ගැබ් ගැනීම සඳහා වඩා සුදුසුම ලිංගික ඉරියව්

විවාහයෙන් පසු ඔයා සහ සැමියා දරුවෙකුගේ සිනාවක් දැකීමට සිහින දකිනවා. ඔයා ගැබ් ගැනීම සඳහා ඔයාගේ මනස සුදානම් කර ගෙන නම් ඉන්නෙ හැකි ඉක්මණින් ගැබ් ගැනීමට ප්‍රාර්ථනා කරනව. කොහොම වුණත්, කාලය ගත වුණත් ඉවසිලිමත්ව කටයුතු කරන්න. ගැබ් ගැනීම වේගවත් කිරීම සඳහා ඔයා කළ යුතු දේවල් කිහිපයක් සහ ගැබ් ගැනීම් අවස්ථා වැඩි කර ගැනීමට අවශ්‍ය නම් ඔබ වැළකී සිටිය යුතු කරුණු කිහිපයක් ගැනයි මේ කියන්න හදන්නෙ.

 

ලිංගික ඉරියව් හා ගැබ් ගැනීම 

ගැබ් ගැනීම සඳහා හොඳම ඉරියව්වට පැමිණි විට, සාමාන්‍යයෙන් සිදු වන්නේ පිරිමි ශුක්‍රාණු හැකි තරම් ගැහැණු ගැබ්ගෙල ආසන්නයේ තැන්පත් වීමයි.

ගැහැණු ඩිම්බයේ හා පිරිමි ශුක්‍රාණුවේ ආයු කාලය සමඟ මෙය සම්බන්ධයි. ඩිම්බකෝෂයෙන් ඩිම්බයක් මුදා හැරීමෙන් පසු එය පැලෝපීය නාලයෙන් ගර්භාෂය දක්වා ගමන් කරයි. මුදා හරින ලද ඩිම්බයක් සාමාන්‍යයෙන් පවතින්නේ පැය 24 ක් පමණක් වන අතර ශුක්‍රාණුවක් ගැහැණු ශරීරයේ දින තුනක් සිට පහක් දක්වා පැවතිය හැක. එනිසා ශුක්‍රාණු ඩිම්බය හැකි තරම් කිට්ටු විය යුතු අතර එමඟින් ඩිම්බය මිය යාමට පෙර හමුවීමට හා එක්වීමට හැකිය.

ලිංගික ඉරියව් ගැබ් ගැනීම හා සම්බන්ධයක් ඇති බව බොහෝ දෙනෙක් පිළිගන්නේ නැහැ, නමුත් කෙටි වේලාවකින් ශුක්‍රාණුව ඩිම්බය හමුවීමට උපකාරී වීමට ලිංගික ඉරියව් වැදගත්. 

මෙය විශේෂයෙන්ම වැදගත් වන්නේ පිළිසිඳ ගැනීමේ ගැටළු හෝ දුෂ්කරතා ඇති විවාහක යුවලයන් සඳහායි. ගැබ් ගැනීම සඳහා හොඳම ඉරියව්ව කියන එකෙන් අදහස් වෙන්නෙ ගැබ්ගෙල දක්වා ශුක්‍රාණු ඉක්මණින් ළඟා නොවෙන ඉරියව් මගාරින්න කියන එකයි. පිළිසිඳ ගැනීමට උත්සාහ කරන විට, යෝනි මාර්ගයෙන් පිටතට ගලා යන ශුක්‍රාණු ප්‍රමාණය සීමා කිරීම වඩාත් සුදුසුයි.

ශුක්‍රාණු වලට ගැබ්ගෙල දක්වා පිහිනීමට ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතු අතර මුදා හරින ලද ශුක්‍රාණු පිටතට පැමිණීම සීමා කර ගැනීමට කාන්තාවගේ ඉණ ස්ථානගත කළ යුතුයි.

 

ඒ වෙනුවට පහත දැක්වෙන ක්‍රම try කරලා බලන්න:

 

The missionary position: 

ගැබ් ගැනීම සඳහා හොඳම ක්‍රමයකි. මෙයට හේතුව මෙම විශේෂිත පිහිටීම නිසා හැකි තරම් ගැඹුරට යාමට ඉඩ සලසන අතර ශුක්‍රාණු ගැබ්ගෙලට ආසන්නව තැන්පත් වෙයි.

 

Raise the hips:

කොට්ටයක් කොන්ද පිටිපසට තබා උකුල ඉහළට ඔසවා තැබීමද ප්‍රයෝජනවත්. මෙමගින් ගැහැණු ගැබ්ගෙල තුළටම ශුක්‍ර තරලය මුදා හැරිය හැක.

 

Doggy-style:

පුරුෂයා ස්ත්‍රියට පිටුපසින් සිටින අතර මෙම ක්‍රමය මගින් ශුක්‍රාණු ගැබ්ගෙලට ආසන්නව තැන්පත් වන අතර එමඟින් පිළිසිඳ ගැනීමේ අවස්ථාව වැඩි කරයි.

 

Side-by-side:

පැත්තෙන් වැතිර සිටියදී සංසර්ගයෙහි යෙදීමටද උත්සාහ කරන්න. මෙම පිහිටීමෙන් ගැබ්ගෙල පිරිමි ශුක්‍රාණුවට වඩාත්ම නිරාවරණය වෙයි.

 

Woman on top:

සමහර විට ගුරුත්වාකර්ෂණය නොසලකා හැරීම පුදුම සහගත විය හැකි අතර, දරුවෙකු පිළිසිඳගන්න උත්සහ කිරීමේදී the woman on top ඉරියව්ව වඩාත්ම සුදුසු වෙන්නෙ එය සම්පූර්ණ ලිංගික එක්වීමකට සුදුසුම ඉරියව්වක් නිසයි. පුරුෂයා ඇඳේ වැතිර සිටින හෝ වාඩි වී සිටින විට ස්ත්‍රිය ඔහුට මුහුණ ලා හෝ පිටුපා සිටින අතර පුරුෂයා තම ශිෂේණය ස්ත්‍රියගේ යෝනි මාර්ගයට ඇතුල් කිරීම සිදු වෙනව. 

 

Peg style:

Peg style කියන්නේ ඔබ ගැබ් ගැනීම සඳහා භාවිතා කරන තවත් ස්ථිර ක්‍රමයක්. ඔබ කළ යුත්තේ සැමියා ඇඳ මත වැතිරී සිටින විට ඔහුගේ ශරීරය මත මුහුණලා හාන්සි වීමයි.

 

Orgasms

අවසාන වශයෙන්, මෙය ලිංගික ඉරියව් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති අතර, පිළිසිඳ ගැනීමේදී කාන්තා ඉන්ද්‍රියන්ගේ වැදගත්කම ගැනයි කතා කරන්න යන්නේ. පරීක්ෂණයන්ට අනුව, ගැහැණු සුරතාන්තය ශුක්‍රණු ගැබ්ගෙලට තල්ලු කළ හැකි සංකෝචන වලට තුඩු දෙනවා. ඒ නිසා පිළිසිඳ ගැනීමට උත්සාහ කරන අතරතුර විනෝද වන්න.

 

ආතතියෙන් තොර වන්න

ඔයා කුමන ලිංගික ක්‍රමයක් තෝරා ගත්තද, පිළිසිඳ ගැනීමට උත්සාහ කිරීමෙන් ඔයා ආතතියට පත්වුවහොත් ඔබට කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මානසික ආතතියෙන් තොර ප්‍රීතිමත් හා ඉක්මන් පිළිසිඳගැනීමකට ගැඹුරින් හුස්ම ගැනීමේ ව්‍යායාම, යෝග සහ භාවනා උත්සාහ කරන්න!