මව්කිරි බොන ළදරුවන්ට කිරි අසාත්මිකතා ඇති වීමට හේතු වෙන ඔබේ ආහාර වල සැඟවුණු අමුද්‍රව්‍ය

මව්කිරි බොන දරුවා ඔබ ආහාරයට ගන්නා කිරි ආහාර වලට යම් සංවේදීතාවයක් පෙන්වනවා නම් හෝ එළ කිරි වලට ආසාත්මිකතාවයක් දක්වනවා නම් මෙයින් අදහස් කරනවා ඇත්තේ කුමක්ද?

ඔබේ ආහාර වේලෙන් කිරි ආහාර කපා දමන්න ඕනේ කියලා ඔබ සිතනවා ඇති. එහෙනම් පැහැදිලි කිරි ප්‍රභවයන්ගෙන් (කිරි, චීස්, sour cream, අයිස්ක්‍රීම්) ඔබ්බට ගිහින් ඔබට තව දුරටත් සිතීමට අවශ්‍ය වෙනවා. මොකද ඔබ වෙළඳපොලෙන් අරගන්න ආහාර වල ලේබල දිහා සමීපව බැලුවොත්, ඒවායේ ද සැඟවුණු කිරි අමුද්‍රව්‍ය තියනවා කියලා දැනගත්තාම ඔබ පුදුමයට පත් වෙයි. ඒ ගැන අද අපි ඔබට තොරතුරු කියන්නම්.

 

වළක්වා ගත යුතු කිරි අමුද්‍රව්‍ය

සැඟවුණු කිරි අමුද්‍රව්‍ය ඇතුළුව කිරි නිෂ්පාදන වලින් ඈත් වීමට ඔබට පහත ලැයිස්තුව භාවිතා කරන්න පුළුවන්. මෙම ආහාර ඔබේ ආහාර වේලෙන් ඉවත් කිරීමෙන් පසුව පවා, යම් වෙනසක් දැකීමට දින කිහිපයක සිට සති කිහිපයක් දක්වා කාලයක් ගත වෙයි. (සමහර අවස්ථාවල එය කිසිසේත්ම උදව්වක් නොවෙන්නත් පුළුවන්).

 

  • කෘතිම බටර් රසයන්
  • බටර්
  • බටර්ෆැට්
  • බටර්මිල්ක්
  • බටර්ඔයිල්
  • casein
  • චීස්
  • කොටේජ් චීස්
  • ක්‍රීම්
  • කිරි
  • කස්ටඩ්
  • ගිතෙල්
  • Half and half
  • හයිඩ්‍රොයිසයිට් (casein, කිරි ප්‍රෝටීන, තිරිඟු, තිරිඟු ප්‍රෝටීන)
  • Koumis
  • Lactalbumin
  • Lactalbumin phosphate
  • Lactoglobulin
  • ලැක්ටෝස්
  • ලැක්ටුලෝස්
  • කිරි (උකුකළ, derivative, වියළි, වාෂ්පීකෘත, කුඩු, අඩු මේද, මෝල්ට්, මාංසමය, ප්‍රෝටීන්, skim, solids, whole)
  • මිල්ක්ෆැට්
  • පනීර්
  • පුඩිං
  • Rennet casein
  • Sour cream
  • Sour cream solids
  • මෝරු (සියලුම ආකාර)
  • යෝගට්

 

කිරි අඩංගු යැයි ඔබ නොසිතන ආහාර

මේවා අනිවාර්යයෙන්ම “කිරි ආහාර” නොවුනත්, මෙම අයිතමවල ද කිරි සංරචක අඩංගු වෙන්න පුළුවන්.

 

  • Caseinates (ඇමෝනියා, කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම්, සෝඩියම්)
  • ටින් කළ ටූනා මාළු
  • චුවිංගම්
  • ඩෙලී මස්
  • ඩිප්ස් සහ සැලඩ් ඩ්‍රසින්ග්ස්
  • එළු කිරි
  • හොට් ඩෝග්
  • පැකට් කළ මෑශ්ඩ් පොටෑටෝස්
  • Kefir
  • ලැක්ටේඩ් කිරි
  • නූගට්
  • පේට්
  • සොසේජ්
  • බෙල්ලන්
  • ෂර්බෙට්
  • සෝයා හෝ සහල් චීස්

 

මෙම කිරි ආහාර කපා හැරීමේ ක්‍රමය වැඩ කරයිද?

 

අසාත්මිකතාවන්ට ස්ථීර ප්‍රතිකාරයක් තවමත් හොයාගෙන නෑ. ඒ අතර ඔබේ ආහාර වේලෙන් කිරි නිෂ්පාදන ඉවත් කිරීම ඔබේ මව්කිරි දෙන දරුවාට උපකාරී වෙයිද යන්න පිළිබඳව ද ඒ තරම් පර්යේෂණ ලෝකයේ තාම කෙරිලාත් නෑ. නමුත් උත්සහ කර බැලීමෙන් වරදක් නොවන නිසා ඔබේ පළමු පියවර වෙන්න ඕනේ ඔබ ගන්නා ආහාර අනුව දරුවාගේ රෝග ලක්ෂණ සහ හැසිරීම පිළිබඳ සටහන් සහිත ආහාර දිනපොතක් ලිවීමයි.

ඇතැම් ආහාර සහ ළදරුවන්ට ඇති වෙන කරදර අතර සම්බන්ධතාවක් තියනවාද කියලා ඔබට සොයා ගන්නට ඒ වැඩේ පහසුවක් වෙයි. ලැක්ටෝස් රහිත ආහාර හෝ සෝයා නිෂ්පාදන වෙත මාරුවීම හරහා තත්ත්වය වැඩිදියුණු නොකරන බව ද ඔබ සැලකිල්ලට ගැනීම වැදගත්. එළ කිරි සංවේදීතාවයෙන් පෙළෙන ළදරුවන්ට මව්කිරි මගින් ප්‍රෝටීන ලෙස ලැබෙන එළකිරි ප්‍රතිදේහ සමඟ ගැටළු ඇති වෙන්නත් පුළුවන්.

ලැක්ටෝස් රහිත කිරි නිෂ්පාදනවල මෙම ප්‍රෝටීන තවමත් පවතිනවා. තවද, එළකිරි ප්‍රෝටීන වලට සංවේදීතාවක් හෝ අසාත්මිකතා ඇති වෙන සමහර ළදරුවන්ට සෝයා ප්‍රෝටීන ජීර්ණය වීමේ ගැටළු ද ඇති වෙනවා. ඔබේ දරුවා එළකිරි වලට බෙහෙවින් සංවේදී නම්, ඔබ කළ යුතු හොඳම දේ වෙන්නේ ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා සමඟ ඒ ගැන කතා කිරීමයි. ඔබට සහ ඔබේ මව්කිරි දෙන දරුවාට හොඳින් සමබර හා තෘප්තිමත් ආහාර වේලක් ඉදිරිපත් කරන්න වෛද්‍යවරයාට පුළුවන්.