දෙල් වාරෙට දෙල් වලින් ලඩ්ඩු හදමුද?

දෙල් වාරෙට බලන බලන තැන දෙල්. ඉතින් හැමදාම උයලම දෙල් කන්න බෑනෙ. පොඩ්ඩොන්‍ට ආස හිතෙන රස කෑමක් දෙල් වලින් හදන හැටි කියල දෙන්න අපි හිතුවා. බලන්නකො මීට කලින් මෙහෙම හදල තියෙනවද කියල.

 

දෙල් ලඩ්ඩු 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. දෙල් 250g 
  2. බැද ගත් හාල් පිටි 100g
  3. සීනි 200g
  4. වතුර කෝප්ප 1/4

 

 

  • දෙල් පෙති කපා කහ සහ ලුණු මිශ්‍ර වතුරේ සෝදා ගැඹුරු තෙලේ බැදගන්න.
  • බැද ගත් දෙල් පෙති වංගෙඩියක දමා තරමක් කොටාගන්න. දැන් භාජනයක් ගෙන එයට සීනි සහ වතුර දමා ලිප තබා උණුකරන්න. 
  • සීනි දියවී උණුවන විටම ලිප නිවා හාල් පිටි සහ කොටාගත් දෙල් දමා කලවම් කර මිශ්‍රණය සාදා ගන්න. 
  • නිවෙන්නට පෙර කුඩා ප්‍රමාණයේ බෝල සාදාගන්න.