කෝලිෆ්ලවර් එහෙම නැත්නම් ගෝවාමල් කියන්නෙ රස වගේම ගුණ කෑමක් කියල අම්මල වුණ අපි දන්නවනෙ. ඒ වුණාට පොඩ්ඩන්ට නම් මේ එළවළුව කවාගන්න එච්චර ලේසි නෑ. උයලම දෙන්නෙ නැතුව මෙහෙම වෙනස් විදියකට රසට හදලා දුන්නොත් නම් ඔන්න බෑ නොකියා කයි. බලන්නකො මෙහෙම හදලා එහෙනම්.
Cauliflower Sweet Chili Sauce
අවශ්‍ය ද්‍රව්‍ය
- ගෝවාමල් කෝප්ප 1
- ලුණු හා ගම්මිරිස්කුඩු
- කෝන්ෆ්ලා මේස හැඳි 2
- පාන්පිටි තේ හැඳි 4
- වතුර
- බිස්කට් කුඩු කෝප්ප 1/2
- බැදීමට තෙල්
- තල ඇට ටිකක්
සෝස් එකට
- තෙල් මේස හැඳි 2
- තලාගත් ඉඟුරු හා සුදුළූණු තේ හැඳි 2
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- චොප්කරගත් ළූණු 2
- සෝයාසෝස් තේ හැඳි 1/2
- ස්වීට් චිලී සෝස් කෝප්ප 1
- කෝලිෆ්ලවර් සෝදලා තරමක කෑලි කපලා වතුර දාලා රස අනුව ලුණු දාලා තම්බගන්න. හොඳට තැම්බුනාම වතුර පෙරලා ගම්මිරිස්කුඩු, කෝන්ෆ්ලා හා පාන්පිටි දාලා කලවම් කරගන්න. මේකට වතුර යන්තම් දාලා හොඳට කලවම් කරගන්න. කෝලිෆ්ලවර් ටික බිස්කට්කුඩු වල තවරලා ගැඹුරු තෙලේ බැදගන්න.
- වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා තලාගත් ඉඟුරු හා සුදුළූණු ටික දාගන්න. මේකට කපාගත් අමුමිරිස් ටිකත් දාලා හොඳට තෙම්පරාදු කරගන්න.
- ඊළඟට ළූණු ටික දාලා තෙම්පරාදු කරගන්න. මේකට සෝයාසෝස් හා ස්වීට් චිලී සෝස් දාලා විනාඩි තුනක් විතර පිසගන්න. ඒකට කෝලිෆ්ලවර් ටික දාලා කලවම් කරගන්න. උඩින් තල ඇට ඉහලා ලිප ඕෆ් කරගන්න.