බීෆ් ලෝලීන්ට බීෆ් කංකුන් ඩිශ් එකක් ගෙදරදීම හදාගන්න රෙසිපි එකක් අපෙන්

බීෆ් කියන්නෙ ඇඟට ලේ වඩන ගුණ කෑමක්. ඔන්න අද අපි අරන් ආවෙ බීෆ් කන්න ප්‍රිය කරන අයට ෆ්‍රයිඩ් රයිස් එකක් එක්ක වගේම බත් එක්කත් කන්න පුළුවන් බීෆ් කංකුන් රෙසිපි එකක් අරගෙනයි.

 

බීෆ් කංකුන් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

බීෆ් මැරිනේට් කිරීමට

 

  1. බීෆ් ග්‍රෑම් 200
  2. තලාගත් සුදුළූණු බික් 3-4
  3. තලාගත් ළූණු ගෙඩි 1
  4. ඔයිස්ටර් සෝස් මේස හැඳි 2
  5. ලුණු පින්ච් එකක්
  6. ගම්මිරිස් කුඩු මේස හැඳි 1/2

 

 

සෝස් එක සඳහා

 

  1. වෙජිටබල් ඔයිල් මේස හැඳි 2
  2. චොප්කරගත් සුදුළූණු ටිකක්
  3. චොප්කරගත් ළූණු ගෙඩි 1/2
  4. සෝයා සෝස් මේස හැඳි 1
  5. සෝදා වතුර බේරාගත් කංකුන්

 

 

  • බීෆ් කෑලි හීනි පෙති පෙති වගේ කපාගන්න. මේකට සුදුළූණු, ළූණු, ඔයිස්ටර් සෝස් හා ලුණු, ගම්මිරිස්කුඩු රස අනුව දාලා හොඳට කලවම් කරලා මැරිනේට් වෙන්න පැයක් දෙකක් ෆ්‍රිජ් එකේ තියන්න.
  • පැය දෙකකින් බීෆ් ටික අරගෙන තෙල් පොඩ්ඩක් දාපු පෑන් එකක අඩු ගින්දරේ හොඳට බීෆ් තැම්බෙනකම් ස්ටර්ෆ්‍රයි කරගන්න.
  • පෑන් එකෙන් බීෆ් ටික අයින් කරල ඒ පෑන් එකටම තව තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත්  හා ළූණු හා සුදුළූණු දාගන්න.
  • මේක තෙම්පරාදු උනාම ස්ටර්ෆ්‍රයි කරගත් බීෆ් ටිකයි සෝයා සෝස් ටිකයි දාගෙන හොඳට කලවම් කරලා කංකුන් ටික දාල කොළ ටික මැලවේගෙන එනකොටම ලිපෙන් ඉවත් කරන්න.