බබාගෙ කකුල් බකලයි කියලා බය වෙලාද ඉන්නෙ? 

කුඩා දරුවන් තුළ පැහැදිලිව දැකගත හැකි අස්ථි ආශ්‍රිත රෝග තත්ත්වයන් වර්ග දෙකක් තමයි කකුල් බකල වී​ම (Bow legs) සහ දණිස් එකට ගැටීම (knock knees) කියන්නේ. මෙම තත්ත්වයන් දෙකම තරමක් සාමාන්‍ය තත්ත්වයන් වන අතර, බොහෝ විට දරුවෙකු වැඩෙන හා පරිණත වන විට මේ තත්ත්වයන් අතුරුදහන් වෙලා යන්නත් ඉඩ තියෙනවා.

 

පාද බකල් වීම කියන්නේ මොකක්ද? 

දරුවෙකුගේ කකුල් බකල් වූ විට, දරුවන්ගේ වළළුකර එකිනෙ​ක ස්පර්ශ වන නමුත් ඔවුන්ගේ දණහිස් එකිනෙකට දුරස්​ව පිහිටයි. මෙය knock knees තත්ත්ව​යේ ප්‍රතිවිරුද්ධ තත්ත්වයයි. බොහෝ ළදරුවන්ට උපතේදීම බකල් පාද ඇති අතර, ඔවුන් බඩගෑම​ට හෝ ඇවිදීමට පටන් ගත් පසු ​මේ තත්ත්වය වඩාත් පැහැදිළිව පෙනෙන්නට පටන් ගන්නවා. කොහොම වුණත්, බොහෝ දරුවන්​ට වයස අවුරුදු 3 පම​ණ වන විට මෙම තත්ත්වය නැතිවී යනවා.

 

දණහිස් එකට ගැටීම යනු කුමක්ද?

දරුවෙකුගේ දණහිස් එකින් එකට ගැටෙනවා කියන්නේ, කෙලින් සිටගෙන සිටින විට ඔවුන්ගේ දණහිස් ස්පර්ශ වන නමුත් ඔවුන්ගේ වළලුකර එකිනෙකට ඈත්​ව පිහිටා තිබීමයි. දරුවාට වයස අවුරුදු 3 දී පමණ තමයි මෙ​ම දණහිස් ආබාධ​ය ඇති බව දෙමාපියන් බොහෝවිට දැන ගන්නේ.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 7හෝ 8 වෙද්දී දරුවාගේ මේ තත්ත්වය නැතිවී යන්න පුළුවන්. සමහර අවස්ථාවල වැඩිහිටි වියේදීත් මේ තත්ත්වය දකින්න ලැබෙන අවස්ථා තිබෙනවා.

බොහෝ අවස්ථාවන්හීදී, මේ තත්ත්වයන් සඳහා විශේෂ ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නැහැ. නමුත් දරුවෙකු​ගේ එක් කකුලක් අනෙක් කකුලට වඩා නරක තත්ත්වයකින් පිහිටයිනම්, දරුවා කොරගසමින් ඇවිදියිනම් හෝ දරුවා වේදනාවෙන් පෙළෙයිනම්, ඔවුන්ගේ දණහිස් සහ පාද පරීක්ෂා කර බැලීමට පවුලේ වෛද්‍යවරයා ​හෝ අස්ථි විශේෂඥයකු හමු වන්න..