ළමුන්ට ඇතිවෙන්න පුළුවන් බයිපෝලා ඩිස්ඕඩර් (Bipolar Disorder) තත්ත්වය ගැන දැනගමු

මානසික තත්ත්වයන් උඩු යටිකුරු වීම ලොකු කුඩා භේදයකින් තොරව වර්තමාන සමාජය තුළ ඇතිවී තිබෙන තත්ත්වයක්. විශේෂයෙන් දරුවන්ගේ මනෝභාවයන් තුළ වන විශාල සහ නිරන්තර වෙනස්වීම වහාම තේරුම් ගැනීමත් නිසි ක්රියාමාර්ග අනුගමනය කිරීමත් කළ යුතු වනවා. මෙවැනි දරුවන්ගේ හැසිරීම සහ සෞඛ් තත්ත්වය ගැන නිසි අවබෝධයකින් පසුවීම ඉතාමත් වැදගත් වනවා. මෙම ලිපිය මගින් Baby & Me අපි ඔබට ළමුන්හට බලපානු ලබන බයිපෝලා මානසික ආබාධය ගැන සහ එය නිසි පරිදි කළමණාකරණය කර ගත හැකි ආකාරත් ඉදිරිපත් කරනවා

 

බයිපෝලා ආබාධය යනු කුමක්ද?

Bipolar Disorder යනු නිධන්ගත මානසික සෞඛ් තත්ත්වයක්. එමගින් මොළයට බලපෑම් එල්ල කරනු ලබන අතර එමගින් ආසාදිතයාගේ මනෝභාවයන් මෙන්ම චර්යාරටාවන් වෙනස්වීම අත්දැකිය හැකියි. මෙය Bipolar Affective Disorder නැතිනම් Manic-Depressive Illness ලෙස හඳුන්වනු ලබනවා. මෙය බොහෝ විට යොවුන් වියේ පසුවන්නන්ට සහ වැඩිහිටියන්ට බලපානු ලබන අතර ඇතැම් විට කුඩා දරුවන්ටද බලපෑම් එල්ල කරනු ලබනවා. පර්යේෂණයන්ට අනුව එය සමස්ත ජනගහණයෙන් 3%කට පමණත් යම් යම් මානසික අවපීඩන තත්ත්වයන් සහිතව ප්‍රතිකාර ලබමින් සිටින දරුවන්ගෙන් 7% පමණත් බලපෑම් එල්ලකරනු ලබනවා

ළමුන් තුළ ඇතිවන මෙම බයිපෝලා ආබාධ තත්ත්වය නිසා ඔවුන් තුළ එක් එක් අවස්ථා වල අධික ප්රීතියකින් සහ ජවයකින් යුක්තවත් ඇතැම් විට දුකින්, කළකිරීම් හෝ වෙහෙසකාරි ස්වභාවයක් දැකිය හැකියි. ඇතැම් විට මෙම මනෝභාවයන් දෙකම දරුවන් තුළ එකවර දැකිය හැකියි. එබැවින් රෝග විනිශ්චය මදක් සංකීර්ණ වන අතර සඳහා පුහුණු මානසික සෞඛ් වෘත්තිකයන් විසින් නිසි පරික්ෂාවක් කළ යුතුවනවා

 

බයිපෝලා ආබාධයේ වර්ග

1. Bipolar I

මෙය මෙම රෝගයේ බරපතල තත්ත්වයක් වන අතර එය “manic-depressive illness” ලෙස හඳුන්වනු ලබනවා. සතියක පමණ කාලයක සිට දරුවන් අත්විඳින මිශ්‍ර චිත්තාවේගයන් ක්රමක්රමයෙන් බරපතල වීම මෙහිදී සිදුවන අතර දෛනික ක්රියාකාරිත්වය වෙනස්වීම සහ නින්ද නොයෑම වැනි සංකූලතා ඇතිවිය හැකියි. මෙම තත්ත්වය ක්රමයෙන් උත්සන්න වීමත් සමග දරුවා රෝහල් ගත කිරීමටත් සිදුවිය හැකියි

 

2. Bipolar II

මෙය ඉහත Bipolar I තත්ත්වයට සමාන වුවත් එයට වඩා අඩු බලපෑම් සහිත තත්ත්වයක්. උපරිමයෙන් දින 4ක් පමණ පවතින අතර දෛනික ක්රියාකාරකම් සහ දරුවාගේ ජීවිතයට බලපෑම් සිදුවිය හැකි බැවින් අවධානයෙන් පසුවීම වැදගත් වනවා

 

3. Bipolar Not Otherwise Specified (NOS)

 බයිපෝලා ආබාධයේ ඇති සාමාන් තත්ත්වය මෙය වන අතර මෙහිදී රෝග ලක්ෂණ එතරම් සංකීර්ණ නොවන අතර දිගුකලක් පවතින්නේ නැහැ. කෙසේ නමුත් මෙම NOS තත්ත්වය විනිශ්චය සහ නිගමනයන්ට පැමිණීම මදක් දුෂ්කර වෙනවා. එමනිසා මෙය සංකීර්ණ තත්ත්වයක් ලෙසටයි මානසික සෞඛ් වෘත්තිකයන් හඳුන්වනු ලබන්නේ

 

ළමුන් තුළ ඇතිවන බයිපෝලා ආබාධයට බලපාන හේතු

 

1. පාරිසරික සාධක

දෙමවුපියන්ගෙන් කෙනෙකුගේ අනිසි සහ මානසික රෝගී තත්ත්වයන්, දරිද්‍රතාවය සහ මත්ද්රව් භාවිතය වැනි හේතූන් දරුවන් මෙම ආබාධයට ගොදුරු වීමට බලපානු ලබනවා

 

2. ජානමය බලපෑම

ළමුන් තුළ ඇතිවන බයිපෝලා ආබාධයජානමය බලපෑම 50 %ක් පමණ වන බව අධ්යනයන්ගෙන් හෙලිවී තිබෙනවා. නමුත් මෙම තත්ත්වයෙන් පෙළෙන දෙමවුපියන් හට දාව බයිපෝලා රෝගයෙන් පෙළෙන දරුවන් ඉපදීමේ සම්භාවිතාව ඉතා අඩුයි

 

3. සංවර්ධන සාධක සහ මොළයේ රසායන බලපෑම

බයිපෝලා ආබාධය බොහෝදුරට චර්යා රටාවන් සහ මනෝභාවයන්ගේ වෙනස් වීම් සමග සම්බන්ධ වන බැවින් මොළයේ රසායන වෙනස්වීම් සහ වර්ධනය කෙරෙහි බලපෑම් ඇතිකරනු ලබනවා. මෙයද මෙම රෝගය ගැන අවධානම ඉහළ දැමීමට හේතු වනවා

 

බයිපෝලා ආබාධයේ රෝග ලක්ෂණ

ළමුන් තුළ ඇතිවන උන්මාද තත්ත්වයට අදාලව දැකිය හැකි රෝග ලක්ෂණ

දිගු වේලාවක් පවතින අධික සතුට

නින්ද සඳහා දැඩි වෙහෙසක් දැරීම

අධි ක්රියාශීලි සහ ජවසම්පන්න බව වැඩි වීම

ඕනෑම දෙයක් සම්බන්ධව අධිකව ප්රකාශ කිරීම

අවධානම් සහිත ක්රියාකාරකම්හි නිරත වීම

 

දරුවන් තුළ ඇතිවන මානසික අවපීඩන තත්ත්වයේ ලක්ෂණ

බඩ රිදීම සහ හිස කැක්කුම

දුකින් සිටීම

යම් දෙයක් ගැන අවධානය යොමු කිරීමේ අපහසුව

ඉතා සීමීත ආහාර ප්රමාණයක් ගැනීම

ඉක්මණින් වෙහෙසට පත්වීම

ක්රියාශීලි නොවීම

කෝපයෙන් සහ නොසන්සුන් ගති ස්වභාවයක් පල කිරීම

 

ළමුන් තුළ බයිපෝලා ආබාධය හඳුනාගන්නෙ කෙසේද?

මෙම රෝගී තත්ත්වය හඳුනා ගැනීමට පරීක්ෂණ හෝ වෙනත් ප්රායෝගික ක්රියාවක් නොමැති අතර ළමා මානසික සෞඛ් පිළිබඳ විශේෂඥවරයෙකු හෝ වෙනත් පුහුණුවලත් වෛද්යවරයකු විසින් දරුවාගේ චර්යාත්මක රටාවන් සහ යම් යම් රෝග ලක්ෂණ ගැන ඇගයීම මගින් රෝගය ගැන විනිශ්චයන්ට එළඹීම සිදුකරනවා

 

ළමා බයිපෝලා තත්ත්වය සඳහා ප්‍රතිකාර

  1. ඖෂධ ප්‍රතිකාර – Medication

දරුවාගේ ඇති රෝග ලක්ෂණ සහ ඖෂධ සඳහා ලබාදෙනු ලබන ප්රතික්රියා පදනම් කරගෙන ඖෂධ ලබාදෙන අතර එමගින් දරුවාට මෙම රෝගය සමග සටන් කිරීමට හැකියාව ලැබෙනවා. ඖෂධ මගින් රෝග ලක්ෂණ පාලනයට සහ මනෝ භාවයන් යථා තත්ත්වයට පත් කිරීමට උපකාරි වනවා. නමුත් මෙම ඖෂධ මගින් ඇතැම් විට යම් යම් අතුරු ආබාධයන් ඇතිකරවන බැවින් ඖෂධ ලබාගන්නා අතර තුරදී දරුවාට යම් අපහසුතාවයක් හෝ වෙනත් ගැටළුවක් ඇතිවූ විට වහාම වෛද්යවරයා දැනුවත් කල යුතුයි

 

  1. මනෝචිකිත්සක ප්‍රතිකාර – Psychotherapy

මනෝචිකිත්සක සහ කථන චිකිත්සක ප්රතිකාර බොහෝවිට බයිපෝලා ආබාධය සහිත දරුවන්ට ප්‍රතිකාර කිරීමේදී භාවිතා කරනු ලබනවා. ඔවුන්ගේ චිත්තවේගයන් පාලනය සහ සමාජය සමග සම්බන්ධතාවය ගොඩ නැගීම මෙහි මූලික අරමුණ වනවා

 

වෛද් සහය ලබාගත යුත්තේ කවර අවස්ථාවේදීද?

දරුවා ඔබට පාලනය කිරීමට නොහැකි විට

දරුවා සියදිවි හානි කර ගැනීමට උත්සාහ දරන්නේ නම්

අසාමාන් ලෙස හැසිරෙන විට

දරුවා සම්බන්ධයෙන් ඔබට පාලනය කරගත නොහැකි ඕනෑම අවස්ථාවක වෛද් උපදෙස් සඳහා යොමු වීම ඉතාමත් වැදගත් වනවා. මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන්ගේ තත්ත්වය ඉතාමත් සංවේදි බැවින් දරුවා වෛද් නිරීක්ෂණය යටතට පත් කිරීම ඉතාමත් වැදගත් වනවා

 

බයිපෝල ආබාධය සහිත දරුවන්ට උදවු වන්නේ කෙසේද?

නිවසේදී උදවු කළ හැකි ආකාර

 – සෑමවිටම දරුවාට සහය දැක්වීම සහ රෝග ලක්ෂණ පාලනයඋපකාර කිරීම

නිසි පරිදි අදහස් ප්රකාශ කිරීමට සහ සවන් දීමට දිරි ගැන්වීම

දරුවාට විනෝද වීමට මාර්ගය සැකසීම

දරුවා තුළ වන සංකීර්ණ හැගීම පාලනයට සහය වීම

ලබාදෙන ප්‍රතිකාර සහ ඖෂධ ගැනීමේ වැදගත්කම පහදා දීම

 

පාසලේදී සහය විය හැකි ආකාර

පාසල් බලධාරින් දරුවාගේ අසනීපය සම්බන්ධව දැනුවත් කර අදාල සහය ලබාගැනීම

දරුවාගේ රෝග ලක්ෂණ පාලනය කරගනිමින් අධ්යාපනය ලබාදිය හැකි මාර්ග සොයා බැලීම

පාසලේදි යම් චර්යාත්මක ගැටළුවල් ඇතිවූ විට සදහා මුහුණ දෙන ආකාරය සහිත සංවර්ධන සැලැස්මක් සකසා ගැනීම

 

තම දරුවා මෙවැනි රෝගයකින් පීඩා විඳිනවා දැකීම ඕනෑම දෙමවුපියකුට ඉතාමත් දුෂ්කර කාර්යයක්. නමුත් දරුවා තුළ මෙවැනි තත්ත්වයක් තිබේනම් ඔබට කළහැකි අන් යමක් නැහැ. එයට මුහුණ දීමට සිදුවනවා

මෙම රෝග තත්ත්වය යටතේ ඔබට කළ හැකි හොඳම දෙය වන්නේ ඉවසිලිවන්තව එයට මුහුණදීම සහ දරුවා වටා ආදරය, සහයෝගය, සතුට පිරුණ උණුසුම් පරිසරයක් ගොඩනැගීමයි. කිසියම් සුළු හෝ වෙනසකදී වෛද් ප්රතිකාර ගැනීමත් කළ යුතු අතර මෙම රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ නොහැකි වුවත් රෝග ලක්ෂණ පාලනය මගින් ප්රීතිමත් දිවියක් ගත කිරීමට ඉඩ ලබාදිය හැකියි