ඔබේ දරුවාට දිනපොතක් ලිවීමට දීමෙන් ලැබෙන ප්‍රයෝජන කිහිපයක් මෙන්න

කාලය වේගයෙන් ගෙවෙන නිසා අපිට අපේ ජීවිතයේ ක්‍රියාවන් හා ඒවායේ ප්‍රතිවිපාක ගැන කතා කිරීමට කාලයක් ලැබෙන්නේ නැහැ. නමුත් දිනපොතක් ළඟ තබා ගැනීමෙන් ඔබේ දරුවාට ඔහුගේ ක්‍රියාවන් දෙන නැවත බැලීමට බල කෙරෙනවා. මීට අමතරව, ගැටළුවේ ස්වරූපය හඳුනා ගැනීමට සහ ගැටළු වලට විසඳුම් ද බොහෝ විට පැහැදිලියි. 

පොඩ්ඩාගේ අරමුණු සහ අභිලාෂයන් ගැන ලිවීමට දිනපොත දරුවව දිරිමත් කරනව වගේම ඔහුගේ/ඇයගේ අවධානය එක තැනක තබා ගැනීමට උපකාරී වෙනවා. ඔබේ දරුවා තවමත් වෘත්තීය අභිලාෂයන් ඇති කර ගැනීමට තරම් වැඩුණ පුද්ගලයෙකු නොවුණත් අනාගතය ඔබ සිතනවාට වඩා සමීපයි. දිනපොතක් තබා ගැනීම ජීවිත කාලය පුරාම පුරුද්දක් කර ගැනීමට නම් ළමා කාලයේදීම ආරම්භ කරන්න ඕනේ. 

 

ඊට අමතරව, දිනපොතක් ලිවීමෙන් ලැබෙන අමතර වාසි කිහිපයක් මෙන්න. 

 

මතකය

සෑම රාත්‍රියකම දිනපොතේ දවසේ සිදුවීම් සටහන් කිරීමෙන්, දරුවාට දවසේ සිදුවීම් සිහිපත් වන විට ඔහුගේ මතකය අවදි කිරීමට අවස්ථාව ලැබෙනවා. මෙම මොළයට කරන ව්‍යායාමය මගින් මොළය තියුණු හා ක්‍රියාකාරී වන අතර එය මතක ශක්තියද වැඩි කරනවා. ඇත්ත වශයෙන්ම, සෑම සන්ධ්‍යාවකම වාඩි වී දවසේ සිදුවීම් සිහිපත් කිරීම යෝගා ව්‍යායාමයක්.

 

පෞද්ගලිකත්වය

දරුවාගේ දිනපොත ඔහුගේ පෞද්ගලික දේපළක් බව ඔබේ දරුවාට දැනගැනීමට සලස්වන්. එය කියවීමට කිසිවෙකුට අයිතියක් නැහැ. මේ ආකාරයෙන්, ඔබ ඔබේ දරුවාගේ පෞද්ගලිකත්වයට ගරු කරනවා. ඒවගේම ඔහුගේ පෞද්ගලිකත්වයට ඔබ ගරු කරන ආකාරයටම, අනෙක් පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයටත් ගරු කළ යුතු බව ඔහු ඉගෙන ගන්නවා.

 

අවංකභාවය

දිනපොතක් තබා ගැනීම අවංකකම දිරිගන්වනවා. මොකද පුද්ගලයෙක් තම දිනපොතට බොරු කියන්නේ කලාතුරකින්. වෙන කිසි කෙනෙක් තම දිනපොත කියවන්නේ නැති නිසා තමා තමන්ටම බොරු කීමෙන් පලක් නැති බව ඔබේ දරුවාට කියන්න.

 

විනය

සෑම රාත්‍රියකම වාඩි වී  දිනපොතේ පිටුවක් හෝ දෙකක් ලිවීමට පුරුද්දක් ඇති කරවන්න. ඉඳහිට දිනපොත ලිවීම විනයක් ඇති කරවන්නෙ නැහැ. ඔබේ දරුවා දිනපොත ලිවීම නිතිපතා කරන්නේ නම්, ඔහු වෙනත් කාරණා සම්බන්ධයෙන් ද නිතිපතා කටයුතු කරන්න පෙළඹෙනවා.