ජනප්‍රිය අම්මලා 7 දෙනෙකුගේ maternity photoshoots

ගැබ් ගැනීම කියන්නේ කාන්තාවකගේ ජීවිතයේ සුන්දර අවධියක්. එය දෙමව්පියන් විදිහට ගෙවන්න ඉන්න ඔබේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම නව පරිච්ඡේදයක්. තමන්ගේ බේබි බම්ප් එක ඇඳුම් වලින් වසා ගැනීමේ සම්ප්‍රදාය දැන් අතීතයට අයිති දෙයක් වෙලායි තියෙන්නේ. ඒ කාලය ගෙවී ගිහින් අවසන්. වර්තමානයේ කාන්තාවන් ගර්භණී කාලයේදී පවා තමන්ගේ රැකියාවට යන අතර පැකිලීමකින් තොරව තම ගර්භණී කාලයේ බේබි බම්ප් එක ස්වභාවික ආකාරයෙන්ම තබා ගන්නවා සහ maternity photoshoot එකක් එක්ක එය ලෝකයට සුන්දර ආකාරයෙන් පෙන්වනවා. ඔවුන් අලුත් ජීවිතයක් පැමිණීමේ සතුට සමරනවා ! ඒ වගේම එය දෙමව්පියන්ගේ සහ දරුවාගේ ජීවිත කාලය පුරාම පවතින ආදර සම්බන්ධයේ ආරම්භයයි. 

 

අද කාලයේ maternity photoshoot එකක් කියන්නේ අම්මලා අතර අලුත්ම ප්‍රවණතාවයයි. ඔබටත් ඒ වගේ දෙයක් කරන්න හිතේ කැමැත්තක් තියනවා නම් පහත ඡායාරූප වලින් යම් උදාහරණ කීපයක් ලබා ගන්න පුළුවන්.

 

1. අනුශ්කා ශර්මා

ඉන්දියාවේ වෝග් සඟරාව සමඟයි පසුගියදා අනුශ්කා තමන්ගේ අලුත්ම ඡායාරූප පෙළ රූගත කිරීම කළේ. එහි එක් පින්තූරයක අනුෂ්කා bralette එකක් සහ flared pant එකක් ඇඳගෙනයි ඉන්නේ. ඒකත් එක්ක විශාල ක්‍රීම් පැහැති කබායක් ගළපලා තියනවා. එම පෙනුම ඇයව තවත් සුන්දරත්වයකට අරන් ගිහින් තියනවා. “මා වෙනුවෙන්, මගේ ජීවිතයයි මේ ඡායාරූපයට හසු කරගෙන තියෙන්නේ! vogue india, මෙය විනෝදජනකයි, ” අනුෂ්කා තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සඟරාවේ කවරය සමඟ ඒ විදිහට ලියලා තියනවා. අනුෂ්කා සිය පළමු දරුවාව මේ ජනවාරි මාසයේදී පිළිගැනීමට සූදානම්ව සිටිනවා. 

 

2. කරීනා කපූර් ඛාන්

මෙම බොලිවුඩ් නිළිය ඇගේ ගැබ් ගැනීම වැළඳ ගත්තේ අනිත් අයට වඩා වෙනස් ආකාරයටයි. ඇයගේ මාතෘ ඡායාරූප රූගත කිරීම් මාලාවක්ම කළා. ඒවා හරහා ඇය සිය බේබි බම්ප් එකත් සමඟ අතිශයින්ම සිත් ඇදගන්නා සුළු පෙනුමක් ලබා ගත්තා. එම ඡායාරූප වල ඇගේ මුහුණ දිලිසෙන අතර ඇය දේවතාවියක් වගේ කියලා ඉන්දියානුවන් කිව්වා. ඇය ගර්භණී සමයේදී ද දිගටම ඇගේ ව්‍යායාම කිරීම්, ඇවිදීම්, ඡායාරූප රූගත කිරීම් සහ රංගන පැවරුම් කළා. මේ වසරේ ඇය තමන්ගේ දෙවෙනි දරුවාගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටිනවා.

 

3. සමීරා රෙඩ්ඩි

තමන්ගේ දෙවන දරුවා සමඟ ගැබ්ගෙන සිටි දකුණු ඉන්දියානු රංගන ශිල්පිණියක් වන සමීර රෙඩ්ඩි ඇගේ මාතෘ රූගත කිරීම්වල ඡායාරූප පළ කිරීමෙන් පස්සේ ඉන්ස්ටග්‍රෑම් වල විදාල කතාබහකට ලක් වුණා. කොළ සහ දම් පැහැති බිකිනි ඇඳුම් වලින් සැරසිලා දිය යටදී ඇගේ ගර්භණී කුස පෙන්වමින් කරපු නිර්මාණය බොහෝ කතා බහකට ලක් වුණා. නමුත් එය ඉතාම ආකර්ෂණීය, වෙනස් ශූට් එකක් වුණා. විශේෂයෙන්ම එම ඡායාරූප පෙළ හරහා ඇයට වැඩියෙන්ම මතු කරන්න අවශ්‍ය වුණේ ශරීරයේ ධනාත්මක බව (body positivity) පිළිබඳවයි. පසු කාලයේදී ඉන්ස්ටග්රෑම් හි ඇය ලිව්වේ ඇගේ මුල් බර නැවත ලබා ගැනීමට වසර දෙකක් ගත වූ බවයි.

 

4. ජෙනෙලියා ඩි’සූසා

පළමු ගැබ් ගැනීම සැමවිටම ඉතා සුවිශේෂී වන නමුත් ජෙනීලියා ඩිසූසා දෙවන වරට ගර්භණීව සිටියදී පවා ඒ හා සමානවම සුන්දරත්වයක් ලබා ගත්තා. ගර්භණී සමයේදී ජෙනීලියා සහ රිටේෂ් ද මාතෘ ඡායාරූප රූගත කිරීම් මාලාවක් කළා. ඒවායේදී ජෙනෙලියාට ඉතා අලංකාර පෙනුමක් ලැබුණු අතර දෙදෙනාම ඉතා හුරුබුහුටි පෙනුමකින් යුක්ත වුණා. මේ ආදරබර කුරුළු ජෝඩුව විසින් රසිකයන් එක්ක බෙදා ගන්නා ලද ගර්භණී ඡායාරූප වල ඔවුන් දෙදෙනාගේ ගැලපීමේ කෙමෙස්ට්‍රි එක පැහැදිලිවම දක්නට ලැබුණා. ඔවුන්ගේ පළමු පිරිමි දරුවා රියාන් ලැබුනේ 2014 නොවැම්බර් මාසයේදීයි සහ දෙවැන්නා ඉපදුණේ රාහිල් 2016 ජුනි මාසයේදීයි.

 

5. ෂ්වේතා තිවාරි

ඇයව නම් ලාංකික අපිට ලේසියෙන් අමතක වෙන එකක් නෑ. ඔව් ඒ “ප්‍රවීණා” ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළියයි. ශ්වේතා ද ඇගේ ගර්භණී කාලයේදී තමන්ගේ මාතෘ ශෛලිය විදහා දක්වමින් ඇගේ මාතෘ ඡායාරූප රූගත කිරීම්වල විස්මිත පින්තූර කිහිපයක් රසිකයන් එක්ක බෙදා ගත්තා. ඒ ඇගේ දෙවන ගර්භණී අවධියේදීයි. ඇය දැන් විවාහ වී සිටින්නේ රූපවාහිනී නළු අභිනව් කෝලි සමඟයි. ඇගේ ස්වාමිපුරුෂයා සහ වැඩිමල් දියණිය යන දෙදෙනාම ඇගේ එම ගර්භණී ඡායාරූප වල ඇය එක්ක නිරූපණය කිරීම් කරලා තිබ්බා! ඇය 2016 නොවැම්බර් මාසයේදී ඇගේ පිරිමි දරුවා වන රයන්ෂ්ව පිළිගත්තා.

 

6. සෙරීනා විලියම්ස්

වැනිටි ෆෙයාර් සඟරාවේ 2017 අගෝස්තු සංස්කරණයේ කවරය සඳහා ලෝක ප්‍රකට මලල ක්‍රීඩිකාවක් වන ඇය අතිවිශිෂ්ට මාතෘ ඡායාරූප රූගත කිරීමක් කළා. ඒ නිසා ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් ද මෙම ලැයිස්තුවට ඇතුළත් කරන්න පුළුවන්. මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ ඡායාරූප ශිල්පී ඇනී ලෙබොවිට්ස් විසින්. මෙහිදී ඇය බිකිනි විලාසිතාවකින් හා ශරීරයේ ගර්භණී හැඩය මතු කරල පෙන්වන විලාසිතාවකින් සැරසී සිටිනවා දැකගන්න පුළුවන්. 2017 සැප්තැම්බර් මස 1 දා ටෙනිස් ක්‍රීඩිකාව තමන්ගේ දියණිය බිහි කළා. 

 

7. ශකිරා

2012 දී ශකිරා වෘත්තීය පාපන්දු ක්‍රීඩක ජෙරාඩ් පීකේ සමඟ තමන්ගේ පළමු දරුවා අපේක්ෂා කරන බව ප්‍රකාශ කළා. ඒ සමඟම මේ කොලොම්බියානු ගායිකාව ද මාතෘ රූගත කිරීමක් කරන්න තීරණය කරලා තිබ්බා. එහිදී ඇයද තමන්ගේ බේබි බම්ප් එක පෙන්වන ආකාරයෙන් ඉතාම ආකර්ෂණීය නිරූපණයන් සිදු කළා. සුදු පැහැති දිග ගවුමකින් සැරසී සිටි ඇය ඇගේ ගර්භණී බවට ඉතාම පාරිශුද්ධ පෙනුමක් ඒ සඳහා ලබා දෙන්න උත්සහ කළා කියලා පෙනෙනවා. ශකීරාගේ මේ ශූට් එක ඉතාම සරල එකක් වුණත් ඉතා බලවත් නිරූපණයක් වුණා. 2013 ජනවාරි 22 වන දින ෂකිරා ඇගේ පුත් මිලාන් පීකේ බිහි කළා. නමුත් ඔහු ෂකිරා සහ ජෙරාඩ්ගේ එකම දරුවා වුණේ නෑ. 2015 දී මෙම යුවළ ඔවුන්ගේ දෙවන පුත් සාෂා ද පිළිගත්තා.