කොවිඩ් 19 වසංගතය තුළ ඔබගේ දරු පැටියා නීරෝගීව සහ ආරක්ෂාකාරීව තබා ගනිමින් මවුකිරි ලබාදෙන ආකාරය

මවුකිරි ස්වභාවික එන්නත්කරණයක් ලෙසටයි වෛද්යවරු සලකන්නේ. එමගින් දරුවාට අවශ් මූලික පෝෂණ අවශ්යතා සපුරමින් ප්රතිශක්තිකරණය ලබාදෙන අතර රෝග වලින් ආරක්ෂාව සලසනු ලබනවා. නිසි පරිදි මවුකිරි ලබා නොදීම මගින් මවුකිරි නිෂ්පාදනයට බාධා පැමිණීමත්, දරුවා තන පුඬුව ප්රතික්ශේප කිරීමත් මවුකිරිවල අඩංගු ප්රතිශක්තිකරණ සංඝටක අඩුවීමටත් හේතු වනවා. එහෙත් පසුගිය වසරේ සිට මුළු ලෝකයම ග්රහණයට පත්කරගෙන ඇති කොරෝනා වෛරස වසංගතයත් සමගම බිළිඳුන්ට මව්කිරි ලබාදෙන විට සමග කොරෝනා වෛරසය දරුවාට සම්ප්රේෂණය වෙතැයි ඔවුන් තුළ ඇතිව තිබෙන බිය සහ දරුවා සහ තමා මෙම වෛරසයෙන් ආරක්ෂා වන්නේ කෙසේදැයි ඔවුන් තුළ ඇත්තේ ගැටළුකාරි තත්ත්වයක්

 

කොවිඩ් 19 වසංගත කාලය තුළ තමාත් කුඩා බිළිදාත් ආරක්ෂාකාරිව තබා ගැනීමට එක්සත් ජාතින්ගේ ළමා අරමුදල මගින් මවුවරුන්ට ලබාදුන් උපදෙස් කිහිපයක් මෙන්න

 

ඔබගේත් දරුවාගේත් සනීපාරක්ෂාව ගැන දැඩිව සැලකිලිමත් වෙමින් මවු කිරි ලබාදීම දිගටම සිදුකරන්න 

මවුකිරි වල කොරෝනා වෛරසය අඩංගු වනවායැයි මෙතෙක් සොයාගෙන නැහැ. නමුත් බාහිරව කොරෝනා වෛරසය දරුවාට සහ ඔබට යන දෙදෙනාටම ආසාදනය වීමට ඉඩ තිබෙන බැවින් මවුකිරි ලබාදීමේදි පහත පරිදි සනීපාරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වීම ඉතා වැදගත් වනවා

දරුවාට මවු කිරි ලබාදෙන විට මුව ආවරණයක් පළඳින්න

දරුවා ඇල්ලීමට පෙර සහ පසු සබන් යොදා දෑත් පිරිසිදු කරන්න

දරුවා සිටින පරිසරයේ ඇති සියළු පෘෂ්ඨයන් විෂබීජනාශක භාවිතයෙන් පිසදමන්න

 

දරුවාට වෛරසය සම්ප්රේෂණය වීමට ඇති ප්රධානතම මාර්ගය වන්නේ මව හෝ නිවසේ සිටින කිසිවකු හට වෛරසය ආසාදනය වීමයි. එමනිසා මෙම කාලසීමාවේදී වෛරසය ආසාදනය වීමේ අවධානමින් මිදීමට නිසි සෞඛ් මාර්ගෝපදේශන උපදෙස් පිළිපැදීම ඉතාමත් වැදගත් වනවා. විශේෂයෙන් නිවසේ කිසිවකු උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් දරුවාගෙන් ඈත්ව සිටීමත් ඉහත සෞඛ් ආරක්ශණ උපදෙස් පිළිපැදීම ඉතාමත් වැදගත් වනවා

 

මවුවරුන් මෙම දිනවල පුරුද්දක් ලෙස දරුවා වඩාගන්නා විට සහ මවුකිරි ලබාදෙන විට මුහුණු ආවරණයක් පැළදීමට පුරුදුව සිටිනවා. නැතිනම් තමාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකයක් ඇතිනම් දරුවාට මවුකිරි දොවා පිරිසිදු කෝප්පයක් සහ හැන්දක් භාවිතයෙන් ලබාදීමටද පෙළඹී සිටිනවා

 

ඔබ අසනීපයෙන් පසුවනවා නම් අමතර සෞඛ්යාරක්ෂක පියවර අනුගමනය කරන්න

දරු ප්රසූතියට පෙර කොරෝනා වෛරසය ආසාදනය වූ මව්වරුන් සහ මවුකිරි ලබාදෙන සමයේදී වෛරසය ආසාදනය වු මවුවරුන් දිගටම දරුවාට මවුකිරි ලබාදි යුතුයි. මවට වෛරසය ආසාදනයෙන් පසු වෛරසයට එරෙහිව ශරීරය තුළ නිපදවන ප්රතිදේහ දරුවාට ශරීරගත වන අතර එමගින් දරුවාගේ ශරීරය තුළ වෛරසයට එරෙහි ප්රතිශක්තියක් ගොඩනැගෙනවා. අඛණ්ඩව මවුකිරි ලබාදීම මගින් වෛරසය සමග සටන් කිරීමටත් එයින් දරුවා ආරක්ෂා කරගැනීමටත් ඔබට ගතහැකි හොඳම පියවරයි

එසේම ඔබ උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස හෝ හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළෙනවා නම් රෝග ලක්ෂණ පහළ වූ විගසම වෛද් ප්රතිකාර ලබා ගැනීම කළ යුතුයි. මවුකිරි ලබාදීමට තරම් යහපත් සෞඛ් තත්ත්වයකින් සිටිනවා නම් දරුවා ආසන්නයට යන විට මුව ආවරණ පැළඳ, නිසිපරිදි සෞඛ්යාරක්ෂක පියවර අනුගමනය කරමින් මවුකිරි ලබාදිය යුතුයි

 

මවුකිරි ලබාදිය නොහැකි තරම් ශාරිරික සෞඛ් තත්ත්වය අයහපත් වූ විට මවුකිරි දොවා පිරිසිදු කෝප්පයක් හා හැන්දක් භාවිතයෙන් දරුවා පෝෂණය කරන්න

රෝග ලක්ෂණ ඇතිවූ විගස වෛද් ප්රතිකාර ලබාගන්න. නිසි සෞඛ්යාරක්ෂණ පියවර අනුගමනය කර හැකිතාක් විවේක ගෙන රෝගයෙන් ඉක්මන් සුවය ලබා ගැනීමට උත්සාහ කරන්න. එමෙන්ම කිරි දොවා, විෂබීජහරණය කෙරූ කෝප්පයක් හැන්දක් භාවිතයෙන් දරුවා පෝෂණය කිරීමටත් ඔබට පුළුවන්. හැකිනම් දරුවාගේ වැඩකටයුතු කිරීමට නිවසේ වෙනත් විශ්වාසවන්ත නීරෝගී වැඩිහිටියකුගේ සහය ලබාගැනිමට උත්සාහ කිරීම වැදගත් වනවා

 

මවුකිරිවලට අමතරව අතිරේක කිරි වට්ටෝරුවක් (formula feeding) දෙන්නේ නම් වඩාත් සැලකිලිමත් වන්න

 

දරුවාගේ නීරෝගි සහ සෞඛ් සම්පන්න වර්ධනයක් සඳහා වඩාත් උපකාරි වන්නේ මවුකිරි ලබාදීමයි. කෙසේ නමුත් විවිධ හේතුන් මත මවුකිරි ලබාදිය නොහැකි මවුවරුන් හෝ මවුකිරි ප්රමාණවත් නොවන්නේ නම් අමතර කිරි වට්ටෝරුවක් වෛද්යවරුන් නිර්දේශ කරනවා. එසේම වර්තමානයේ මවුවරුන් දරුවන්ට මවුකිරි වලට අමතරව බෝතල් මාර්ගයෙන් අමතර කිරි වට්ටෝරු ලබාදීමටත් පෙළඹී සිටිනවා. වෙළඳපොලේ නොයෙකුත් ළදරු කිරි වර්ග ඇති අතර තත්ත්වයෙන් උසස් නිෂ්පාදනයක් තෝරා ගැනීමත් දරුවාට එසේ කිරි ලබාදීමට පෙර ඇසුරුමේ උපදෙස් නිසිපරිදි කියවීමත්, සූප්පු, බෝතල් ආදිය ජීවාණුහරණය කිරීමත් කළයුතුයි

 

මෙම වසංගතය පැතිර යන කාලසීමාව සියල්ලන්ටම අභියෝගාත්මක කාලසීමාවක් වන අතර ඉවසීමෙන්, බුද්ධිමත්ව සහ නිසි සෞඛ්යාරක්ෂක පියවර අනුගමනය කිරීම මගින් ඔබගේත් ඔබේ කිරිකැටි දරුවාගේත් ආරක්ෂාව තහවුරු කිරීමට වගබලා ගැනීම බවක් ලෙස ඔබගේ වගකීම බව Baby and Me අපගේ විශ්වාසයයි. ඔබත්, ඔබගේ දරු පැටියාත් මේ වසංගතයෙන් ආරක්ෂා වේවා යන්න අපගේ නිරන්තර ප්රාර්ථනාවයි