පාන් වලින් ලේසියෙන්ම රසට හදාගන්න බ්‍රෙඩ් කීව්ස් රෙසිපියක් මෙන්න

පාන් කියන්නෙ ඉතින් ලංකාවෙ අපිට පහසුවෙන්ම ගන්න තියෙන උදේ සහ රෑ කෑම වලින් එකක්. හැබැයි ඉතින් පොඩ්ඩො කියන්නෙ මොන කෑමක් උනත් එකම විදියට කන්න කැමති පිරිසක් නෙවෙයිනෙ. ඉතින් ඔන්න අද අපි මේ අරන් ආවෙ පාන් වලින් රසට ලේසියෙන් හදල පොඩ්ඩොන්ට දෙන්න පුළුවන් කෑමක්. හවස තේ වෙලාවකට වගේම පොඩ්ඩොන්ගෙ ලන්ච් බොක්ස් එකටත් නියමයි.

 

බ්‍රෙඩ් කීව්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පාන් පෙති 8
  2. ෆ්‍රෙශ් මිල්ක් 
  3. ලුණු
  4. පාස්ලි කොළ
  5. ගම්මිරිස් කුඩු
  6. තම්බගත් අල ගෙඩියක්
  7. කොටු කපාගත් චෙඩාර් හෝ මොසරැල්ලා චීස්
  8. බිත්තරයක්
  9. පාන් කුඩු

 

  • පාන් පෙති වාටි අයින් කරල පොඩි කෑලි වලට කඩල අරගන්න. මේක රොටි පදමට අනාගන්න පුළුවන් තරමට කිරි එකතු කරන්න. 
  • ඒකට ලුණු පින්ච් එකක්, හීනියට කපාගත්ත පාස්ලි කොළ, ගම්මිරිස් කුඩු පොඩ්ඩක්, පොඩි කරගත්තු අල දාල හොඳින් අනාගන්න.
  • මේ මිශ්‍රණයෙන් ටිකක් අතට අරන් බෝල කරල ඒක පැතලි කරල මැදට චීස් කෑල්ලක් තියල හොඳට ඔතල බෝලයක් හදාගන්න. 
  • හදාගත්තු බෝල බිත්තර සාරු වල දවටල, පාන් කුඩු තවරල ගැඹුරු තෙලේ අඩු ගින්දරේ රන්වන් පාට වෙනකම් බැදගන්න.