ගර්භණී සමයේදී වරකා ආහාරයට ගැනීම සුදුසුද?

ගර්භණී සමයේදී පළතුරු, එළවළු සහ අනෙකුත් පෝෂ්‍යදායී ආහාර අනුභව කිරීම වැදගත්. සමබර ආහාර වේලක් මඟින් දරුවාට නිසි පෝෂණය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ආහාර මගින් මව සහ දරුවා යන දෙන්නම නිරෝගීව තබා ගන්න පුළුවන්. නමුත් ගර්භණී කාන්තාවක් වැළකී සිටින යුතු ඇතැම් පළතුරු හා එළවළු තිබෙනවා. මෙම ලිපියෙන් අපි එක් විශේෂිත පළතුරක් ගැන කතා කරන්න හිතුවා. ඒ වරකා ගැනයි.

 

වරකා වල පෝෂණ ගුණය

වරකා ඉතා පෝෂ්‍යදායී වන අතර එහි මධ්‍යස්ථ කැලරි ප්‍රමාණයක් අඩංගු වෙනවා. වරකා ෆෝලේට්, තයමින්, නියාසින්, රයිබොෆ්ලැවින් සහ විටමින් සී සහ විටමින් ඒ වල හොඳ ප්‍රභවයක් වන අතර එය සෞඛ්‍ය සම්පන්න තේරීමක්. මැංගනීස් තඹ, පොටෑසියම්, යකඩ සහ කැල්සියම් වැනි ඛනිජ වර්ග ගණනාවක් ද එහි අඩංගුයි. ඒ වගේම සංතෘප්ත මේද, කොලෙස්ටරෝල් සහ සෝඩියම් ඉතා අඩු ප්‍රමාණයක් අඩංගු වෙනවා.

 

ගර්භණී සමයේදී වරකා අනුභව කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන

 

ආමාශ ආබාධවලින් සහනයක් ලබා දෙයි

වරකා නිසි ප්‍රමාණයන් ගෙන් ආහාරයට ගැනීමෙන් ගර්භණී සමයේදී ආමාශයේ ඇති වන ආමාශ ආබාධ වැනි විවිධ ආබාධ වලින් ඔබව ආරක්ෂා කරයි.

 

ළදරුවාගේ වර්ධනයට හා සංවර්ධනයට උපකාරී වෙයි

වරකා, ඔබේ ශරීරයට අවශ්‍ය කැල්සියම්, සින්ක්, යකඩ, බීටා-කැරොටින් ආදිය ලබා දෙනවා. මෙම ඛනිජ ලවණ ඔබේ දරුවාගේ වර්ධනයට උපකාරී වෙනවා. එය විටමින් ඒ සහ සී වැනි විවිධ විටමින් සහ ෆෝලේට්, යකඩ වලින් පොහොසත් ප්‍රභවයක්. මෙම සියලුම පෝෂ්‍ය පදාර්ථ දරුවාගේ අවයව සෑදීමට උපකාරී වෙනවා.

 

රුධිර පීඩන මට්ටම පාලනය කිරීමට උපකාරී වෙයි

ගර්භණී කාන්තාවකගේ රුධිර පීඩන මට්ටම ඉහළ යාම කළලයට අහිතකර විය හැකි අතර විවිධ සංකූලතා ඇති කරනවා. කොහොම වුනත්, වරකා වැනි සෞඛ්‍ය සම්පන්න ආහාරයක් අනුභව කිරීමෙන් රුධිර පීඩන මට්ටම පාලනය කර ගැනීමටත් මව සහ දරුවා යන දෙදෙනාම නිරෝගීව සිටින බවටත් සහතික විය හැක.

 

තෙහෙට්ටුවට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙයි

ගැබ් ගැනීම කාන්තාවකට ඉතා වෙහෙසකර වෙන්න පුළුවන්. ඔබ ගර්භණී නම්, ඔබ ඔබේ දරුවා දරාගෙන සිටින නිසා ඔබට නිතරම තෙහෙට්ටුවක් දැනෙනවා. නමුත් සෞඛ්‍ය සම්පන්න පළතුරු හා එළවළු ආහාරයට ගැනීමෙන් ඔබට ශක්තිය ලබා ගත හැකි අතර තෙහෙට්ටුවද වළක්වා ගන්න පුළුවන්. වරකා එවැනි සෞඛ්‍ය සම්පන්න පළතුරක්

 

ජීර්ණය උත්තේජනය කරයි

ගර්භණී සමයේදී මළ බද්ධය හා ජීර්ණය සම්බන්ධ ගැටළු බහුලව දක්නට ලැබෙනවා. ඔබට මළ බද්ධය හෝ ආහාර දිරවීමේ ගැටළු ඇති වුවහොත්, ඒ හා සම්බන්ධ ගැටළු වලට එරෙහිව සටන් කිරීම සඳහා ඔබට තන්තුමය පළතුරු සහ එළවළු ආහාරයට ගන්න වෙනවා. වරකා ඔබගේ මළ බද්ධය සමනය කිරීමට සහ ආහාර ජීර්ණ ක්‍රියාවලීන් ප්‍රශස්ත කිරීමට උපකාරී වෙනවා.

 

ආතතිය අඩු කිරීමට උපකාරී වෙයි

ගැබ්ගැනීමේ අවසාන කාලයේදී ඔබ පහසුවෙන් ආතතියට පත්විය හැකි නමුත් එය ඔබට හෝ ඔබේ දරුවාට හොඳ නැහැ. ඔබට ආතතියක් දැනෙනවා නම්, ඔබට භාවනා කිරීමට හෝ යෝගා කිරීමට උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම මානසික ආතතිය අඩු කර ගැනීම සඳහා වරකා ඔබේ ආහාර වේලට ඇතුළත් කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම වරකා ඇට වල ඇති ප්‍රෝටීන සහ වෙනත් පෝශ්‍ය පදාර්ථ මානසික ආතතිය අඩු කිරීමට උපකාර වෙනවා. 

 

ප්‍රතිශක්තිකරණය ඉහළ නංවනවා

වරකා විටමින් සී වලින් පොහොසත් පළතුරක් ල්. මේ නිසා ගර්භණී සමයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට මෙය උපකාර වෙනවා.