බීට් රූට් වලින් රස වගේම ගුණදායක ජූස් එකක් හදාගමු

බීට් රූට් වල පොටෑසිටම්, ෆෝලේට් සහ මැග්නීසියම් අඩංගු නිසා අධි රුධිර පීඩනය පාලනය කරන ගුණයෙන් යුක්තයි. ආහාර ජීරණ ක්‍රියාවලියට වගේම මොළයේ සෞඛ්‍යයටත් බීට් ගුණදායකයි. ඉතින් උයල කන බීට් වලින් ජූස් එකක් හදාගන්න එකෙන් මේ පෝෂණ ගුණයන් සියල්ලම වඩාත් හොඳින් ලබාගන්න පුළුවන්.

බීට් ජූස්

 

අවශ්‍ය ද්‍රව්‍ය

  1. බීට් ගෙඩි 2
  2. සීනි රස අනුව
  3. ලුණු
  4. වතුර

 

  • බීට් පොඩියට කපාගන්න. මේක බ්ලෙන්ඩර් එකට දාලා සීනි හා ලුණු එකතු කරන්න.
  • වතුර ටිකක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. පෙරලා දෙහි යුෂ දාලා බොන්න.