​මව්කිරි දීමෙන් මවට ඇති වාසි මේවායි

මව්කිරි දීම මවට මෙන්ම දරුවාට ද අපූරු ත්‍යාගයක්. වර්තමානයේ ගොඩක් අම්මලා බබාට මව් කිරි දෙන්න අදිමදි කරනවා. කාන්තාවන් ශරීරය ගැන වැඩි අවධානයක් යොමු කරන නිසා පියයුරු අවලස්සන වෙනවට කැමති නැහැ. මේ නිසාම ඇතැම් මව්වරු පිටිකිරි දරුවාට ලබා දෙන්න තීරණය කරනවා. ඒ නිසාම අද baby and me අපි ඔයාට මව්කිරි දීමෙන් මවට ඇති වාසි ගැනයි කියන්න හිතුවේ.

 

හොඳ හෝමෝන නිකුත් කිරීම

  • බොහෝ මව්වරුන්ට කිරි දෙන අතරතුර තම දරුවා ස්පර්ශ කරමින් අත්විඳින ශාරීරික හා චිත්තවේගීය සම්බන්ධතාවයන් ගෙන් ප්‍රීතියක් ලබනවා. හෝමෝන මුදා හැරීමෙන් මවගේ සහ පොඩ්ඩා අතර ප්‍රසන්න හැඟීම් වර්ධනය කරනවා.
  • Prolactin: දරුවා කෙරෙහි සැහැල්ලුවෙන්  අවධානය යොමු කිරීමට ඉඩ සලසන සාමකාමී, පෝෂණය වන සංවේදීතාවයක් ඇති කරනවා.
  • Oxytocin: මෙම හෝමෝනය මගින් ඔයාලා දෙදෙනා අතර දැඩි ආදරය හා බැඳීම ඇති කරනවා.

 

මව්කිරි දීමෙන් මවුවරුන්ට මානසික තෘප්තියෙන් ඔබ්බට සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබෙනවා.

 

– අලුත උපන් දරුවකුට මව්කිරි දෙන මව්වරුන් දරු ප්‍රසූතියෙන් ඉක්මණින් හා පහසුවෙන් සුවය ලබනවා. මව්කිරි දීමෙන් ගර්භාෂයේ සංකෝචන ඇති කරන හෝමෝනයක් වන ඔක්සිටොසින් නිෂ්පාදනය වැඩි කරනවා. එමඟින් දරු ප්‍රසූතියෙන් පසු රුධිරය නැතිවීම අඩු කරන අතර ගර්භාෂය පෙර කුඩා ප්‍රමාණයට නැවත පැමිණීමට උපකාරී වෙනවා.

 

– මව්කිරි දුන් කාන්තාවන් පසු කාලීනව පියයුරු හා ඩිම්බකෝෂ පිළිකා අනුපාතය 28% කින් අඩු බව පරීක්ෂණය වලින් සොයා ගෙන තියෙනවා.

 

– මව්කිරි දීමෙන් දෙවන වර්ගයේ දියවැඩියාව, rheumatoid ආතරයිටිස් සහ අධි රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් ඇතුළු හෘද වාහිනී රෝග ඇතිවීමේ අවදානම අඩු කරනවා.

 

– නිතිපතා මව්කිරි දීමෙන් ඩිම්බ මෝචනය හා ඔසප් වීම නතර කරනවා. එමඟින් ගැබ් ගැනීමේ කාලය දීර්ඝ කරනවා. සමහරු මෙය උපත් පාලනය ක්‍රමයක් ලෙස භාවිතා කර ඇති නමුත් එය සම්පූර්ණයෙන්ම ඵලදායී වන්නේ නැහැ.

 

– මව්කිරි දීමෙන් පළමු මාස 3 සඳහා බර අඩු කර ගන්න ආමාරුයි. කොහොම වුණත් පළමු මාස 3 න් පසු බර අඩු කර ගැනීමට අවශ්‍ය නම් දරුවට හොඳින් මව් කිරි දෙන්න.

 

– මව්කිරි දෙන මව්වරුන්ට පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනය ඇතිවීමේ ඉඩකඩ අඩුයි. මවගේ පද්ධතිය තුළ ඔක්සිටොසින් ප්‍රමාණය වැඩි වී ඇති අතර, එය මව සහ දරුවා අතර රැකබලා ගැනීම, විවේකය සහ බැඳීම ශක්තිමත් කරනවා.

 

මව්කිරි දීමෙන් ප්‍රායෝගික වාසි කිහිපයක් මෙන්ම මුළු පවුලටම අගය කළ හැකි ප්‍රසාද දීමනා ද ඇත.

– කිරි දෙන කාලය තුළ ඔයාගේ දරුවාට ප්‍රමාණවත් කිරි නිපදවීම සඳහා දිනකට අමතර කැලරි 400 ත් 500 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. නමුත් ඔයා formula දෙන්න තීරණය කරන්නේ නම් අධික මුදලක්ද වැය වෙනවා. ඉතිං ඔයා හොඳ පෝෂ්‍යදායි ආහාර ගෙන දරුවට කිරි දෙන්න.  

 

– රාත්‍රියේදී, ළදරුවා අඬන විට කිරි බෝතලයට formula පිළියෙළ කරනවාට වඩා පහසුයි මව් කිරි දෙන එක. ඉතිං දරුවා රාත්‍රියේදී පෝෂණය කරනවා නම් මව් කිරි දෙන්න.

 

– පෝෂණ උපකරණවලින් පිරුණු බෑගයක් රැගෙන යාමට නොහැකි නම් දරුවා රැගෙන පිටතට යන විට මව් කිරි වලින් පෝෂණය කරන්න.

 

ඉහළම ප්‍රතිලාභය: 

මව්කිරි දීම කිරි දෙන මවට සහ දරුවාට අද්විතීය චිත්තවේගීය අත්දැකීමක් ලබා දෙනවා. මව්කිරි දීම කියන්නේ මවට පමණක් තම දරුවා වෙනුවෙන් කළ හැකි දෙයක්. එමගින් දෙමාපිය සහ දරුවන් අතර අද්විතීය හා බලවත් ශාරීරික හා චිත්තවේගීය සම්බන්ධතාවයක් ඇති කරනවා.