Search here...
TOP
එදිනෙදා ජීවිත​ය පෝෂණ​ය

පාන් වලින් ලේසියෙන් හදාගන්න පුළුවන් පාන් පීසා

නිකම්ම පාන් පෙත්තක් බටර් ගාල චීස් දාල දෙනකොට පොඩ්ඩොන්ට ඒකාකාරීබවක් දැනෙන්න පුළුවන්. එකම විදියට කෑම නොදී එක එක විදියට හදල දෙනකොට පොඩ්ඩො උනත් ආසයි. අපි අද අරගෙන ආවෙ පාන් වලින් ලේසියෙන් හදාගන්න පුළුවන් පාන් පීසා නැත්නම් බ්‍රෙඩ් පීසා රෙසිපි එකක්. පොඩ්ඩොන්ගෙ කෑම පෙට්ටියට ලේසියෙන්ම දාන්න පුළුවන් රසවත් පීසා එකක් මේ. සොසේජස් වෙනුවට පොඩ්ඩො කන්න කැමති ඕනම මසක්, මාළුවක් වගේම පොඩ්ඩො කන්න හොර කඩල, අල, බිත්තර වගේ දේවලුත් ටොපින් එකට එකතු කරගන්න නුවණක්කාර අම්මලාට පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පෙති පාන් අවශ්‍ය පමණ
  2. තක්කාලි සෝස්
  3. පොඩියට කපා බැදගත් සොසේජස්
  4. පොඩියට කපාගත් තක්කාලි, බෙල් පේපර්, ඔලිව්
  5. ග්‍රේට් කරගත් මොසරැල්ල චීස් හෝ චීස් ස්ලයිසස්

 

 

සාදාගන්නා ආකාරය

  • මුලින්ම පාන් පෙති උඩින් තක්කාලි සෝස් තවරාගෙන බැදගත්ත සොසේජස් සහ කපාගත්ත අනික් දේවල් කලවමේ පාන් පෙත්ත උඩට දාගන්න.
  • උඩින් ග්‍රේට් කරගත්ත චීස් හෝ චීස් ස්ලයිස් එකක් ටිකක් දාල සෙල්සියස් අංශක 200ට රත් කරගත්ත අවන් එකක චීස් ටික දියවෙනකන් විනාඩි 5ක් පමණ බේක් කරගන්න.
  • එහෙමත් නැත්නම් නන්ස්ටික් පෑන් එකක මේ පාන් පීසා ටික තියල පියනකින් වහල අඩු ගින්දරේ විනාඩි හත අටක් පුච්චගන්න. චීස් ටික දිය වෙලා ලස්සනට පීසා හැදෙනව. 

 

«

»