ගර්භණී සමයේදී ඇපල් ආහාරයට ගැනීම සුදුසුද?

කාන්තාවක් ගර්භණීව සිටින විට, දරුවාගේ සෞඛ්‍ය සම්පන්න සංවර්ධනය සහතික කිරීම සඳහා මව සෞඛ්‍ය සම්පන්නව ආහාර ගත යුතුයි. ඔබ ගර්භණී නම්, පළතුරු හා එළවළු බහුල වන සමබර ආහාර වේලක් අනුභව කිරීමෙන් ඔබ සහ ඔබේ දරුවා නිරෝගීව ඉන්න ඒක උදව් වෙනවා. මෙම ලිපියෙන් අපි එක් විශේෂ පළතුරක් ගැන කතා කරන්න හිතුවා. ඇපල් රසවත් හා සෞඛ්‍ය සම්පන්න බව ඔබ හොඳින් දන්නවා. නමුත් ඒවා ගර්භණී කාන්තාවකට ඇපල් හොඳද? ගර්භණී කාන්තාවකට යම් ප්‍රතිලාභයක් ලබා දෙනවාද? අපි අද ඒ ගැන කතා කරමු.

 

ගර්භණී සමයේදී ඇපල් අනුභව කිරීම ආරක්ෂිතද?

ගර්භණී සමයේදී ඇපල් ආහාරයට ගැනීමේදී අතුරු ආබාධ ඇති නොවන බැවින් ගර්භණී කාන්තාවන්ට ඇපල් පරිභෝජනය කරන්න පුළුවන්. ඇපල් කියන්නේ පෝෂණ ප්‍රභවයක් වන අතර මවට සහ වැඩෙන දරුවාට බෙහෙවින් ප්‍රයෝජනවත්.

ඇපල් ඔබේ ගර්භණී ආහාරයේ කොටසක් බවට පත් කර ගන්න. ඇපල් වලට පළිබෝධනාශක ඉසින නිසා ඒවා අනුභව කිරීමට පෙර හොඳින් සෝදන්න. දෙහි සහ බේකින් සෝඩා මිශ්‍ර වතුරෙන් සේදීමෙන් ඇපල් වල පොත්ත වටා ඇති වැක්ස් එක ඉවත් කරගන්න පුළුවන්.

ඇපල් ඇට වල සයනයිඩ් අඩංගු බැවින් ඇපල් ඇට අනුභව කිරීමෙන් වළකින්න. ඇට වල ඇති සයනයිඩ් ජීර්ණය වන විට සෙමෙන් ආමාශයට මුදා හරිනු ලබනවා. එබැවින් සයනයිඩ් විෂ වීමේ රෝග ලක්ෂණ පෙන්වීමට ටික වේලාවක් ගතවෙන නිසා, ගර්භණී කාන්තාවන් ඇපල් ආහාරයට ගන්නා විට ඇට ඉවත් කර ආහාරයට එක් කරගැනීමට වග බලා ගැනීම වැදගත්.

 

ගර්භණී සමයේදී ඇපල් ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි

ගර්භණී සමයේදී ඇපල් ආහාරයට ගැනීමෙන් මවට සහ වැඩෙන දරුවාට සෞඛ්‍යමය වාසි කිහිපයක් තියෙනවා. ඇපල් වල ඇති විටමින් සී සහ ප්‍රතිඔක්සිකාරක මගින් ශරීරයේ free radicals වලින් සිදුවන හානිය අවම කරයි. ඇපල් වල ඇති බී විටමින් රතු රුධිර සෛල නිරෝගීව තබා ගැනීමට උපකාරී වෙනවා. ගර්භණී සමයේදී ඇපල් ආහාරයට ගැනීම දරුවාට ප්‍රයෝජනවත් විය හැකි අතර එය ළමා කල ඇතිවිය හැකි අසාත්මිකතා සහ ඇදුම අවදානම අඩු කරයි. 

 

රක්තහීනතාවය වළක්වයි

ඇපල් යනු හොඳ යකඩ ප්‍රභවයක් වන අතර එය රුධිරයේ හිමොග්ලොබින් නිෂ්පාදනය ඉහළ නංවන අතර රක්තහීනතාවය වළක්වයි. ගර්භණී කාන්තාවන්ට යකඩ ඌණතාවයෙන් රක්තහීනතාවය ඇති වීමේ වැඩි අවදානමක් තියෙනවා. මෙය වළක්වා ගැනීම සඳහා යකඩ බහුල ආහාර අනුභව කරන්න ඕනේ. මෙම ගැටළුවට එරෙහිව සටන් කිරීම සඳහා ඇපල් ඔබේ ආහාර වේලට ඇතුළත් කරන්න.

 

ආහාර දිරවීමට උපකාරී වෙයි 

ගර්භණී සමයේදී සිදුවන හෝමෝන වෙනස්වීම් ආහාර දිරවීමේ ක්‍රියාවලිය මන්දගාමී කර මළ බද්ධයට හේතු වෙනවා. නමුත් ඇපල් අනුභව කිරීමෙන් මෙම තත්ත්වය මග හරවා ගැනීමට පුළුවන්. ඇපල් වල ආහාරමය තන්තු අඩංගු වන අතර මළපහ මෘදු කරයි. නමුත් ඔබ ඇපල් වැඩිපුර ආහාරයට ගන්නේ නම් එය ඍණාත්මක බලපෑමක් ඇති කරන්න පුළුවන්. ගර්භණී සමයේදී ඔබට දිනකට ඇපල් 1-2 ක් ලබා ගන්න.

 

ප්‍රතිශක්තිය ගොඩනැගීමට උපකාරී වෙනවා

ඇපල් යනු හොඳ විටමින් සී ප්‍රභවයක් වන අතර එය ප්‍රතිශක්තිකරණ ශක්තිය ගොඩනැගීමට උපකාරී වෙනවා. 

 

ශක්තිය සපයයි

ඇපල් වල ග්ලූකෝස්, සුක්‍රෝස් සහ ෆෘක්ටෝස් වැනි සරල සීනි අඩංගු වන අතර එමඟින් ඔබට ක්ෂණිකව ශක්තිය ලබා ගත හැක. එබැවින්, ඔබ කුසගින්නෙන් පෙළෙන විට හෝ රුධිරයේ සීනි මට්ටම අඩු වීමේ ගැටලුවලින් පීඩා විඳින විට සහ ඔබ පිටතට යන විට ඇපල් ගෙඩියක් රැගෙන යාම හොඳ අදහසක්.

 

හදවත නිරෝගීව තබා ගන්නවා 

දිනපතා ඇපල් ආහාරයට ගැනීමෙන් ධමනි බිත්ති තුළ නරක කොලෙස්ටරෝල් මට්ටම හා ප්‍රදාහය අඩු කර ගත හැක. ඔබේ හදවත නිරෝගීව තබා ගන්න එය උපකාර වෙනවා. ඇපල් ආහාරයට ගැනීමෙන් ආමාශගත දැවිල්ලටද සහනයක් ලබාගත හැක.

 

ශ්වසන ආබාධ වළක්වයි

ගර්භණී සමයේදී ඇපල් ආහාරයට ගැනීමෙන් ඔබේ දරුවා තුළ ඇදුම ඇතිවීමේ අවදානම අඩුයි. ඇපල් වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එය මවගේ පෙනහළු ශක්තිමත් කරයි. ශක්තිමත් පෙනහළු හුස්ම ගැනීම සහ ශ්වසන ආබාධ වළක්වා ගැනීමට උපකාරී වෙනවා.

 

අස්ථි වර්ධනයට උපකාරී වෙයි

ඇපල් වල ළදරුවාගේ ශක්තිමත් අස්ථි වර්ධනයට අත්‍යවශ්‍ය කැල්සියම් අඩංගු වෙයි. ගර්භණී සමයේදී ඔබේ අස්ථි ශක්තිමත් කිරීමට කැල්සියම් ද උපකාරී වෙයි. ප්‍රතිඔක්සිකාරක සහ ඉදිමුම සහ දැවිල්ල සමනය කරන සංයෝගවලින් පොහොසත් බැවින් ඒවා අස්ථි ඝනත්වය හා ශක්තිය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වෙනවා.