ලොකු පොඩි කාටත් ගුණ කැරට් සුප් එකක් මෙහෙම හදමු

කැරට් කියන්නෙ විටමින් වලින් අනූන ඉතාම ගුණ එළවළුවක්. ඉතින් පුංචි පැංචොන්ට වගේම ගර්භණී අයටත් කැරට් වලින් ගොඩක් හොඳ පෝෂණයක් ලැබෙනවා. අද අපි අරන් ආවෙ කැරට් වලින් රසම රස සුප් එකක් හදාගන්න හැටි.

 

කැරට් සුප්

අවශ් ද්රව්

 

  1. කැරට් අලයක්
  2. සුදුළූණු
  3. කරාබු නැටි 2 ක්
  4. ඉඟුරු කැබලි
  5. සිහින්ව කපාගත් ළූණු
  6. තෙල් තේ හැඳි 2
  7. වතුර කෝප්ප 2
  8. ගම්මිරිස් තේ හැඳි 1
  9. ෆ්රෙශ් ක්රීම් තේ හැඳි 1

 

සාදාගන්නා ආකාරය

 

  • භාජනයක් ලිප තබා තෙල් රත් කර ඉඟුරු සහ සුදුළූණු එක් කරන්න
  • ළූණු එකතු කර තවත් විනාඩියක් හෝ රන්වන් පාට වනතුරු බදින්න
  • එයට කැරට් සහ ලුණු සහ වතුර භාගයක් එක් කරන්න
  • හොඳින් තැම්බුණාට පස්සෙ බ්ලෙන්ඩරයට දමා මෘදු තලපයක් සකසා ගන්න.
  • ඒක නැවත භාජනයකට දාලා ඉතුරු වතුර එක්කර එය නටන විට ගම්මිරිස් එක්කරන්න
  • අන්තිමට ෆ්රෙශ් ක්රීම් එක්කර රස විඳින්න