තම ලෙයින් නූපන් දරුවන්​ට ආදරණීය මවුපියන් වූ බොලිවුඩ් තරු

බොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයින්ව චිත්‍රපටයක් හරහා අපි දකිනවාට වඩා ඔවුන්ගේ සැබෑ ජීවිත වල අපි දකින්නේ නැති බොහෝ දේවල් තියනවා. බොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයින් බොහෝ විට ඔවුන්ගේ ජීවිතයෙන් මිනිස්සුන්ට කතා කරන්න විවිධ මාතෘකා හදලා දෙනවා. දරුවන් සම්බන්ධයෙනුත් පුදුම හිතෙනසුලු තීරණ ගත්ත තරු ඕනේ තරම් ඉන්නවා. ඒ නිසා අද අපි ඔබට කියන්නම් සාම්ප්‍රදායික ක්‍රමයට එහා ගිහින් දරුකමට දරුවන් හදා වඩා ගත්ත බොලිවුඩ් වල ජනප්‍රිය පුද්ගලයින් 10 දෙනෙක් ගැන. අපි ඔවුන් ගැන ආඩම්බර වෙමු!

 

1. සුෂ්මිතා සෙන්

දරුවන් හදා ගැනීම ගැන කතා කරනකොට ඇය හැම වෙලාවේම බොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයින්ගේ ලැයිස්තුවේ මුල් ස්ථානය ගන්න නම වෙනවා. තනිකඩ මවක් වීම නිසා ඇයට ඇති වුණු නෛතික හා සමාජීය බාධක නොතකා ඇය රෙනී සහ ඇලිසා යන දියණියන් දෙදෙනා දරුකමට හදාගත්තා. ඒ නිසා ඇය අදටත් බොලිවුඩ් නිළි පාර්ශවය ගැන කතා කරද්දී අගය කළ යුතුම ආදර්ශමත් අම්මා කෙනෙක්.

 

2. රවීනා ටන්ඩන්

චායා සහ පූජා යන දියණියන් දෙදෙනා දරුකමට හදා ගන්නකොට ඇගේ වයස අවුරුදු 21 යි. තනිකඩ මවක් විදිහට ඔවුන්ව ඇති දැඩි කරන්න රවීනා පටන් ගත්තාට පස්සේ ඇය චිත්‍රපට බෙදාහරින ව්‍යාපාරිකයෙක් වන අනිල් තදානි සමඟ විවාහ වුණා. ඔහුගෙන් ද ඇයට රාෂා සහ රන්බීර් නමින් දරුවන් දෙදෙනෙක් ලැබුණා. ඇය මුලින්ම හදා වඩා ගත්ත චායා සහ පූජා දෙදෙනාම දැන් සතුටින් විවාහ වෙලා ජීවත් වෙනවා.

 

3. සලීම් ඛාන්

ඔහු බොලිවුඩයේ සුප්‍රසිද්ධ තිර රචකයෙක් වගේම සල්මාන් ඛාන්ගේ ද තාත්තා. ඔහු ජීවත් වුණ සම කාලීන සමාජයට වඩා ඉදිරියට යමින්, සම්මතයන්ට පටහැනිව හෙලන් නම් රංගන ශිල්පිණිය සමඟ විවාහ වීමෙන් පසුව ආර්පිතා නම් දියණියව දරුකමට හදා ගන්න තීරණය කළා. ආර්පිතා කියන්නේ ඔවුන්ගේ පවුලේ වඩාත්ම ආදරණීය දියණිය වන අතර මෑතකදී ඇයගේ විවාහය ද සිදු වුණු නිසා එම විවාහය පවා ගොඩක් ජනප්‍රිය වුණා. ඇයට දැන් පිරිමි දරුවෙක් ද ඉන්නවා.

 

4. මිතුන් චක්‍රබෝර්ති

ඉන්දියාවේ වීදියක තිබූ කසළ බඳුනක දමා ඉද්දී හමු වුණු ගැහැණු දරුවෙක් මිතුන් විසින් දරුකමට හදාගන්න තීරණය කළා. මිතුන්ට දැන් දරුකමට හදා ගන්න ගත්ත දීෂානි දියණියට අමතරව නමාෂි, රිමෝ සහ මිමෝ නමින් පුතුන් තිදෙනෙක් ද ඔහුගේ විවාහයෙන් ලැබිලා ඉන්නවා.

 

5. සමීර් සෝනි සහ නීලම් කොතාරි

විවාහයෙන් වසර දෙකකට පස්සේ 2013 දී මෙම යුවළ විසින් අහානා නමින් දියණියක් හදා වඩා ගන්න ගත්තා.

 

6. කුනාල් කෝලි

කුනාල් කෝලි සහ ඔහුගේ බිරිඳ රවිනා ඔවුන්ගේ දරුකමට හදාගත් දියණිය රාධාව ඉතා සතුටින් ඇතිදැඩි කරනව.

 

7. සුභාෂ් ඝයි

සුභාෂ් ඝයි සහ ඔහුගේ බිරිඳ රෙහානා විසින් තමන්ගේ බාල සොහොයුරාගේ දියණිය හා ඥාතිකමින් ඔවුන්ගේ ලේලිය වන මේඝ්නා ගයිව හදා වඩා ගෙන තියනවා. මේඝ්නා වර්තමානයේ දී නිෂ්පාදන සමාගමක් සහ රංගන පාසලක් පවා හසුරුවනවා.

 

8. නිඛිල් අද්වානි

‘කල් හෝ නා හෝ’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන ඔහු, තමන්ගේ දියණිය වන කෙයාව දරුකමට හදා ගත්තේ ඇයට වයස අවුරුදු හතරේදී යි.

 

9. ඩිබාකර් බැනර්ජි

ඩිබාකාර් බැනර්ජි ද මුම්බායි හි අනාථ නිවාසයක ගැහැණු දරුවෙක්ව දරුකමට හදාගන්න අරගෙන තියනවා. මේ වෙද්දී ඔහු තමන්ගේ බිරිඳ වන රිචා සමඟ ඇයව ඇති දැඩි කරමින් ඉන්නවා. 

 

10. ශෝභනා

සුප්‍රසිද්ධ භරත නාට්‍ය නර්තන ශිල්පිනියක් සහ ‘Mitr’ නිළිය ලෙස හඳුන්වන ශෝභනා 2010 දී දියණියක්ව හදා වඩා ගන්න ගත්තා. ඇය කේරළයේ සුප්‍රසිද්ධ ගුරුයුර් කෝවිලේදී ඇය වෙනුවෙන් annaprasana නම් චාරිත්‍රය ද සිදු කළා.