සිසේරියන් සැත්කම ගැන දැනගෙන ඉමුද?

සිසේරියන් සැත්කමක් කියන්නේ මවගේ උදරයේ සහ ගර්භාෂයේ කැපුමක් හරහා දරුවෙක් ප්‍රසූත කරවීමේ සැත්කමයි. ඔබේ දරු ප්‍රසූතියේදී සිසේරියන් සැත්කමක් සඳහා සැලසුම් කිරීමට වෛද්‍යවරුන්ට අවශ්‍ය වුණොත් ඒ තීරණයට බලපාන හේතු කිහිපයක් තිබෙනවා. නැත්නම් ප්‍රසූතිය ආරම්භ වුණාට පස්සේ හදිසි සිසේරියන් සැත්කමක් කිරීම ඔබට ආරක්ෂිතයි කියලා ඔබේ වෛද්‍ය කණ්ඩායම තීරණය කරන්නත් පුළුවන්. ඔබට ඒ ගැන හරිහැටි අවබෝධයක් නැත්නම් මේ ලිපිය ඒ සඳහා වැදගත් වෙයි…

 

ඔබට සිසේරියන් සැත්කමක් අවශ්‍ය ඇයි?

සිසේරියන් සැත්කමක් කිරීමට වඩාත් පොදු හේතු:

 

  • ඔබේ දරුවා නියමිත විදියට හිස පහළට වෙන්න හැරිලා නැතිනම් breech position (bottom first) ඔබේ වෛද්‍යවරයා දරුවා යෝනි මාර්ගයෙන් උපත ලබා ගැනීම නිර්දේශ නොකරයි.
  • ඔබේ දරුවා පැත්තට හැරී transverse (lying sideways) ආකාරයෙන් ඉද්දී වෛද්‍යවරයාට දරුවා හරවන්න නොහැකි වෙනවා නම්.
  • ඔබට නිවුන් දරුවන් ලැබෙන්න ඉන්නවා නම් පළමුවැන්නා breech position එකෙන් පිහිටීම.
  • ඔබේ වැදෑමහෙන් ගැබ්ගෙල අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් ආවරණය කර තිබීම.
  • ඔබට කලින් සිසේරියන් සැත්කමක් කරලා තිබෙනවා නම්.

 

මීට අමතරව ඔබට ගර්භණී සංකූලතා ඇති වුණොත් සිසේරියන් සැත්කමක් සැළසුම් කරන්නත් පුළුවන්. නමුත් සමහර විට ප්‍රසූති අවස්ථාව වෙනකල්ම සිසේරියන් සැත්කමක අවශ්‍යතාවයක් තියනවාද කියලා පැහැදිලිවම කියන්න බෑ. හදිසි අවස්ථාවකදී දරුවා ඉතා ඉක්මණින් ප්‍රසූත කිරීමට අවශ්‍ය වුණාම සිසේරියන් සැත්කමක් අවශ්‍ය වෙනවා.

 

සැත්කම අතරතුර වෙන්නේ මොකක්ද ?

 

පළමුවෙන්ම ඔබට සාමාන්‍යයෙන් එපිඩියුරල් වගේ නිර්වින්දනයක් ලැබෙයි. එයින් ඔබේ ශරීරයේ පහළ කොටස හිරි වට්ටයි. ඒකෙන් ඔබට පුළුවන් මෙහෙයුම පුරාම අවදියෙන් ඉන්න. සමහර විට හදිසි සිසේරියන් සැත්කම් නම් සාමාන්‍ය නිර්වින්දනය යටතේ කරන්න වෙනවා. එයින් අදහස් වන්නේ දරු උපතේදී ඔබ පියවි සිහියෙන් නොසිටින බවයි.

 

මෙහිදී ඔබේ බඩ පිරිසිදු කෙරෙන අතර මුත්‍රා එකතු කිරීම සඳහා කැතීටරයක් ලෙස හැඳින්වෙන නලයක් ඔබේ මුත්‍රාශයට ඇතුල් කරනවා. දියර හා ඖෂධ ලබා දීම සඳහා ඔබේ අතේ නහර (IV) රේඛා හරහා ඇතුල් කරයි.

 

ඉන්පසුව ඔබේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා ඔබේ උදරයේ බිත්තිය හරහා කැපුමක් සිදු කරයි. ඔබේ දරුවා ඉතා ඉක්මණින් ප්‍රසූත කිරීමට අවශ්‍ය නම්, කප්පාදුව නාභියට පහළින් ඉඳන් යුනිකාස්ථියට (pubic) ඉහළින් සිරස් අතට කපන්න පුළුවන්. එතකොට වෛද්‍යවරයා විසින් මේද පටක හා මාංශ පේශි ස්ථර හරහා කැපීම් කරමින් අවසානයේදී ගර්භාෂය හරහා ද කැපීම සිදු කරනවා.

 

කැපීම් අවසන් වුණාට පස්සේ දරුවාව එළියට ගන්නවා. ඉන්පසුව පෙකණි වැල කපලා වෛද්‍යවරයා දරුවාගේ නාසයෙන් හා මුඛයෙන් තරල ඉවත් කරනවා. ඔබ අවදියෙන් ඉන්නවා නම් ඔවුන් විසින් ඔබට පෙනෙන විදිහට ඔබේ දරුවාව ඔසවා තබයි. ඉන්පසු ඔවුන් විසින් වැදෑමහ ඉවත් කරලා කපපු ස්ථාන වලට මැහුම් හෝ ස්ටේප්ල්ස් යොදා වසා දමනවා.

 

මේ වෙලාවට ඔබ අවදියෙන් ඉන්නවා නම් ඔබට ඇදීම් හා තල්ලු කිරීම් දැනෙන්න පුළුවන් නමුත් වේදනාවක් දැනෙන්නේ නෑ. ඔබට තරලය ඉවත් කරන ශබ්දය පවා ඇසේවි. සිදුවන්නේ කුමක්ද කියලා ඔබට නොපෙනෙන විදිහට තිරයක් ඔබේ පපුව හරහා තබයි.

 

මෙම සැත්කම සඳහා මිනිත්තු 30 ත් 40 ත් අතර කාලයක් ගත වන අතර සාමාන්‍යයෙන් පළමු මිනිත්තු 10 තුළ දරුවා උපත ලබනවා. ඔබ අවදියෙන් ඉන්නවා නම් ඔබට ඉක්මණින්ම ඔබේ දරුවා දැක ගන්න පුළුවන් වෙනවා.

 

ප්‍රසූතිකාගාරයේ සිටින්නේ කවුද?

සිසේරියන් සැත්කමකදී ඔබේ සහකරුට හෝ සහායකයෙක්ට සාමාන්‍යයෙන් ඔබ සමඟ ඉන්න පුළුවන්. පහත වෛද්‍ය කාර්ය මණ්ඩලයක් ද ඉන්නවා.

 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා- දරුවා බිහි කිරීමේ සැත්කම සිදු කරයි.

නිර්වින්දන විශේෂඥ්‍යයා – නිර්වින්දන කටයුතු පරිපාලනය කරයි.

scrub හෙදිය – ප්‍රසව හා නාරිවේද විශේෂඥයා වෙත උපකරණ ලබා දීම.

scout හෙදිය – scrub හෙදියට සහාය වීම.

නිර්වින්දන හෙදිය – නිර්වින්දන වෛද්‍යවරයාට සහාය වීම.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා – උපතින් පසු දරුවා බලා ගනී.

මිඩ් වයිෆ් – ඉපදුණු පසුව දරුවා ලබාගෙන ඔබ නැවත වාට්ටුවට යන තෙක් දරුවා බලා ගනී.

තියටර් කාර්මික ශිල්පීන් – සැත්කම අතරතුර තියටර් එක රැක බලා ගන්නා අතර සැත්කම් මේසය මත සහ පිටතදී ඔබට උපකාර කරයි.

 

වේදනා නාශක විකල්ප

සිසේරියන් සැත්කම් සඳහා භාවිතා කරන නිර්වින්දන වර්ග වෙනස් වෙනවා. ඔබේ වෛද්‍යවරයා ඔබට වඩාත් සුදුසු දේ තෝරා දෙයි.

 

එපිඩියුරල් 

ඔබට එපිඩියුරල් එකක් දෙනකොට ඔබට නිර්වින්දනයක් ලබා දෙයි. එතකොට ඔබේ පිටුපස කොඳු ඇට පෙළ අසල කුහරයට ඉඳිකටුවක් සහ කුඩා නම්‍යශීලී කැතීටරයක් ඇතුල් කරනු ලබනවා. ඉඳිකටුව ඉවත් කර කැතීටරය තබයි. නිර්වින්දන ඖෂධය කැතීටරය හරහා එන්නත් කරන අතර පසුව එය ඉහළට ඔසවා තබන්න පුළුවන්.

 

Spinal block

එපිඩියුරල් වලට සමානවම කොඳු ඇට පෙළ වටා නිර්වින්දන මාත්‍රාවක් සෘජුවම මස්තිෂ්ක ද්‍රවයට එන්නත් කරනවා. ඔබ ඉතා ඉක්මණින් ඔබව හිරි වැටීමට ලක් වෙයි. නමුත් නිර්වින්දන ප්‍රමාණය ඉහළ දමන්න බෑ.

සාමාන්‍ය නිර්වින්දනය

නිර්වින්දනය ක්‍රියා කරන්නේ නැත්නම්, නිර්වින්දනයක් සඳහා කාලයක් නැත්නම්, ළදරුවාගේ ජීවිතයට තර්ජනයක් තිබේනවා නම් හෝ සාමාන්‍ය නිර්වින්දකයක් ඔබ ඉල්ලුවොත් වෛද්‍යවරු විසින් සාමාන්‍ය නිර්වින්දනයක් ලබා දෙන්න පුළුවන්.

 

අවදානම් සහ සංකූලතා

සිසේරියන් සැත්කම් ආරක්ෂිතයි. නමුත් එය ප්‍රධාන ගණයේ ශල්‍යකර්මයක් වන අතර සියලු සැත්කම් වගේම මෙහිදී ද අවදානම් තිබෙනවා. ඒවාට ඇතුළත් වන්නේ:

 

  • අධික රුධිර වහනය
  • රුධිර කැටි ගැසීම්
  • තුවාලයේ ආසාදනය
  • නිර්වින්දනය සමඟ ගැටළු
  • මුත්‍රාශය වගේ ගර්භාෂය අසල ඇති අනෙකුත් අවයව වලට හානි වෙන්න පුළුවන්.

 

ඔබ අධික බරින් යුක්ත නම් මෙම අවදානම් සියල්ලම වැඩි වෙන්න පුළුවන්. සිසේරියන් සැත්කමක් කිරීමේදී යෝනි උපතකින් සුවය ලබනවාට වඩා වැඩි කාලයක් ගත වෙනවා. ඔබට සිසේරියන් සැත්කමක් කළා නම් ඔබේ අනාගත ගැබ් ගැනීම් සඳහා ද වැඩි අවදානමක් තිබෙන අතර අනාගත සිසේරියන් සැත්කම් සමඟ ද ඒ අවදානම සම්බන්ධයි.

 

සමහර විට සිසේරියන් සැත්කමකින් උපත ලබන ළදරුවන්ට තාවකාලිකව හුස්ම ගැනීමේ අපහසුතා ද ඇති වෙන්න පුළුවන්. මිඩ් වයිෆ් සහ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා ඔබේ දරුවා බලා ගනීවි. ශල්‍යකර්මයේදී දරුවා ද කැපීම් වලට ලක් වීමේ ඉතා කුඩා අවස්ථාවන් තිබෙනවා. එය සාමාන්‍යයෙන් ගැඹුරු නොවන කුඩා කැපීමක් වන අතර එය ස්වභාවිකව සුවවෙනව.