දරුවාගේ සන්නිවේදන හැකියාවන් ඔප මට්ටම් කරන විදිහ මෙන්​න

කියවීම සහ ලිවීම ඔබේ කියන්නේ දරුවාගේ අධ්‍යාපනයට අත්‍යවශ්‍ය හැකියාවක්. නමුත් ඔවුන්ගේ වාචික භාෂා කුසලතා වර්ධනය කිරීම හරහා වචන වලින් ඔවුන්ගේ විශ්වාසය වැඩි කරන්න පුළුවන්. ඒ හරහා ඔවුන්ගේ වචන මාලාව පුළුල්වෙනව. අද ඉඳන් ඔබේ දරුවන්ගේ සාර්ථකත්වයට වෙනසක් කරන්න ක්‍රමයක් අපි ඔබට කියන්නම්. ඔබේ දරුවා කතා කරන හා සවන් දෙන ආකාරය කුඩා කාලයේ ඉඳන්ම ඔවුන්ගේ සාර්ථකත්වයට විශාල වෙනසක් ඇති කරනවා. දරුවාගේ සන්නිවේදන හැකියාවන් දියූණු කරමින් චතුර ලෙස හා විශ්වාසයෙන් යුතුව දෙයක් ප්‍රකාශ කිරීමට ඉගෙන ගැනීමට ඔබ විසින් ඔවුන්ට උදව් කරන්න පුළුවන් මෙහෙමයි…

 

නිවැරදි කථා කිරීමේ සහ සවන්දීමේ පරිසරයක් නිර්මාණය කිරීම

ගෙදරදී දරුවා සමඟ ක්‍රීඩා කිරීම, කියවීම, ගෙදර වැඩ කිරීම යනාදිය සඳහා බාහිර ශබ්ද නොමැති කාලය තෝරා ගන්න, ඔබේ දරුවා සමඟ නිශ්චිත ක්‍රියාකාරකමක යෙදෙනකොට ඒ විදිහට සැම දෙයක්ම කරන්න. මෙයින් අදහස් කරන්නේ නෑ ඔබ කිසි විටෙකත් රූපවාහිනිය සක්‍රීය නොකළ යුතුයි කියලා. කෙසේවෙතත් ළමයින්ට සවන් දීමට සහ ඉගෙන ගැනීමට වැඩිහිටියන් සංවාදයක් ඇති කිරීම සඳහා එකට එක්ව රූපවාහිනිය නැරඹිම ද උපකාරී වෙනවා කියලා පර්යේෂණවලින් පෙනී ගොස් තිබෙනවා.

 

අදහස් දැක්වීම් වැඩි කරන්න, ප්‍රශ්න අඩු කරන්න

වැඩිහිටියන් ස්වභාවයෙන්ම සංවාදවලට නායකත්වය දීමට සහ දරුවන්ගේ දැනුම පරීක්ෂා කිරීමට උනන්දු වෙනවා. නමුත් පර්යේෂණ වලින් පෙන්වා දෙන්නේ දෙමාපියන් නිරන්තරයෙන් උපදෙස් දෙනකොට හා නිවැරදි කිරීම් කරනකොට, නිදසුනක් වශයෙන් ප්‍රශ්න සහ විධාන ලබා දීම හරහා දරුවන්ගේ භාෂා සංවර්ධනයේ ප්‍රමාදයන් සම්බන්ධ ගැටළු ඇති වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම අපි සියල්ලෝම ස්වභාවයෙන්ම ප්‍රශ්න අසන්න පුරුදු වෙලා තමයි ඉන්නේ. නමුත් ඒක දරුවන්ට හැම වෙලාවෙම කළොත් බොහෝ ඍණාත්මක බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ වෙනුවට, ‘ඒ මොකක්ද?’ කියලා අහනවාට වඩා, ‘බලන්න, ඒ කුරුල්ලෙක්!’ වගේ අදහස් දැක්වීමක් සමඟ දරුවන් එක්ක සංවාදයක් පටන් ගන්න උත්සාහ කරන්න. ඔබේ දරුවා හොඳින් ප්‍රතිචාර දක්වයි.

 

විවෘත ප්‍රශ්න භාවිතා කරන්න

මෙයින් කියන්නේ නෑ අනිවාර්යයෙන්ම ප්‍රශ්න කිරීම වළක්වා ගන්න ඕනේ කියලා. දරුවෝ එක්ක සමඟ ප්‍රශ්න ඇසීම හරහා විවෘත සංවාදයක් පවය්ත්වද්දී උදාහරණයක් වීධට, ‘අපිට කරන්න පුළුවන් මොකක්ද…?’, ‘ඔයාට ක්‍රමයක් සොයා ගන්න පුළුවන්ද…?’ යනුවෙන් ආරම්භ කරන්න. ඒ හරහා ඔවුන්ගේ ඉගෙනීමට සහාය වෙන්න පුළුවන් අතර නිර්මාණාත්මක චින්තනය සහ ගැටළු විසඳීමේ කුසලතා ද වර්ධනය කරන්න පුළුවන්. 

 

ප්‍රශ්නයකට පිළිතුරු දීමට දරුවන්ට කාලය ලබා දෙන්න

බොහෝ විට දරුවන්ට ප්‍රශ්නයක් තේරුම් ගැනීමට සහ ඔවුන්ගේ පිළිතුර ගැන සිතීමට අමතර කාලයක් අවශ්‍යයි. ඔවුන්ට පිළිතුරු දෙන්න බල කරනවා වෙනුවට 1 ඉඳන් 10 ට ගණන් කරමින් ඔබේ දරුවා පිළිතුරු දෙනවා ද කියලා බලා සිටින්න. ප්‍රතිඵල ගැන ඔබ බොහෝ විට පුදුමයට පත් වෙයි.

 

වචන වලින් විනෝද වන්න!

දරුවෙකුගේ වචන මාලාව ඔවුන්ගේ ඉගෙනීමට මූලික වෙනවා. දරුවාට වයස අවුරුදු පහේදී තියන වචන මාලාවේ ප්‍රමාණය සාක්ෂරතා කුසලතා සහ අධ්‍යාපන ජයග්‍රහණ වගේ ජීවිතයේ පසුකාලීන සාර්ථකත්වයන් සමඟ සම්බන්ධ වෙන බව පර්යේෂණවලින් අනාවරණය වෙලා තියනවා.

ඔබේ දරුවා සමඟ කතා කරනකොට හෝ පොත් කියවනකොට වචන වල තේරුම් පරීක්ෂා කරමින් වචන වල අර්ථය සහ ඒවා ශබ්ද ක‍රන ආකාරය ගැන කතා කරන්න. ඒක අලුත් වචන ඉගෙනීමට දරුවාට ඔබෙන් ලැබෙන්න ඕනේ සහායක්. වචන ඉගෙන ගැනීමට සහ සිහිපත් කිරීමට මෙය ඔවුන්ට උපකාරී වෙනවා. උදාහරණයක් විදිහට මේවා ගැන විමසන්න: වචනයේ පළමු ශබ්දය; රිද්මයානුකූල වචන; අක්ෂර අංකය; ඔබ වචනයෙන් කරන දේ; ඔබ එය සොයා ගන්නා තැන; එය පෙනෙන්නේ, දැනෙන්නේ හෝ රස කරන්නේ කොහොමද; එය අයත් වන්නේ කුමන කාණ්ඩයටද ආදී වශයෙන්.