දරුවාගේ කිරි දත් හැලෙනවාද? එහෙනම් මේ ලිපිය ඔබටයි

කිරි දත් හැලීම ඔයාගේ දරුවාගේ වර්ධනය සම්බන්ධ විශාල සන්ධිස්ථානයක්. දරුවන්ට හුරු පුරුදු වී ඇති කිරි දත් අහිමි වීම නිසා දරුවන් නොසන්සුන් විය හැක. නමුත් ස්ථිර වැඩිහිටි දත් පැමිණීම ඔවුන්ට වැදගත් අත්දැකීමක් වෙන්න පුළුවන්. ළදරුවන්ගේ දත් හැලීම පටන් ගන්නා විට නිසි දන්ත වෛද්‍ය ක්‍රමෝපායන් ලබා දීමට දෙමාපියන්ට අවශ්‍ය වෙනවා. තම දරුවා කිරි දත් හැලීමට පටන් ගන්නා විට දෙමාපියන් දැනගත යුතු වැදගත් උපදෙස් කිහිපයක් මෙන්න.

 

මූලික කරුණු

ළදරුවන්ට දත් හැලීමට පටන් ගන්නා දිනය නිශ්චිතවම නියම කරන්න බැහැ. බොහෝ විට පළමු දත වයස අවුරුදු හයේදී පමණ වැටෙනු ඇතැයි අපේක්ෂා කරනවා. ඉදිරිපස පිහිටා ඇති දත් සාමාන්‍යයෙන් පළමුවෙන් වැටෙන අතර අනෙකුත් දත්, සාමාන්‍යයෙන්  වයස අවුරුදු දොළහ පමණ වන විට හැළෙනවා. දත් හැලීමට නිශ්චිත දිනයක් නැති නිසා දරුවාගේ දත් හැලීම පමා වෙනවා නම් කරදර විය යුතු නැහැ. ඒ වගේම දතක් ලිහිල් වීමට පටන් ගත් පසු, එය ඉක්මණින් වැටෙන්නට පුළුවන් නැතහොත් සති ගණනාවක් ගත වෙන්නත් ඉඩ තියෙනවා. 

මෙම සියලු කරුණු දැන ගෙන ක්‍රියාවලිය ආරම්භ වූ වහාම ඉටු කළ යුතු දේ සහ ඔයාගේ දරුවා සනසන්නේ කෙසේද යන්න දැන ගැනීමට මේ ලිපියෙන් කියලා දෙනවා.

 

සංවර්ධන ගැටළු

බොහෝ අවස්ථාවන්හීදී ළදරුවන්ගේ කිරි දත් හැලී වැඩිහිටි දත් පැමිණීමේදී දෙමාපියන් කරදර විය යුතු නැතත්, මුල් දින කිහිපයේදීම ප්‍රවේශම් කරන්න ඕනේ.

පළමුවෙන්ම, ඔයාගේ දරුවාගේ වයසට කලින්ම කිරි දතක් අහිමි වුවහොත්, එය පරීක්ෂා කර බැලීම සඳහා ඔවුන් දන්ත වෛද්‍යවරයා වෙත ගෙන යාම වඩාත් සුදුසුයි. මොකද සමහර අවස්ථාවලදී දිරාපත් වීම හෝ හානිවීම වැනි හේතුන් නිසා දරුවාට දත අහිමි විය හැකි අතර, එය තවදුරටත් රැකබලා නොගන්නේ නම් මෙය අනාගත සංවර්ධනයට බලපෑමක් ඇති කරනවා. 

අනෙක් අනතුරු ඇඟවීමේ සංඥව නම් කිරි දත වැටීමෙන් පසු වැඩිහිටි දත පැමිණීමට කොපමණ කාලයක් ගතවේද යන්නයි. එම වැඩිහිටි දත දිස්වීමට මාස හයක් හෝ ඊට වැඩි කාලයක් ගත වුවහොත්, වෛද්‍ය උපදෙස් ලබාගන්න වග බලාගන්න.

 

රැකවරණය

ළදරු දත් ගැල වුණු විටදී අවශ්‍ය සත්කාර උපදෙස් කිහිපයක් මෙන්න. පළමුවෙන්ම, දරුවාගේ දතක් ගැල වූණු විට, යම් ලේ ගැලීමක් සිදුවීම ස්වාභාවිකයි. එමගින් පිට වන රුධිරය ගැන කලබලයක් ඇති කර ගන්න එපා. සන්සුන් වාතාවරණයක් ඇති කිරීමට වග බලා ගන්න. මෙයට පිළියමක් ලෙස දරුවාට උණුසුම් ජලය මුඛය සෝදන්න. නැතහොත් දත ගැලවී ගිය පසු උණුසුම් ජලය පොඟවා ගත් රෙදි කඩකින් එම ප්‍රදේශය පිරිසිදු කර ගන්න පුළුවන්.

දත් ගැලවී ගිය පසු සාමාන්‍ය දත් මැදීම වැනි පුරුදු නැවත ආරම්භ කිරීමට අවශ්‍ය වෙනවා. නමුත් ගැලවුණු දතෙහි ප්‍රදේශය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න එපා. එයින් අදහස් කරන්නේ සමහර දරුවන්ට දත් මැදිමේදී තදින් මදින්නට ප්‍රවණතාවක් ඇති අතර මෙමගින් විදුරුමස් මත අපහසුතාවයක් හෝ වේදනාවක් ඇති කරයි. ඒ නිසා දරුවා ඊළඟ වතාවේ දත් මදින විට ප්‍රවේශම් කර ගන්න. දින කිහිපයක් තිස්සේ දත වැටී ඇති සංවේදී ප්‍රදේශය මඟ හරින්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න.

 

දත් හැලීම සාමාන්‍ය දෙයක් 

දරුවන්ට දත් හැලීම ස්වාභාවික නමුත් සමහරු ළමයින් පාසැල් යන්න වැඩිය කැමති නැහැ. දත්වල ඇති පරතරය නිසා ලැජ්ජාවට පත් වෙනවා. ඒ නිසා සෑම දරුවෙකුගේම මේ ආකාරයට දත් හැලෙන බව පැහැදිලි කිරීම වැදගත් වන අතර හිඩස පිරවීමට නව දතක් එන බව කියන්න. වැඩිහිටි දත් ස්ථීර බව මතක් කිරීමටත් මෙය හොඳ කාලයක්. මේ කාලයේදී නිසි දන්ත පුරුදු වෙන කවරදාටත් වඩා අනුගමනය කිරීම වැදගත්.

 

කිරි දත් පිළිබඳ සිතුවිලි

දරුවාට දත් හැලීම සිත්ගන්නාසුලු අත්දැකීමක් විය හැකි අතර, එය නිසැකවම දරුවන්ට මඟ පෙන්වීමට අවශ්‍ය වනවා. ඉතිං එක් එක් දත් හැලීම දරුවා සමඟ සමරන්න, එම ක්‍රියාවලිය ස්වභාවික බව ඔවුන් තේරුම් ගැනීමට ඉඩ දෙන්න. අවසාන වශයෙන්, නිසි දන්ත වෛද්‍ය ප්‍රතිකාර පුරුදු දැන් දරුවන් තුළ ඇති කිරීමට අමතක කරන්න එපා. දරුවාගේ වැඩිහිටි දත් නිසි ලෙස එන්නේ නැහැ කියලා ඔයා සිතන්නේ නම්, වෛද්‍ය උපදෙස් ලබාගන්න පැකිලෙන්න එපා.