පිටි නැතුව ගෝවා වලින් රෝල්ස් හදමුද? මේ චයිනීස් චිකන් කැබේජ් රෝල්ස්

පොඩ්ඩො කොච්චර ආස වුණත් සමහර අම්මල තෙල් වැඩියි කියල චයිනීස් රෝල්ස් කන්න දෙන්නෙම නෑ. ඉතින් එහෙම බය අම්මලාට පුළුවන් පොඩ්ඩොන්ට මේ විදියට ගෝවා වලින් රෝල්ස් හදල දෙන්න. 

 

කැබේජ් රෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

 

  1. ගෝවා ගෙඩි 1
  2. අඹරාගත් චිකන් ග්‍රෑම් 200
  3. ඉඟුරු, සුදුළූණු පේස්ට් මේස හැඳි 1
  4. චොප්කරගත් ළූණු ගෙඩි 1
  5. කපාගත් ළූණු කොළ ටිකක්
  6. සෝයා සෝස් මේස හැඳි 1
  7. බිත්තර 1
  8. චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්
  9. මිරිස්කුඩු තේ හැඳි 1
  10. කෑලිමිරිස් තේ හැඳි 1
  11. ලුණු හා ගම්මිරිස්කුඩු

 

 

 

  • ගෝවා ගෙඩියෙන් කොළෙන් කොළය ඉරෙන්නෙ නැතුව පරිස්සමට ගලවගන්න. 
  • බෝල් එකක් අරගෙන ගෝවා කොළ දාලා ඒක පිරෙන්න වතුර දාලා ලුණු ටිකක් දාලා විනාඩි 5ක් විතර තම්බගන්න.
  • චිකන් වලට ඉඟුරු සුදුළූණු පේස්ට්, ළූණු, ළූණු කොළ, බිත්තරය, සෝයාසෝස්, මිරිස්කුඩු, කෑලිමිරිස්, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරගන්න. අන්තිමට කොත්තමල්ලි කොළ දාලා කලවම් කරගන්න.
  • දැන් ගෝවා කොළ එකින් එක අරන් ෆිලින් එකෙන් ටිකක් තියලා දෙපැත්ත නවලා රෝල් කරගන්න. ස්ටීමරයක තියල හොඳට ස්ටීම් කරගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා ස්ටීම් කරගත්ත රෝල් ටික දාගෙන වටේ ටිකක් පෑන් ෆ්‍රයි කරලා කෑමට ගන්න.