Search here...
TOP
පෝෂණ​ය

ගුණදායක බීෆ් සුප් එකක් හදන්න මෙන්න රෙසිපි

රක්තහීනතාවය තියෙන ගොඩක් අයට වෛද්‍යවරුන් අනුමත කරනව බීෆ් ආහාරයට එක් කරගන්න කියල. රුධිරයේ හිමොග්ලොබින් අඩු වුණාම ඉක්මණින්ම යථා තත්ත්වයට පත්වෙන්න පුළුවන් ආහරයක් තමා බීෆ් කියන්නෙ. ඉතින් අද අපි අරන් ආවෙ බීෆ් වලින් රසවත් සුප් එකක් හදාගන්න හැටි.

 

බීෆ් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

 

  1. පොඩියට කෑලි කපාගත් බීෆ් ග්‍රෑම්  200
  2. සැල්දිරි ටිකක්
  3. චොප්කරගත් සුදුළූණු මේස හැඳි 1
  4. පොඩියට කපාගත් තක්කාලි ගෙඩි 1
  5. කොටුවට කපාගත් අල ගෙඩි 2
  6. කොටුවට කපාගත් කැරට් අල 2
  7. බෝංචි කරල් කිහිපයක්
  8. ගෝවා 
  9. තුනපහකුඩු තේ හැඳි 2
  10. ගම්මිරිස්කුඩු හා ලුණු රස අනුව

 

 

  • බීෆ් වලට ලුණු දාලා වතුර කෝප්ප 1/2ක් දාලා තම්බගන්න.
  • වෙනම භාජනයකට තෙල් ටිකක් දාලා ලිපේ තියලා ඒකට සුදුළූණු හා ළූණු දාලා තෙම්පරාදු  කරගන්න.
  • ටිකකින් තක්කාලි හා අනික් එලවළු ටික දාගන්න. කලවම් කරන ගමන් තුනපහකුඩු හා ගම්මිරිස්කුඩු ටික දාගන්න.
  • එළවළු තැම්බීගෙන එනකොට වතුර කෝප්ප 2ක් හෝ අවශ්‍ය ප්‍රමාණයෙන් දාලා තම්බගත්ත බීෆ් ටික එකතු කරගන්න. අන්තිමට කපාගත් ගෝවා ටික හා සැල්දිරි  දාගෙන උතුරවාගෙන ලිපෙන් ඉවත් කරගන්න.

 

«

»