ගැබ් ගැනීම සඳහා දවසේ හොඳම කාලය මොකක්ද?

සරු දිනයන් ඉලක්ක කරගැනීමේ ඉඳන් නිවැරදි පෝෂණ අතිරේක ලබා ගැනීම දක්වා පිළිසිඳ ගැනීම කියන්නේ ඔබ දෙදෙනා විසින් කරන්න ඕනේ උපක්‍රමශීලී ක්‍රියාවලියක්. ඒත් මේ සමස්ත ක්‍රියාවලිය තුළම පිළිසිඳ ගැනීමේ කාලයට අදාළත්වයක් හෝ අවධානයක් තිබෙනවාද කියලා ඔබ නිකමට හරි හිතලා තියනවාද? ගැබ්ගැනීමේ සම්භාවිතාව ඉහළ මට්ටමක පවතින කාලය ගැන අද අපි ඔබට තොරතුරු කියන්නම්. පිළිසිඳ ගැනීමට හොඳම කාලය උදේද නැතිනම් රාත්‍රියේ දැයි දැන් අපි සොයා බලමු…

 

පිළිසිඳ ගැනීමට දවසේ හොඳම කාලය කුමක්ද?

අධ්‍යයන වලින් හෙලි වෙලා තියෙන්නේ උදේ 7.30 ට පෙර උදෑසන ඔබ දෙදෙනා ලිංගිකව සමීප වීම ඔබේ ගැබ්ගැනීමේ අවස්ථාවන් වැඩි කරන බවයි. මොකද මෙම අවස්ථාවේදී ශුක්‍රාණුවල ගුණාත්මක භාවය දවසේ ඉතිරි කාලයට වඩා බෙහෙවින් වැඩියි කියලයි පැවසෙන්නේ.

 

කෙසේ වෙතත්, තව දුරටත් කරන ල​ද අධ්‍යන වලින් සොයාගෙන ඇත්තේ පිරිමින්ගේ ශුක්‍රාණු චලනය හා ප්‍රමාණය සවසට ආසන්න දහවල් කාලයේදී උපරිම මට්ටමක පවතින බවයි. 

 

පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම උදෑසන 6 සිට 9 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ යාමත්, රාත්‍රී 10 සිට අලුයම 1 දක්වා කාලය තුළ පිරිමින්​ගේ ලිංගික ආශා​ව උච්චතම අවස්ථාවට පැමිණීමත් සමඟ ගැබ් ගැනීමට උත්සාහ කිරීමට ඔබට එවැනි අවස්ථාවන් කිහිපයක් තිබෙනවා.

 

මාස් ශුද්ධිය අක්‍රමවත් වන අවස්ථාවල මෙම සරු දිනයන් නිසියාකාරව ගණන් කරන එක අසීරු වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවලදී ඔබට සහ සහකරුට දවසක් හැර දවසක් හෝ දිනපතා මෙම ගැබ් ගැනීම සඳහා උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම තමයි දුම්පානය සහ අයහපත් සෞඛ්‍ය පුරුදුවලින් ඈත් වී සිටීමත්, මෙම ක්‍රියාවලිය කාලසටහනකට කරන රාජකාරියක් කර නොගෙන ඉන් තෘප්තියක් ලැබීමට උත්සාහ කිරීමත් අනිවාර්යයෙන් විය යුත්තක්.