Search here...
TOP
ළමා මන​ස

ඔබේ දරුවා කුඩා වියේ සිටම සංගීතයට හුරු කරවීමෙන් අත්වන ප්‍රතිලාභ

දෙමවුපියන් සෑම දෙයක්ම කරනු ලබන්නේ ඔවුන්ගේ දරුවන්ගේ වර්ධනය සහ සාර්ථකත්වය වෙනුවෙන්. දරුවන් සාර්ථකත්වය කරා යොමුකිරීමට දෙමවුපියන් නොයෙකුත් ක්‍රමවේදයන් අනුගමනය කරන අතර මෙම ලිපිය මගින් Baby and Me අපි එයට වැදගත් වෙන තවත් එක් වැදගත් කරුණක් ගැන ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
දරුවකු සාර්ථකත්වයේ මාවතට යොමුකළ හැකි නොයෙකුත් ක්‍රමයන් අතරින් වැදගත් ස්ථානයක් සංගීතයට ලැබෙනවා. නමුත් බොහෝ දෙමවුපියන් සංගීතය ප්‍රිය කළත් එමගින් තම දරුවාගේ සංජානනමය කුසලතා වර්ධනයට දක්වන සහය ගැන එතරම් තැකීමක් සිදු කරන්නෙ නැහැ. ආත්ම අභිමානය ගැන ගැටළු වලට උපකාර කිරීමේ සිට භාෂා අවබෝධය දක්වා නොයෙකුත් ගැටළු වලට සංගීතය සැබැවින්ම හොඳ ප්‍රතිකාරයක්.

සංගීතය මතකය වැඩිදියුණු කරනවා

2018 වසරේදි කරන ලද අධ්‍යනයකට අනුව සංගීත භාණ්ඩයක් ඉගෙනීමට හෝ සංගීතය ගැන හැදෑරීමට දිරිමත් කරන ලද වයස අවුරුදු 8 සිට 12 දක්වා ළමුන් සංගීතය සහ ඉන් පරිබාහිර විෂ‍යන් යන දෙක ගැන මතකයේ තබාගැනීම සම්බන්ධව ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කළා. ඊට අමතරව වෙනත් අධ්‍යනයකට අනුව වයස අවුරුදු 7 දී පමණ සංගීතය හැදෑරීමට යොමුවූ දරුවන්ගේ භාෂා අවබෝධය ඉහළ මට්ටමක පවතින බව තහවුරු වී තිබෙනවා.

සංගීතය දරුවන් සමාජානුයෝජනයට හුරු කරනවා

වයස අවුරුදු 8ත් 12ත් අතර කාලය තුළ සංගීතය හැදෑරීමට යොමු කිරීමෙන් දරුවාගේ සමාජ කුසලතා සහ චිත්තවේගීය වර්ධනය බෙහෙවින් වැඩිදියුණු කළ හැකි බවට අධ්‍යයන මගින් හෙළිවී තිබෙනවා. එමෙන්ම සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට හුරු වීම දරුවා තුළ ජයග්‍රාහී හැඟීම් ඇතිකරන අතර දරුවාගේ ආත්ම අභිමානය වර්ධනයට ධනාත්මක බලපෑමක් එමගින් එල්ල කරනවා. සාමුහිකව සංගීතයේ නියැලීමෙන් දරුවන්ගේ සහකම්පනය (empathy) වැඩි දියුණු කරනවා.

 

දරුවා තුළ අධ්‍යාපනික කුතුහලය ඇතිකිරීමට සංගීතය සහය වනවා

කුඩා වියේ සිට සංගීතය හැදෑරීමට දරුවා යොමු කිරීමෙන් දරුවාගේ අධ්‍යාපනය කෙරෙහි ධනාත්මක බලපෑම් එල්ල කරන අතර එම සිසුන්ගේ ජීවිත පසුකාලීනව විශාල අධ්‍යාපනික සාර්ථකත්වයක් අත්කර ගනු ලබන බවටයි පර්යේෂකයන් අනාවරණය කරන්නෙ. එමෙන්ම සංගීතය නිසා දරුවන් තුළ ඇතිවන මානසික අවපීඩන තත්ත්වයන් පාලනය වන අතර ඒ නිසා ඔබ, ඔබේ දරුවා සංගීත පන්තියකට දැමීමෙන් ඔවුන්ව පුළුල් සංගීත ලෝකයට හඳුන්වා දෙනවා පමණක් නොව ඔවුන්ගේ ඉදිරි ජීවිතය සාර්ථක කිරීමට ඔබ විසින් කරනු ලබන වටිනා ආයෝජනයක් ලෙසද සැලකිය හැකියි.

TAGS:, ,

«

»