ගැබිණි සමයේ ඇති වන රුධිර පැල්ලම් භයානකද?

ගර්භණී සමයේදී ලේ පැල්ලම් කියන්නේ සාපේක්ෂව ගොඩක් ගර්භණී අම්මලාට පොදු ලක්ෂණයක්. කොහොම වුණත් ගර්භණී අවධියේ ඕනෑම වේලාවක යෝනි මාර්ගයෙන් ලේ පිටවීම කියන්නේ නම් භයානක සංඥාවක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් ඔබට සිදු වුණොත් වහාම ඔබේ මිඩ් වයිෆ් හෝ වෛද්‍යවරයා හමු වෙන්න.

 

බොහෝ විට ලේ පැල්ලම් කියන්නේ බරපතල හේතුවක් නිසා ඇති වෙන දෙයක් නෙමෙයි. නමුත් ඒකට හේතුව තහවුරු කර ගැනීම සහ හේතුව කෙලින්ම සොයා ගැනීම ඉතාම වැදගත් දෙයක්. ගර්භණී සමයේදී ඕනෑම වේලාවක ඔබේ යෝනි මාර්ගයෙන් ලේ පිටවීමක් දක්නට ලැබෙනවා නම් ඔබේ වෛද්‍යවරයා හෝ මිඩ් වයිෆ් අමතන්න කියන්නේ ඒ නිසයි.

 

මුල් ගර්භණී අවදියේදී ඉතාම ස්වල්ප වශයෙන් රුධිරය පිටවීම ස්පොටින් නැත්නම් පැල්ලම් ඇතිවීම කියල හඳුන්වනව. ඒක සිද්ධ වෙන්නෙ කළලය ගර්භාෂයේ බිත්ති සමඟ සම්බන්ධ වෙන කොට. බොහෝවිට පිළිසිඳගැනීමෙන් පසු ඔබේ මුල් මාස් ශුද්ධිය සිදුවෙන්න නියමිතව තිබූ දින වකවානුවේදි මේක වෙන්න පුළුවන්.

 

ලේ පැල්ලම් ඇතිවීමට හේතු

ගර්භණී සමයේ පළමු සති 12 තුළ යෝනියෙන් ලේ පිටවීම ගබ්සා වීමේ හෝ ectopic ගැබ්ගැනීමක ලකුණක් වෙන්න පුළුවන් (කළලය ගර්භාෂයෙන් පිටත තැන්පත් වෙලා තියෙද්දී. බොහෝ විට පැලෝපීය නාලය තුළ). කොහොම වුණත් ගර්භණී අවධියේදී රුධිර වහනය වන බොහෝ කාන්තාවන්ට සාමාන්‍ය ආකාරයේ හා සාර්ථක ගැබ් ගැනීම් සිද්ධ වෙනවා.

 

ගර්භණී අවධියෙන් පස්සේ අවධියේ ද යෝනි මාර්ගයෙන් ලේ පිටවීම විවිධ හේතු නිසා හටගන්න පුළුවන්. වඩාත් සුලභ සමහරක් හේතු පහත දැක්වෙනවා.

 

ගැබ්ගෙලේ වෙනස්කම්

 

ගැබ්ගෙලේ තියන සෛල බොහෝ විට ගර්භණී කාලයේදී වෙනස්වීම් වලට භාජනය වන අතර ඒවායින් රුධිරය වහනය වීම් වලට වැඩි ඉඩක් ඇති කරවනවා . මෙම සෛල වෙනස්වීම් හානිකර නොවන අතර ඒවා  ‘cervical ectropion’ ලෙස හැඳින්වෙනවා. මෙම තත්ත්වය යෝනියෙන් ලේ පිටවීම සුළු ප්රමාණයක් ඇති කරයි. 

 

Show එකක්

 

ගර්භණී සමයේදී වඩාත් සුලභ ලේ පිටවීම වෙන්නේ ශ්ලේෂ්මල සමඟ මිශ්‍ර වූනු රුධිරය ඉතාම සුළු ප්‍රමාණයක්. මේක show කියල තමා හඳුන්වන්නෙ. මේක සිදුවෙන්නෙ ගැබ්ගෙල සීල් වී ඇති ශ්ලේෂ්මල සමූහය ගර්භනී සමයේදී ඉවත් වීමත් සමඟයි. මේක ගැබ්ගෙල වෙනස් වෙමින් දරු උපතේ පළමු අදියර සඳහා සූදානම් වෙමින් සිටින බවට දෙන ලකුණක්. contractions ආරම්භ වීමට දින කිහිපයකට පෙර හෝ දරු ප්‍රසූතියේදී එය සිදු වෙන්න පුළුවන්.

 

වැදෑමහ අවහිර කිරීම

 

වැදෑමහ ගර්භාෂ බිත්තියේ ඇතුළත සිට ඉවතට පැමිණීමට පටන් ගන්නවා කියන්නේ බරපතල තත්ත්වයක්. වැදෑමහ අවහිර වීම සාමාන්‍යයෙන් රුධිර වහනයක් නොමැති වුණත් බඩේ වේදනාවක් ඇති කරවනවා. ඒක ප්‍රසූතියට නියමිත දිනට ආසන්නව සිදු වුණොත්, ඔබ කලින් දරු ප්‍රසූතියකට භාජනය වෙන්නත් පුළුවන්.

 

Placenta praevia

වැදෑමහ ගර්භාෂයේ පහළ කොටසේ ගැබ්ගෙල වැසෙන ලෙඩ හෝ ගැබ්ගෙලට ආසන්නයේ සම්බන්ධ වීම Placenta praevia විදිහට හැඳින්වෙනවා. එය ‘low-lying placenta’ ලෙසත් හැඳින්වෙනවා. මේක ඔබේ දරුවා ගර්භාෂයෙන් පිටතට එන මාර්ගය අවහිර කරන්න පුලුවන්. ඔබේ වැදෑමහේ පිහිටීම ඔබේ morphology scan පරීක්ෂණයේදී සටහන් වෙනවා. වැදෑමහ ගැබ්ගෙල අසල හෝ එය ආවරණය කරනවා නම්, දරුවාට යෝනි මාර්ගයෙන් උපත ලබද්දී ඒක පසුකර යන්න නොහැකි වෙන අතර ඒ වෙලාවට වෛද්‍යවරු විසින් සිසේරියන් සැත්කමක් නිර්දේශ කරනවා.

 

Vasa praevia

Vasa praevia කියන්නේ දුර්ලභ තත්ත්වයක්. සාමාන්‍යයෙන් දරු උපත් 3,000 කින් 1 ඉඳන් දරු උපත් 6,000 න් 1 ක් පමණකට තමයි මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ ගැබ්ගෙල ආවරණය වෙන පටල හරහා පෙකණි වැලේ රුධිර නාල දිවෙනකොටයි. සාමාන්‍යයෙන් පෙකණි වැල තුළ මෙම රුධිර නාල ආරක්ෂා වෙනවා. නමුත් ගැබ්ගෙල පටල ඉරීමකට ලක්වී ඔබේ වතුර පිටවෙන කොට මේ රුධිර නාල කැඩී යෝනි මාර්ගයෙන් ලේ පිටවීමක් වෙන්න පුළුවන්. මෙහිදී පෙකිණිය හරහා දරුවාගේ ජීවිතයට තර්ජනයක් වන මට්ටමින් රුධිර ප්‍රමාණයක් අහිමි වීමෙන් දරුවා මිය යන්න පුළුවන්.

 

Vasa praevia රෝග‍ය විනිශ්චය කිරීම ඉතා අපහසුයි. නමුත් ඒක ඉඳහිට අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් මගින් හඳුනාගන්න පුළුවන්. රුධිර වහනයක් සිදු වෙලා නම් සහ පටල ඉරී යාමෙන් පස්සේ දරුවාගේ හෘද ස්පන්දන වේගය හදිසියේ වෙනස් වෙනවා නම් ඒ තත්ත්වය Vasa praevia විදිහට සැක කරන්නත් පුළුවන්.

 

ලේ ගැලීමට හේතුව සොයා ගැනීම

 

රුධිර වහනය වීමට හේතුව මොකක්ද කියලා හරියටම සොයා බලන්න නම් ඔබේ හෝර්මෝන මට්ටම පරීක්ෂා කිරීම සඳහා ඔබට යෝනි හෝ ශ්‍රෝණි පරීක්ෂණයක්, අල්ට්රා සවුන්ඩ් ස්කෑන් හෝ රුධිර පරීක්ෂණයක් කරන්න අවශ්‍ය වෙනවා. කැක්කුම, වේදනාව සහ කරකැවිල්ල වගේ වෙනත් රෝග ලක්ෂණ ගැන ද ඔබේ වෛද්‍යවරයා ඔබෙන් අසයි.

 

ඔබේ රෝග ලක්ෂණ දරුණු නැත්නම් සහ ප්‍රසූත දිනය ලඟ පාතක නෙවෙයි නම් වෛද්‍යවරයා විසින් ඔබව අධීක්ෂණය කරයි. සමහර අවස්ථාවල ඔබව නිරීක්ෂණය සඳහා රෝහලේ තබා ගන්න පුළුවන්. ලේ ගැලීමට හේතුව සහ ඔබ ගැබ්ගෙන සති කීයක් ගත වෙලා ද යන්න මත පදනම් වෙලා ඔබට එක රැයක් හෝ දරු උපත වෙනකල්ම රෝහලේ රැඳී ඉන්න සිද්ධ වෙයි. ඒකෙන් රෝහල් කාර්ය මණ්ඩලයට ඔබ සහ ඔබේ දරුවා පිළිබඳව විමසිල්ලෙන් සිටීමට පුළුවන් වන අතර එමඟින් තවත් ගැටළු ඇත්නම් ඉක්මණින් ක්‍රියා කිරීමට වෛද්‍යවරුන්ට හැකි වෙනවා.