Search here...
TOP
දරුවන්ගේ සෞඛ්‍යය ළමා මන​ස

මවත් බිළිඳාත් අතර සමට සම සම්බන්ධයෙන් ලැබෙන ප්‍රථිලාභ සහ එය සිදුකරන ආකාරය

අලුත උපන් දරු පැටියා ඔබගේ පපුවට තුරුලු කරගෙන සිටීමට බොහෝ මවුවරුන් පුරුදු වී සිටිනවා.. එමගින් ඔබගේ ආදරය සහ සෙනෙහස දරුවාට දැනෙනවා පමණක් නොව ළදරුවා තම මවට හෝ පියාට සමීප වී සිටීමෙන් oxytocin හෙවත් ආදර හෝමෝනය නිකුත්වීම වේගවත් වන අතර එය දරුවාට නීරෝගි වර්ධනයක් සඳහා මෙන්ම ප්‍රීතිමත්ව සිටීමටද  උපකාරි වෙනවා.

 

නමුත් ඔබ දන්නවාද ඔබ දරුවා සමග Skin to Skin සබඳතාවයක් පැවැත්වීම දරුවාට සතුටින් සිටිමට සහ නිරෝගි වර්ධනයකට අමතරව තවත් බොහෝ ප්‍රතිලාභ ලබාදෙන බව.. දරුවාට භාහිර ලෝකය සමග සම්බන්ධවීමට, දෙමවුපියන් සමග බැඳීම වැඩිකර ගැනීමට සහ දරුවාගේත් දෙමවුපියන්ගේත් ආතතිය අඩු කරලීම, මවුකිරි බීම සඳහා උත්තේජනය වීම වැනි බොහෝ කාරණා සඳහා එය ඉතා වැදගත් වනවා.

 

දරුවා සමග Skin to Skin සබඳතාවයක් පැවැත්විමේ ප්‍රතිලාභ

බොහෝ පර්යේශණ මගින් හෙළිව ඇති ආකාරයට බිළිඳකු මෙලොව එළිය දුටු වහාම මව සමග සමට සම සම්බන්ධ වීමෙන් මවුකිරි දීම ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාමටත්, දරුවාගේ ශරීර උෂ්ණත්වය පවත්වා ගැනීම, රුධිර සීනි ස්ථාවර කිරීම සහ දරුවා අඬන කාලය කෙටි කරගැනීමටත් නොමේරූ ළදරුවන්ගේ හෘද ස්පන්දන වේගය ස්ථාවර කිරීමටත් උපකාරි වනවා. විශේෂයෙන් ගර්භාශයෙන් පිටත පරිසරය සඳහා දරුවා හුරුවන මෙම සංක්‍රාන්ති කාල සීමාව සඳහා මවගේ උණුසුම ලබාදීම තුළින් දරුවාට ඉක්මණින් බාහිර ලෝකය සඳහා හුරුවීමේ අවකාශය සැකසෙනවා.

 

විශේෂයෙන් අලුත් පවුල් සඳහා මෙම සමට සම සම්බන්ධය තුලින් අත්වන ප්‍රතිලාභ රාශියක් තිබෙනවා.

 

ශරීර උෂ්ණත්ව නියාමනයට සහය වීම

ළදරුවා තම මව හෝ පියා සමග සමට සම සම්බන්ධයක් පවත්වා ගැනීමෙන් ඔවුන්ගේ සිරැරෙ උෂ්ණත්වය නියාමනය කළ හැකි වනවා.. විශේෂයෙන් ගර්භාශයෙන් එළියට විට ප්‍රසූතිකාගාරයේ ඇති අධික සීතලට නිරාවරණය වීමෙන් සිටින දරුවාට මවගේ උණුසුම රැකවරණය සලසනවා

 

මවුකිරි ලබාදීම

දරුවන් ඉපදෙන සුවඳ පිළිබඳ දැනීමක් සහ අවධානයක් සහිත බව පවසන පර්යේශකයන් උපතින් පසු බිළිදා, මවගේ සමට සමීප වූ විට තන පුඩුව සොයා ගැනීමට දැඩි වෙහෙසක් දරන අතරම ඇයගේ උෂ්ණත්වය ඇගේ තන පුඩුවේ සුවඳ තන පුඩුව සොයා ගැනීමට සහ ආහාර චර්යාවන් ස්ථාපිත කිරීමට උපකාරි වනවා. මවගේ සමට සම්බන්ධ වීමත් සමග Oxytocin හෝමෝන වර්ධනය වේගවත් වීම ආතතිය සහ කාංසාව අඩුකිරීමට හේතුවන අතර මවුවරුන්ට දරුවා සමග වන බැඳීම සමබන්ධයෙන් විශ්වාසය තහවුරු වීම සහ අඛන්ඩව මවුකිරි ලබාදීම කල හැකි වනවා.

 

ඇඬීම පාලනය

අලුත උපන් දරුවන් සාමාන්‍යයෙන් අඬන නමුත් මවගේ උණුසුමට ලංකරගත් විට ඔවුන් ඉක්මනින් නැලවෙනවා. අනෙකුත් ක්ෂීරපායින් මෙන් ළදරුවන් තම මවගෙන් වෙන්වීම සහජයෙන්ම හඳුනා ගන්නා අතර හැඬීම තුලින් ඔවුන් එය පිටකරනවා. එමෙන්ම අලුත උපන් බිළිඳුන් පමණක් නොව වයසින් වැඩි දරුවන් පවා රුධිරය ගැනීමේදී සහ එන්නත් ලබාදීම වැනි අවස්ථා තුලදී මවගේ උණුසුමේ සිටිනවිට අඩුවෙන් අඬනු දැකිය හැකියි මෙන්ම මවගේ උණුසුමේ සිට්න විට හෘද ස්පන්දන වේගය අඩුවීමත් ආතති හෝමෝන ක්‍රියාකාරිත්වය අඩු වීමත් සිදුවනවා.

 

සිසේරිය සැත්කමකට පසු මවට සහනය ගෙන දීම

සිසේරියන් සැත්කමකට පසුව ඉක්මනින් ප්‍රසූතිකාගාරය තුලදී හෝ විවේකාගාරයේදි දරුවා මවගේ සමට සමීප කළ හැකි අතර එමගින් මව්වරුන්ගේ වේදනා මට්ටම් අඩු කරන අතර ඔවුන් වඩාත් තෘප්තිමත් වීමත් කාංසිය අඩු වීමත් සිදුවන බව පර්යේශකයන් පවසනවා.

 

දරු උපතකින් පසු සමට සම සම්බන්ධ කල නොහැකි අවස්ථා

නොමේරු දරු උපතකදී

සිසේරියන් සැත්කමකදී සාමාන්‍ය නිර්වින්දන සිදුකල විට මව අවදි වන තෙක් දරුවා මවට සමීප කල නොහැකි විය හැකියි.

ළදරුවෙකු සෞඛ්‍ය සම්පන්න නම් මවට යම් ළය ආශ්‍රිත ආසාදනයක් හෝ උණ රෝගය ඇති අවස්ථාවකදී හැර මව කොවිඩ් ආසාදිතයකු වුවත් නිවැරදි ආකාරයට මුව ආවරණයක් පැළැඳ දරුවා ලංකරගත හැකියි.. එමෙන්ම  HIV ආසාධිත මවකට වුවද මවුකිරි ලබා නොදී දරුවා ලංකරගත හැකිය .

 

දරුවා සමග Skin to Skin සබඳතාවයක් පවත්වන ආකාරය

  • ඔබ දරුවා ඔබගේ පපුව මත තබාගෙන සිටින විට අවදියෙන් සිටීම වැදගත් වන අතර ඔබ නින්දට යොමුවනවා නම් දරුවා ආරක්ශිතව දරුවාගේ ළදරු ඇඳ මත තැබිය යුතුයි.

 

  • දරුවාගේ සම ඔබගේ සමට සම්බන්ධව තබාගැනීමට නම් පළමුව ඔබගේ උඩුකය ඇඳුම ඉවත්කර, දරුවාගේ ඩයපරය ඉවත්කර දරුවාගේ පපුව ඔබගේ පපුව මත සිටින සේ දරුවා තබාගත යුතුයි.

 

  • දරුවාගෙ නාසය සහ මුඛය දරුවාට හුස්ම ඉහල පහළ දැමීමට පහසුවන සේ පසෙකට හරවා තබාගන්න.

 

  • දරුවාගේ බෙල්ල අපහසුවක් ඇතිනොවන පරිදි තබාගන්න.

 

දරුවා සමග Skin to Skin සබඳතාවයක් පැවැත්වීම මගින් දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩනැගීමට උපකාරවන අතර දෙමවුපියන්ගේ පපුව ආශ්‍රිතව ඇති හිතකර බැක්ටීරියා සඳහා දරුවා නිරාවරණය වේ. එමගින් දරුවාගේ ප්‍රතිශක්තිකරන පද්ධතිය ගොඩනැගීම සිදුවේ. ඊට අමතරව දරුවා සමග Skin to Skin සබඳතාවයක් පැවැත්වීම මගින් දෙමවුපියන්ට ප්‍රතිලාභ හිමිවේ.. දරුවා තමා සමීපයට ගෙන සිටීමෙන් ආතති හෝමෝන ක්‍රියාකාරිත්වය අඩුවන අතර මානසික අවපීඩනයෙන් මිදීමට සහ කාංසිය අඩුකිරීමට හේතුවනවා. 2017 වසරේදි කරන ලද පර්යේශණයකට අනුව තම දරුවා ඉපදුණු දිනයේ අවම වශයෙන් මිනිත්තු 15 ක් දරුවා තමාගේ සමට සම්බන්ධ කරගෙන සිටි පියවරුන් සමග දරුවන්ගේ බැඳීම වැඩිබව හෙළිවී තිබෙනවා.

«

»