳට කලවම් කර කර හැඳි ගාන්න. මිශ්‍රණය උකු වේගෙන එනකොට ගී ටික ටික එකතු කරන්න. කලවම් කරන ගමන් කරදමුංගු ටික එකතු කරන්න. 
  • මේ මිශ්‍රණය උකු වේගෙන එනවා පෙනෙයි. දිගටම හැඳිගාන්න. කජු ටිකත් එකතු කරගන්න.
  • මිශ්‍රණය භාජනයේ නොඇලී කැටි ගැහෙන පදම එනකොට බටර් ගාගත්ත ට්‍රේ එකක් ලෑස්ති කරගෙන ලිප ඕෆ් කරගන්න.
  • මේ මිශ්‍රණය ට්‍රේ එකට දාලා තුනී කරගෙන කැමති හැඩයක කෑලි කපාගන්න.