Search here...
TOP
මව සහ ගර්භනී සම​ය

ගර්භනී සමයේදි සිරැරේ බර අඩුකර ගැනීමට උත්සාහ කරන්න පුළුවන්ද?

ගැබ් ගැනීමත් සමග බොහෝ දෙනා උපදෙස් දෙන්නේ “දැන් ඉතින් දෙන්නෙක්ට සෑහෙන්න හොඳට කන්න ඕන” කියලයි. නමුත් ඔබගේ සිරැරේ බර නියමිත ප්‍රමාණයට වඩා වැඩියි නම් ඔබ කුමක්ද කළ යුත්තේ.. ගර්භනී සමයේදි ඇත්තටම සිරැරේ බර අඩුකර ගැනීමට උත්සාහ කරන්න පුලුවන්ද?

ගර්භනී සමයේ මුල් මාස කිහිපය තුළ ඇතිවන ආහාර අරුචිය සහ උදෑසන අසනීප තත්ත්ව නිසා ඇතැම් කන්තාවන්ගේ සිරැරේ බර අඩුවෙනවා. නමුත් එය සාමාන්‍යයෙන් දෙවන ත්‍රෛමාසිකය වන විට ක්‍රමාණුකූලව වැඩිවෙනවා. නමුත් ගර්භනී සමයේ ඔබ අතිශයින් තරබාරු වීම ඔබට වෙනත් සංකූලතා ඇතිවීම කෙරෙහි හේතු වෙනවා.

ගර්භනී සමය සහ සිරැරේ බර අඩුවීම

වෛද්‍යවරුන් සහ පෝශණවේදින් ගර්භනී සමයේදී බර අඩුකිරීම නිර්දේශ කරන්නේ නැහැ. නමුත් කලාතුරකින් මව අතිශයින් තරබාරු අවස්ථාවකදී පමණක් ප්‍රසූතියේදි සංකූලතා ඇතිවිය හැකි බැවින් බර අඩුකර ගැනීමට උපදෙස් ලබාදීමට පුලුවන්. විශේෂයෙන් ගර්භනී සමයේදී සිරැරේ බර රාත්තල් 300ට වඩා වැඩිවීම අනතුරුදායක බවයි වෛද්‍යවරුන් පවසන්නෙ. නමුත් ඔබ තරබාරු අයෙක් නම් ගර්භනී සමයේ අනිසි බියක් ඇතිකරගත යුතු නැහැ. දෛනිකව සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ ව්‍යායාම රටාවක් පවත්වාගැනීමෙන් ඔබට නිරෝගිභාවය තහවුරු කරගැනීමට පුලුවන්.

මවගේ සිරැරේ බර අඩුවීම දරුවාට බලපානවද?

ගර්භනී සමයේදි සිරැරේ බර අධික ලෙස අඩුකර ගැනීම වෛද්‍යවරුන් අනුමත නොකරන්නේ එමගින් දරුවාට අනතුරක් වීමට ඉඩ තිබෙනා නිසයි. මවගේ සිරැරේ බර අධික ලෙස අඩුකර ගැනීම මගින් දරුවාගේ වර්ධනය අඩාල වෙනවා. එමෙන්ම එය අඩු බර දරු උපත් සඳහාද හේතු වෙනවා.

  • ගර්භනී සමයේ සිරැරෙ බර අඩුකර ගැනීමෙන් ඇතිවෙන අවධානම් තත්ත්ව
  • කුස තුළ සිටින දරුවාගේ වර්ධනය අඩාල වීම සහ නවජ දරුවන්ගේ රෝගාබාධ වැඩිවිම සහ උපත් මරණ සිදුවීමේ අවධානම
  • නොමේරු දරු උපත් ඇතිවීම
  • ළදරු මරණ ඇතිවීමේ අවධානම

ඔබට බර අඩුකර ගැනීම ආරම්භ කළ හැක්කේ කවදාද?

දරු ප්‍රසූතියෙන් පසුව ඔබගේ සිරැරේ බර අඩු කර ගැනීමට උත්සාහ කල යුත්තේ කවදාද යන්න පිළිබඳව ඔබගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගැනීම වැදගත් වෙනවා. දරු ප්‍රසූතියෙන් සති කිහිපයක් ගත වූ පසු ඔබට ඒ සඳහා උත්සාහ කල හැකියි. සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියෙන් පසුව ක්‍රමයෙන් ඔබගේ සිරැරේ බර අඩුවීම ආරම්භ වෙනවා. විශේෂයෙන් ඔබ දරුවා පෝශණය කරන විට මේදය අඩුවීම ආරම්භ වෙනවා. නමුත් ඒත් සමගම ඔබ පෝෂණීය සමබර ආහාර වේලක් ලබාගැනීම ආරම්භ කළයුතු වෙනවා.

ගර්භනී සමයේ සිරැරේ බර සම්බන්ධයෙන් ඔබට ගත හැකි ආරක්ෂිත පියවර

පෝෂ්‍ය පදාර්ථ බහුල, සමබර ආහාර වේලක් ලබාගැනීම

විශේෂයෙන් ක්ෂණික ආහාර සහ සකස් කල ආහාර සීමා කිරීම සහ හැකිතාක් නැවුම් එළවලු සහ පළතුරු පරිභෝජනය වැඩිකල යුතු වෙනවා. ඒ වගේම පිෂ්ඨය අඩංගු ආහාර ප්‍රමාණය අඩුකිරීමත් ඔබ කල යුතුයි.

නිතිපතා ව්‍යායාමයන් හි නිරත වීම

දරු උපතින් සති කිහිපයක් ගතවූ පසු ඇවිදීම, පිහිනීම, ගෙවතු වගාව සහ බයිසිකල් පැදීම, යෝග අභ්‍යාසයන් හි නිරතවීම වැනි ව්‍යායාම‍යන් හි නියැළීමට කාලය වෙන් කල යුතුයි. එමෙන්ම ගර්භනි සමයේද ඔබට ආරක්ශිතව ව්‍යායාමයන් හි නියැළීමට පුලුවන්.. නමුත් ඔබට කුමන ආකාරයේ ව්‍යායාම් වඩාත් සුදුසුද යන්න පිළිබඳව වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගැනීමටත් ඔබට පුළුවන්.

පෝෂණවේදියෙකුගේ උපදෙස් ලබාගැනීම

ගර්භනි සමයේදි ඔබගේ සිරැරෙ බර පිළිබඳව සහ ඔබ ගන්නා ආහාර වේල් පිළිබඳව පෝෂණවේදියෙකුගේ උපදෙස් ලබාගැනීම ඔබ කලයුතුයි. එමගින් ඔබට සහ කුසතුළ සිටින දරුවාට අවශ්‍ය පෝෂණය අඛණ්ඩව ලබාගැනීම තහවුරු වෙනවා.

කාන්තාවන් සෑමවිටම තම පෙනුම පිළිබඳව සැලකිලිමත් වෙනවා. විශේෂයෙන් තරබාරු නොවන සිහින් සිරැරක් සෑම විටම ඔවුන් අපේක්ෂා කරනවා. එය ගර්භනී සමයේ කියා වෙනසක් නැහැ. නමුත් ගර්භනී සමයේ අනවශ්‍ය අවධානමක් ගෙන සිරැරේ බර අඩුකර ගැනීමට යාමට සුදුසු නැහැ.. ගර්භනී සමයේ ඔබගේ සිරැරේ බර පිළිබඳව යම් ගැටළුවක් තිබෙනවා නම් ඔබගේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසු වෙනවා.

«

»