Search here...
TOP
එදිනෙදා ජීවිත​ය ළමා මන​ස

වැළඳගැනීමකින් ඔබේ දරුවාට අත්වන ප්‍රතිලාභ

Hugs can do great amounts of good — especially for children. ” —Princess Diana 

වැළඳගැනීමකින් විශේෂයෙන් දරුවන් සම්බන්ධ සියළු දේ යහපත් කළ හැකියි.යැයි ඩයනා කුමරිය ප්රකාශ කර තිබෙනවා

 

වැළඳගැනීමක් යනු පුද්ගලයකු සන්සුන් කිරීමට හැකි බලගතු අවියක්. ආදරය හා සෙනෙහස පෙන්වීමට හැකි විශිෂ්ඨ මාධ්යයක්. විශේෂයෙන් දරුවන් සිටින මවක් ලෙස ඔබට දරුවාට ඔබ සිතෙහි ඇති සෙනෙහස පෙන්වීමට වැළඳගැනීමකින් හැකියි. නමුත් එයට අමතරව ඔබගේ එක් වැළඳගැනීමකින් දරුවාට අත්වන වෙනත් ප්රතිලාභ රාශියක් තිබෙන බව ඔබ දන්නවාද?

 

ඔබ වැළඳගැනීමකින් ඔබේ දරුවාට අත්වන ප්‍රතිලාභයන්

 

දරුවන් සහ දෙමවුපියන් අතර බැඳීම වැඩි කිරීම

 

අප කැමති පුද්ගලයකු අප වැළඳ ගැනීම නිසා ශරීරයේ හොඳ හෝමෝන වර්ග (dopamine, serotonin සහ Oxytocin) ශ්රාවය කිරීමට උපකාරී වන අතර යහපත් මනෝ භාවයන් වැඩිදියුණු කරනු ලබනවා. එමෙන්ම ඔබගේ සුවඳ දරුවා හඳුනාගන්නා අතර ඔබ දෙදෙනා අතර බැඳීම වර්ධනයටද උපකාරී වෙනවා

 

සිරුරේ ඔක්සිටොසින් (oxytocin) මට්ටම වැඩි කරයි

මවක සහ දරුවකු අතර බැඳීම වැඩිකිරීමට උපකාරී වන ඔක්සිටොසින් හෝමෝන මට්ටම වැඩි කිරීමට වැළඳ ගැනීම හේතුවනවා. එයට අමතරව සිරුරේ දැවිල්ල අඩු කිරීමට, තුවාල සුව කිරීම වැඩි දියුණු කිරීමට සහ දැඩි ආශාවන් අඩුවීමටද බලපානු ලබනවා. ඉතින් ඊළඟ වතාවේ ඔබේ දරුවාට තුවාලයක් වූ විට දරුවා වැළඳගැනීමෙන් සහනයක් ලබාදීමට ඔබටත් උත්සාහ කළ හැකියි

 

හදවත ආරක්ෂා කරයි

 

හෘද ස්පන්දන වේගය සහ රුධිර පීඩනය සෞඛ් සම්පන්නව පවත්වා ගැනීමට ඔක්සිටොසින් හෝමෝනය මගින් හැකියාව ලැබෙන අතර දරුවා නොසන්සුන් වූ විට දරුවා වැළඳගැනීමෙන් ඉක්මණින් දරුවා සන්සුන් කර ගැනිමට ඔබට හැකිවනවා

 

දරුවා වඩාත් දක්ෂයකු කරයි

 

දරුවා ඉතා කුඩාකල සිටම සංවේදී ස්පර්ෂයන් දරුවන්ගේ මොළයේ නිරෝගී වර්ධනය කෙරෙහි බලපාන අතර ස්පර්ශය යනු පළමු සංවේදී උත්තේජනයයි. ඔබ ආදරයෙන් දරුවා වැළඳගන්නා විට ඔබේ සමත් දරුවාගේ සමත් එකට ස්පර්ශ වීමෙන් ඔවුන්ගේ මොළය උත්තේජනය වීම සිදුවේ. එමෙන්ම දරුවාගේ මතකය, ඉගෙනීම සහ ආතති ප්රතිචාරය වැඩි දියුණු කිරීමට විශාල ලෙස දායකවන hippocampus ඇතිවිමට උපකාරී වෙනවා

 

දරුවාගේ විශ්වාසය වැඩි කරයි

ඔබ දරුවා වැළඳගැනීමෙන් පවුල තුළ ආදරය සහ රැකවරණය තමාට අඛණ්ඩව ලැබෙන බවට වන විශ්වාසය දරුවාට ලැබෙනවා. එමෙන්ම ජීවිතය කෙරෙහි ශුභවාදී දෘෂ්ටියක් වර්ධනය කර ගැනීමට සහ විශ්වාසය සහ ආත්මවටිනාකම වර්ධනය වීමට සහය වෙනවා

 

ආතතිය දුරු කරයි

 

ආතති හෝමෝනයක් වන කෝටිසෝල් ඉහළ මට්ටමක පැවතීම දරුවන් තුළ කාංසාව සහ මානසික අවපීඩනය වැනි තත්ත්ව වර්ධනයට හේතුවනවා. නමුත් ඔබගේ ආදරය පිරුණ වැළඳගැනිමකින් දරුවාගේ සිරුරේ ඔක්සිටොසින් හෝමෝන මට්ටම වැඩිවන අතර ආතතිය සමනයඑය උපකාරී වෙනවා

දරුවාගේ කෝපය පාලනය

 

ඇතැම් විට දරුවන් විවිධ වූ හේතූන් නිසා කෝපයෙන් ආවේගයෙන් කටයුතු කරනවා. එවිට ඔවුන් පාලනය අපහසුවන අවස්ථා තිබෙනවා. නමුත් ඔබගේ එක් වැළඳගැනීමකින් ඔවුන්ගේ කෝපය පාලනය වන අතර සන්සුන් වීමට සහ හැඟීම් පාලනය කරගැනීමට අවකාශය සැලසෙයි

 

දරාගැනීමේ හැකියාව වැඩිකරයි

 

ආතතියට පත්වූ විට අධික ලෙස ඇඩ්රිනලින් සහ කෝටිසෝල් හෝමෝන නිකුත්වන අතර දරුවන්ට එය දරාගැනීමට නොහැකිවීමෙන් මානසික ආතතිය, කාංසිය වැනි තත්ත්වයන්ට ගොදුරු වෙනවා. නමුත් ඔබ නිතර දරුවා වැළඳගැනීමෙන් ඔක්සිටොසින් හෝමෝනය මුදා හරින අතර එමගින් කෝටිසෝල් හෝමෝනයේ බලපෑම යටපත් වෙනවා

 

සහකම්පනය ඇතිකරයි

 

වැළඳගැනීමේදි ඔබත් දරුවාත් අතර ඇතිවන සහ සම්බන්ධතාවය ඔබත් දරුවාත් අතර චිත්තවේගී පාලමක් ලෙස ක්රියා කරන අතර එකිනෙකා තේරුම් ගත හැකි වෙනවා. වැළඳගැනීම ඔබත් දරුවාත් චිත්තවේගීයව සම්බන්ධ කරන අතර එය ඔබ දෙදෙනා අතර සහකම්පනයේ සහ ආදරයේ පදනම වෙනවා

 

දරුවාගේ සෞඛ්යයට හිතකරයි

 

ඔබගේ වැළඳගැනීමෙන් දරුවාගේ මනසට පමණක් නොව කායික සෞඛ්යයටද හිතකරයි. වැළඳගැනීම ප්රතිශක්ති වර්ධකයක් ලෙස ක්රියාකරන අතර එකිනෙකා වැළඳගැනීමේදි පපුව මත ඇතිවන සුළු පීඩනය තයිමස් ග්රන්ථිය උත්තේජනය කර ආසාදන වලින් ආරක්ෂාව සලසන සුදු රුධිරානු ප්රමාණය නියාමනය කරනු ලබනවා

 

ශාරීරික වර්ධනයට උපකාරී වෙනවා

 

වැළඳගැනීමේදී ඇතිවන ශාරීරික ස්පර්ෂය ඉන්ද්රියයන් උත්තේජනය කරන අතර එමඟින් ශාරීරික වර්ධනය සිදුවීමට උපකාරී වෙනවා

 

දරුවාට සතුටක් ගෙනදෙයි

 

වැළඳ ගැනීමෙන් ඇතිවන හෝමෝන වෙනස්වීම දෙපාර්ශවයටම සතුටක් ගෙන දෙන අතර උණුසුම්, සැනසිලිදායක සහ ආරක්ෂිත බවක් දරුවාට ගෙන දෙනවා. මෙම සරල ක්රියාව මඟින් ලබා දෙන විශ්වාසය පිළිබඳ හැඟීම ඔබ දෙදෙනාටම සතුටක් ගෙන දෙනවා

 

ඔබේ ළදරුවා වැළඳ නොගැනීමෙන් ඇතිවිය හැකි බලපෑම්

 

තම හැඟීම් සහ අන් අයගේ හැඟීම් හඳුනාගැනීමේ අපහසුව

වැඩිහිටි වියේදි සබඳතා ගොඩනගා ගැනීමේ අපහසුතා ඇතිවීම

අනාගතයේදි ආත්ම අභිමානය අඩුවීම

වැළඳගැනීමකින් පිළිඹිබු වන්නේ විශ්වාසයයි. ඒ නිසා කුඩාකල සිට වැළඳ නොගන්නා දරුවන්ට විශ්වාසය සම්බන්ධ ගැටළු ඇතිවිය හැකියි

එම දරුවන් නිතරම තමන්ගෙන්ම ප්රශ්න කළ හැකි අතර ඔවුන්ගේ දුර්වලතා පිළිගැනීමට සටන් කරයි

 

වැළඳගැනීම් සම්බන්ධව දරුවාට බලපෑම් නොකළ යුතු අවස්ථා 

 

පවුලේ රැස්වීමකදී සහ වෙනත් සාදවලදී වැළඳ ගැනීම අනිවාර්ය නොවන බව ඔබේ දරුවාට දන්වන්න

වැළඳගැනීමක් සිදුවිය යුත්තේ ඔවුන්ගේ කැමැත්තෙන් පමණි

ආගන්තුකයන් වැළඳ නොගන්නා ලෙසත්, ත්යාගයක්හෝ අනවශ් ස්පර්ෂයන් නොකළ යුතු බවත් දරුවාට සරලව වටහා දෙන්න

සෑම විටම පවුලේ සහ විශ්වාසදායි පුද්ගලයන් පමණක් වැළඳගැනීමට දරුවන් දිරිගන්වන්න

 

දැන් ඔබ වැළඳගැනීමකින් ඔබේ දරුවාට අත්වන ප්රතිලාභයන් ගැන දන්නා බැවින් උණුසුම් වැළඳගැනීමකින් දරුවා පිනවන්න. එය ඔබ දෙදෙනාගේ බැඳීම ශක්තිමත් කරන අතර දෙපාර්ශවයටම එකසේ ප්රයෝජන ලබාදෙයි. ඊළඟ වතාවේ ඔබේ දරුවාට ඔබව වැළඳ ගැනීමට අවශ් වූ විට පසුබට නොවී එයට ඉඩදෙන්න. ඔබේ සරල ප්රතිචාරය ඔවුන්ගේ ජීවිතය යහපත් කර ගැනීමට උපකාරී වනු නොඅනුමානයි

 

«

»